තුංගසිරි අදටත් විකුනන බුදු දහම

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    තුංගසිරි අදටත් විකුනන බුදු දහම

    ඊයේ දිනයේ මාධ්‍යන් කීපයකම පළවුණු ප්‍රවෘත්තියක් තමයි “බුදුන් වැඳීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.”

    මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නැමැති අම්පාර – පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

    ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලීසිය වෙත පැමිණිලි කළ බවත්.ඒ අනුව එහි අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳීමටද සිදුවූ බවත්ය.


    ලංකාවට පැමිණි තුංගසිරි තම පවුලේ උදවිය සමඟ

    නමුත් සෞදි අරාබියාවේ රියාද් නුවරේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ ෆෑස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මේ අයුරින්:

    දින දෙකකට පමණ පෙර ලක්බිම පුවත්පතේ තුංගසිරි ගැන තිබුණු ලිපියක් දැක්කා..මට දැනටත් තියන ගැටළුව තමයි මේ මනුස්සයා තාමත් බුදුන් වැන්දා ය කියන වචනය භාවිතය..
    මම ශ්‍රී ලාංකික බෞද්ධ මම කැමති නැහැ අපේ රටේ මිණිහෙක්ගේ ලේ අනුන්නේ රටක හැලෙනවට සහ දඬුවම් ලබනවාට ..නමුත් කාරණා තුනක් මතක්කර දෙමි..

    පළමුව…
    අප විදේශ ගත වූ පසු අප ශ්‍රී ලංකාව නියෝජනය කරන්නන් වෙමු..එහි ගරුත්වය අප රැකිය යුතුය,අප එය පණ දෙවෙනි කොට රැකිය යුත්තේ අපගේ මිම්මෙන් මුළු රටම මනින නිසාය..තුංගසිරි අපේ රටටත් ජාතියටත් කල අවමාණයට ස්වාභාව ධර්මයාගේ නියත දඬුවමට ලක් විය යුතුය

    දෙවනුව..
    සිරිතුංග බෞධයෙකි..ඔහු අලවි මාධ්‍ය කරගත්තේ නිමල බුදු දහමයි..එය දැඩි පාප කර්මයකි..මිනිස් දෙව් බඹුන් අතරින් උසස් බුදුන් අළවි කිරීම මේ භවයේම පළදෙන අකුසල කර්මයකි එය තුංගසිරිට දඬුවම් දීම අප කාට නැවතිය හැකිද?

    තුන්වනුව…
    විදේශ ගත බොහෝ ශ්‍රමිකයන් සිතන්නේ කෙසේ හෝ මුදල් හම්බකර ගැනීම නම්..ඊට මොන මාධ්‍ය තෝරාගත්තද වරදක් නැතැයි සිතයිනම් ඊටද ස්වාභාවධර්මයාගේ දඬුවම් හිමි විය යුතුවම තිබේ…

    තුංගසිරි “සෙප්පඩවිජ්ජා කාරයෙකි” එය මුළු මහත් රියාද් නගරයම දන්නා කාරනාවකි..මෙහි වසන සියළුම ශ්‍රී ලාංකිකයන් දන්නා කාරනාවකි..එහෙව් පසුබිමක් තුල තවමත් බුදුන් වැන්දායැයි කියන..අදටත් බුදුන් විකුනන මේ අසත්පුරුෂයාට මාධ්‍ය අනුඟ්‍රහය දැක්වීම සිනාවට කාරනාවකි..

    අනෙක් හාස්‍ය ජනක කාරනාවත් දැන් කරලියට පැමින තිබේ.ඊයේ පුවත් පත් සාකච්ඡාවේදි තුංල සිරිගේ බිරිඳ නොකියා කියමින් රිසානාට කල අයුරින් උදව් තමාටත් අවැසි බව කියයි..ගෙයක් මේ අතර ප්‍රධානයි…

    තුංගසිරිට සෞදි රජය මරණ දඬුවම ලබා දී නැත..කස පහර සියයක් ලබා දිය යුතු යැයි තීරණය කොට තිබේ..රියාද් සුපිරි වෙළඳසැල් අසල “සෙප්පඩවිජ්ජා “දමන තුංගසිරි අප කා හටත් පසුගිය වසර කිහිපයක සිට නෙතට හුරු දසුනක් විය…

    කෙනෙකුගේ දුකකදී අපද දුක් වන්නෙමු.නමුදු අපේ රටේ කීර්ති නාමය වනසමින් බුදු දහම විකුණමින් දිවි ගෙවන අයට නම් අප ශාප කරන්නෙමු.හදවතින්ම තුංගසිරිගේ අහිංසක මල් කැකුළු වන් දරුවන් පිළිඹඳව අප කනගාටු වන්නෙමු..ඔහුට තම දරුවන් පිළිඔදව මීට වඩා ගෞරවයෙන් කටයුතු කරන්නට තිබිනි…
    උපුටා ගැනීම
    අපෙන් නිව්ස්


    සබැඳි පුවත්:
    බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට සෞදියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්‌


    තුංගසිරි බුදුන් වැඳීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව කීවත්- එම තොරතුරු අසත්‍යයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බුදුන් වඳින එක වැරදිද දන්න කෙනෙක්‌ මට කියන්න!

    සෞදියේදී බුදුන් වැන්දට
    කස පහර දෙසීයයි... වසරක්‌ හිරේ...

    kasa300.jpg


    තුංංගසිරි කතා කරන්නේය. තුංගසිරි පැමිණියේ සෞදියේ වසරක්‌ බන්ධනාගාරයේ සිටය. කස පහර දෙසීයක්‌ද ලැබ අච්චු විඳය. මේ තුංගසිරි කියන කතාවය.

    ,සෞදි අරාබියේ බුදු පහන් පත්තු කරලා හූනියම්කාරයෙක්‌ කියලා හිරේ දාලා හිටපු පදියතලාවේ තුංගසිරි මම. 2013.05.01 දින මගේ සිර දඬුවම නිමා කරලා ලංකාවට ආවේ. මම බුදුන් වැඳලා හූනියං කළා කියලා තමයි ඒ රටේ ආගමේ නායකයන් මාව හිර කරලා මට දඬුවම් දුන්නේ. අන්තිමට දඬුවම ලෙස වසරක්‌ සිර ගෙදර ඉඳලා අවසානයේ මගේ පිට ප්‍රදේශයට කස පහර 200 ක්‌ දෙන්නත් ඒ රටේ අධිකරණය නියම කළා. හූනියං කරනවා කියන චෝදනාවට තමයි ඒ රටේ අධිකරණය මට දඬුවම් දුන්නේ. ඒත් මේ අපේ රටේ විවිධ කටකතා පැතිරිලා ගියා. ඒ රටේ මම ගෑනු විකුණුවා. හූනියං කරලා මම ගෑනු වශීකර ගත්තා, සුර ගෑනුන්ට විකිණුවා කියලා විවිධ කටකතා පැතිරිලා ගියා.

    නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බුදු පහන් පත්තු කරලා මිනිසුන් වශීකරලා, බන්ධන කරනවා කියලා තමයි මම හූනියම්කාරයෙක්‌ කියලා පොලිස්‌ අත්අඩංගුවට ගත්තෙ. ආගමක්‌ ඇදහීමට මනුස්‌සයෙක්‌ විදියට අයිතියක්‌ අපට තියෙන්න ඕන මොන රටකට ගියත්. එහෙම අයිතියක්‌ නැති මුර්ගයෝ ඉන්න රටකට තමයි අපි සිය දහසක්‌ දෙනා ඉසුරු සොයා ගිහින් අනේකවිධ වද හිංසනවලට ලක්‌වුණේ.

    මා හිරගෙදර හිටපු කාලය තුළ මගේ බිරිඳ, දරුවන් දෙදෙනා, මගේ සහෝදරයන්, මගේ මෑණියන් අන්ත අසරණ වුණා. දුක්‌වින්දා මාව මේකෙන් ගලවගන්න. අම්මා යන්ඩ තිබුණු හැම තැනකටම ඇමැතිවරු, මන්ත්‍රීවරු පස්‌සෙ ගිහින් අපේ පුතා නිදහස්‌ කරලා දෙන්ඩ කියලා ඉල්ලලා තිබුණා.

    මගේ අම්මා වැඳවැටිච්ච නිලධාරියෙක්‌ නෑ. ඩිලාන් පෙරේරා ඇමැතිතුමාගේ කකුල් දෙක අල්ලලා මගේ අම්ම වැඳවැටිලා තියෙනවා පුතා ගෙනත් දෙන්ඩ කියලා. තානාපති කාර්යාල, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වගේ යන්ඩ ඕන හැම තැනටම ගිහින් තිබුණා. ඒ කිසිම තැනකින් පිහිටක්‌ වුණේ නෑ. අඩුම තරමේ මෙන්න මේ මේ දේවල් අපි ඔයාගේ පුතා වෙනුවෙන් කරලා තියෙනවා කියලා කිව්වේ නෑ. අපිව සනසන්ඩ චාටු කථා අපට කිව්වාට නීතිමය වශයෙන් මාව ගෙන්නගන්ඩ කිසිම රාජකාරියක්‌ ඒ අය කළේ නෑ.

    මගේ නංගි බැඳල මහරගම ඉන්නේ. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සමහර නිලධාරීන් නංගිට නම් ජොබ් එකක්‌ දෙන්ඩ කථා කරලා තියෙනවා. එයා ලස්‌සන ඇහැට කනට පේන හින්ද වෙන්ඩ ඇති එයාට ජොබ් දෙන්ඩ කථා කළේ. මගේ බිරිඳට රැකියාවක්‌ දෙන්න ඒ අය කථා කළේ නෑ. අවුරුද්දක්‌ තිස්‌සේ මගේ දෙමාපියන්, බිරිඳ, දරුවො කන්නෙ බොන්නෙ කොහොමද කියලා අඩුගානේ අහන්ඩ බලන්ඩ ඒ නිලධාරීන්ට උවමනා වුණේ නෑ. මා කතා කරන්නේ වේදනාවෙන්. මොකද මගේ ගෙදර අයට හාල් කිලෝ එකක්‌ ගන්න ඒ වෙනකොට සල්ලි තිබුණෙ නෑ.

    විදේශ සේවා නියුක්‌තිකාර්යාංශය හා තානාපති කාර්යාලය මාව බේරලා දෙනවා කියලා විවිධ කතා කියලා තිබුණා. ඒ කිසිවක්‌ වුණේ නෑ. මගේ දඬුවම් කාලය ඉවරවෙලා තමයි මම ලංකාවට ආවේ. ලංකාවට එන්න මගේ ටිකට්‌ එක අනුමත කරගන්ට මට ඉන්දියන්කාරයකුට රුපියල් 20000 ක (විසිදාහක්‌) අල්ලසකුත් දෙන්න වුණා. මට සල්ලි තිබ්බේ නෑ. මම ලංකාවට කතා කරලා මෙහෙන් සල්ලි ගෙන්න ගත්තා. තානාපති කාර්යාලයේ නිලධාරීන් හරියට අපිට රාජකාරි කරනවා නම් අපිට වෙන රටවල මිනිස්‌aසුන්ට අල්ලස්‌ දෙන්ඩ වෙන්නේ නෑ.

    පගාවක්‌ දීලා ගමන් බලපත්‍රය වලංගු කරගෙන මේ රටට ආපු පළවැනි මනුස්‌සයා මම නෙවෙයි. ඔය විදියට තමයි හැමදාම වෙන්නේ. මගේ නංගි සවුදි තානාපති කාර්යාලයට කතා කළාම කියනවාලු නිලධාරීන් අපට නෑ. වාහන අපට නෑ. භාෂා පරිවර්තකයො නෑ කියලා. අපි වෙනුවෙන් කවුද මෙහෙම යනකොට කතා කරන්නෙ. අනික තම ආගම අදහන්ඩ බැරි කෲර මුර්ග පිරිසක්‌ ඉන්න රටකට තමයි අද අපේ රටේ දහස්‌ ගණන් ඉසුරු සොයා මිනිස්‌සු යන්නේ. එහෙම ගිහින් නොවිඳිනා දුක්‌ විඳලා තමයි කීයක්‌ හරි හොයා ගන්නෙ. මේක තමයි ඇත්ත. ගෘහ සේවකයන්ට තමන් සිටින කාමරේ ඉඳල තමන් අදහන ආගම අදහන්ඩ, වඳින්ඩ අද අරාබි රජයෙන් උසාවියෙන් අවසර නෑ. මුස්‌ලිම් අය දිනකට අවස්‌ථා 5 කදි වඳිනවා. ඒ රටේදීත් එයාල රටින් පිට ගියාමත් ලෝකෙ කොහෙ හිටියත් එයාල ඒ සිරිත සිදුකරනවා. කවුරුත් එහෙම කරන්ඩ එපා කියල කිසිම රටකින් තහනම් කරලා නෑ.

    ඒත් මිනිස්‌සු විදිහට අරාබියෙදි අපිට ඒ අයිතිය නෑ.

    සෞදි අරාබියේදී බුදුන් වැඳීම නිසා අත්අඩංගුවට පත්වී, වසරක සිර දඬුවමක්‌ විඳ කස පහරවල් 200 ක්‌ පහර කෑමට ලක්‌ වී දිවයිනට පැමිණි පී. පී. තුංගසිරි (39) එසේ ප්‍රකාශකර සිටියේය. ඔහු දරුවන් දෙදෙනෙක්‌ සිටිනා පියෙකි. හේ 164 A, කැලේළිඳ, වතුයාය, පදියතලාව ලිපිනයේ පදිංචිව සිටී. ඔහු 2009 වසරේ සෞදි රියාද් නගරයේ ගෘහ රියෑදුරු රැකියාව සඳහා රැකියාවට ගියේය. පසුගිය 2012.5.17 දින ඔහු එරට ආගමික පොලිසිය (මුතව්වො) මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

    පසුගිය මැයි (01 දා) බදාදා ඔහු යළිත් ලංකාවට පැමිණියේය. ඔහුට අනුව මේ දුෂ්කර අවස්‌ථාවේ ඔහුට පිහිට වී ඇත්තේ දෙවියන් බුදුන් පමණකි.

    සකුරා ලියනගේ තුංගසිරිගේ නැගණියකි. ඇය දැනට පදිංචි මහරගමය. මේ ඇය කියන කතාවය.

    අයියා හිරේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම සවුදි තානාපති කාර්යාලයට කතා කළා. එතකොට එයාල කිව්වා එහෙම දෙයක්‌ අපිට ආරංචි වුණා, අපි ඒ ගැන හොයලා බලනවා, මේ විෂය ගැන වැඩ කරන මහත්තයාට මම ඔයාලාව සම්බන්ධ කරලා දෙන්නම් කියලා. පස්‌සෙ කෝල් එක වෙන මහත්තයකුට යොමු කළා. එයා අපිට කිව්වා ඔයාලාගේ අයියා කරලා තියෙන වරදට අනුව මේ රටේ ශරියා නීතිය අනුව හිස ගසා දැමීම තමයි කරන්නේ. එහෙම නොකර එයාව බේරගන්aන නම් ලක්‍ෂ 10 ක්‌ විතර වියදම් කරන්න වෙනවා කියලා. මම ඒක කොහෙන් හරි හොයලා දෙන්නම් අපිට උදව් කරන්ඩ කියලා මම එයාට කිව්වා. සකුරා ලියනගේ පවසන්නීය.

    ඒ කාලය තුළ මේ කතාව ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරයවෙලා හැමදෙනාම කතාබහ කරන මාතෘකාවක්‌ බවට පත් වෙලා තිබුණා. ඉන් පස්‌සෙ ආයිමත් දවසක මම තානාපති කාර්යාලයේ ඉන්න අපි ඉස්‌සෙල්ලා කතා කළ මහත්තයාට ගත්තා. ෙµdaන් එකට කතා කළේ නෑ. දවසම ට්‍රයි කළා. පස්‌සෙ අපිට වෙන මහත්තයෙක්‌ කිව්වා දැන් ඒ මහත්තයා මෙහෙ නෑ. එයා ලංකාවට නිවාඩු ගිහින් කියලා.

    අපි ලංකාවේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට කතා කළා. අපි සභාපතිතුමා හම්බවෙන්ඩ ගියා. අපේ දුක එයාට කිව්වා. එතුමා කිව්වා ලක්‍ෂ 10 ක්‌ වගේ මුදලක්‌ වියදම් කරන්ඩ පුළුවන්නම් අයියා වෙනුවෙන් නීතිඥ මහතෙක්‌ යොදවන්ඩ පුළුවන් කියලා. ඒකත් එක්‌ නඩු වාරයකට ලක්‍ෂ 10 ක්‌ කිව්වා. ඒක අපිට ගෙවන්ඩ පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා සර් එක නඩු වාරෙකින් අයියා බේරනවා නම් අපි අපේ මුළු සේසතම තියලා හරි දෙන්නම්, නඩු වාර දෙකක්‌ ගියොත් අපි කොහොමද ඒක ගෙවන්නේ කියලා.

    ඊට පස්‌සෙ එයා රාජ්‍ය නොවන සංවිධානයකට කතා කරලා අපට කියන්නම් කිව්වා. ඒත් එක නීතිඥයෙක්‌වත් ඉදිරිපත් කළේ නෑ. හැමෝම කළේ අපිව රැවැට්‌ටුව එක විතරයි. අපේ අයියා අවුරුද්දක්‌ හිරේ හිටියා බුදුන් වැන්දාට. අපේ අයියාට වුණා වගේ දුකක්‌ කරදරයක්‌ මින් පස්‌සේ මේ රටේ කිසිම කෙනකුට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිනීමරලා හොරකම් කරලා නෙවෙයිනේ අපේ අයියා හිරේ ගියේ බුදුන් වැඳලා.

    තුංගසිරි බුදුන් වඳින්නේය. බුදුන් වැඳ හිරේ යන්නේය. බුදුන් වැඳ හිරේ යන මිනිහෙකු බේරා ගන්නට ඉදිරිපත් වන ගෙදර උදවිය වටේ යන්නේය. තානාපති කාර්යාල වගකීම් පැහැර හරින්නේය.

    කෙසේවෙතත් තුංගසිරි බුදුසරණින් ජීවිතය බේරාගෙන ලංකාවට එන්නේය. අපට හිතෙන්නේ අප කාටත් අන්තිමේදී ඉතිරි වන්නේ බුදුසරණ පමණක්‌ බවය.

    රංජිත් කරුණාවීර - මහියංගණ

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඊයේ දිනයේ මාධ්‍යන් කීපයකම පළවුණු ප්‍රවෘත්තියක් තමයි “බුදුන් වැඳීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.”

    මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නැමැති අම්පාර – පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

    ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලීසිය වෙත පැමිණිලි කළ බවත්.ඒ අනුව එහි අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳීමටද සිදුවූ බවත්ය.


    ලංකාවට පැමිණි තුංගසිරි තම පවුලේ උදවිය සමඟ

    නමුත් සෞදි අරාබියාවේ රියාද් නුවරේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ ෆෑස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මේ අයුරින්:

    දින දෙකකට පමණ පෙර ලක්බිම පුවත්පතේ තුංගසිරි ගැන තිබුණු ලිපියක් දැක්කා..මට දැනටත් තියන ගැටළුව තමයි මේ මනුස්සයා තාමත් බුදුන් වැන්දා ය කියන වචනය භාවිතය..
    මම ශ්‍රී ලාංකික බෞද්ධ මම කැමති නැහැ අපේ රටේ මිණිහෙක්ගේ ලේ අනුන්නේ රටක හැලෙනවට සහ දඬුවම් ලබනවාට ..නමුත් කාරණා තුනක් මතක්කර දෙමි..



    ඔය කියන facebook account එකේ link එක දීපන් බලන්න
     
    Sep 18, 2012
    662
    83
    0


    බුද්ධ ප්‍රතිමාවට වැන්ද නිසා සෞදියෙන් දඬුවම් නෑ


    සෞදි අරාබියේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරීම නිසා අත්අඩංගුවට ගෙන සිරගත කරනලදැයි පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

    ප්‍රේමලාල් පෙරේරලාගේ තුංගසිරි නමැත්තෙකු සිය නවාතැන්පොළේ බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරිම හේතුවෙන් උම්මුල් හමාම්හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇතැයි කොළඹ කේන්ද්‍ර කරගත්"බොදුබල සේනා"නම් සංවිධානයක් විසින් ප්‍රචාරයක් රැගෙන යන ලදී.

    මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් උක්ත සංවිධානය විසින් CN/158/1205 දරණ අංකය යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

    කෙසේ වෙතත් සෞදියේ ශ්‍රී ලංකා තානාපතිසේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තුංගසිරි නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් චෝදනාවන්ට බව හා මෙම පුවත මුළුමනින්ම ගොතන ලද්දක් බවයි.

    සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට ඇති ඔහු වෙනත් නිවසක ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරන ඔහුගේ ඥාතීයෙකු සම්බන්ධයෙන් වූ ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා එකී නිවසට‍ ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ති‍බේ.

    එම සිදුවීමට තම නිවසේ හාම්පුතා කිසිදු ආකාරයකින් සම්බන්ධවී නොමැති බවට තුංගසිරි නමැති ශ්‍රී ලාංකිකයා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රකාශ කර ඇති බවත්,කෙසේ වුවත් මේවන විට සෞදියෙන් යළි මව්රටට එවීම සඳහා ගුවන්ගමන් බලපත්‍රය හා අදාළ ලියවිලි බන්ධනාගාර බලධාරීන්ට භාරදී ඇතැයිද Arab News පුවත් සේවය සඳහන් කරයි.

    රියාද් හා ජෙදාහ් නගරවල පමණක් 20,000ට අධික සිංහල බෞද්ධයින් වෙසක්,පොසොන් ආදී ආගමික උත්සව සමරන බවත්,සමස්ත සෞදි අරාබිය පුරා ලක්ෂ 5 ට අධික ශ්‍රී ලාංකික පිරිසක් වෙසෙන බවත් පෙන්වාදෙන එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,වෙනත් අභිප්‍රායන් සඳහා සැදී පැහැදී සිටින කල්ලි කණ්ඩායම් විසින් කරමින් සිටින එරට නම කැත කිරීමේ කටයුත්තට ඉඩනොදෙන ලෙස ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    http://sinhala.adaderana.lk/news.php?nid=25608




    සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක්‌ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස්‌ බන්ධනාගාරයට ගොස්‌ එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක්‌ කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයකදී සුරයක්‌ අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    http://www.divaina.com/2012/07/11/news24.html
     
    Last edited:

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    දන්නවද ඩුබායි වලටත් අපිට වෙසක් කාර්ඩ් එකක්වත් යවන්න බැරි බව.... පුලුවන්නම් යවල පෙන්නපල්ලකෝ බලන්න යනවද කියල....