තුන් වන ලෝක යුද්ධයක් ඇති විය හැක්කේ ඇයි?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ඉහළ figure 1 එකේ තියෙන්නේ ලෝකයේ අධිරාජ්‍යයක් ඇතිවෙලා ඒකේ ආයු කාලය ගත කරලා බිඳිලා යන කම් ගත වෙන ජීවන චක්‍රය. පහළ figure 2 එකේ තියෙන්නේ ලෝකයේ මෑත වකවානුවේ එසේ ඇති වී, නැති වී ගිය අධිරාජ්‍යයන් ගේ රටාව.
    චීන ගත් කරුවෙකු වූ Luo Guanzhong ගේ Romance of Three Kingdoms පොතේ කියලා තියෙනවා මෙහෙම. " ලෝකයේ බිඳී ගිය අධිරාජ්‍යයන් එකතු වෙයි, කාලයක් එකට තිබූ අධිරාජ්‍යයන් බිඳීයයි. ලෝකය මෙතෙක් පැවැති ස්වභාවය එයයි." අපි මේ ගැන හොයලා බලමු සාධක පේන්න තියෙන මධ්‍යතන යුගයේ පටන්.
    මධ්‍යතන යුගය ඉවර වෙන්නේ සොයා යෑමේ යුගයත් එක්ක. යුරෝපයේ මිනිසුන් නැව්, බෝට්ටු හදා ගෙන ලෝකයේ නුදුටු සම්පත් හොයා ගෙන සත් සමුදුරු තරණය කරලා යටත් විජිත පිහිටුවා ගෙන අධිරාජ්‍යයන් හදන්න පටන් ගන්නවා. යුරෝපයේ ඉන්න රජ පවුල් වලින් පාලනය වෙන, කතෝලික පල්ලියට දැඩි බලය තියෙන රාජ්‍යයන් ඒ ධනය අත්පත් කර ගෙන පෘතුගීසි , ස්පාඤ්ඤය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, එංගලන්තය ආදි දැන් තියෙන රට වල මූලික අවස්ථාව හදනවා. නමුත් මේවා වෙන් කර ගෙන රට වල් විදියට නීතිමය, ස්වෛරීත්වයෙන් කොටස් වෙලා නෑ. ඒ නිසා යුද්ද බොහෝමඇති වුනා. ඔය දෙවැනි රූපයේ කෙළින් අතට අළු පාටින් තියෙන්නේ ඒ යුද්ද.
    පෘතුගීසින් අපේ රටට එන්නේ 1505. ඒ සොයා යෑමේ යුගයේ මුල් අවධියේ. නමුත් ඒ වෙනකොට ඔවුන් යුරෝපයේ අධිරාජ්‍යය නොවෙයි. ස්පාඤ්ඤය හා ප්‍රංශය එහි වඩා ප්‍රභලව හිටියා. මේ ධනය , යටත් විජිත ආදිය වෙන් කරව්ගෙන භුක්ති විඳගන්න බැරි වෙන කොට යුරෝපයේ යුද්ද හට ගන්නවා. අවසානයේ ස්පාඤ්ඤය , පෘතුගීසි , පරාජය කරලා ලන්දේසීන් ගේ පාලනය යුරෝපයේ ප්‍රභල වෙනවා. බලන්න තැඹිලි පාට ඉර. 1648 දී වසර 30 යුද්දයකට පස්සේ ලෝකයේ ප්‍රථම Global Order එක හෙවත් සම්මුතිය හැදෙනවා. ඒකට කිව්වේ Peace of Westphalia කියලා. ඒ ඇති කර ගත්ත සම්මුතියෙන් ලෝකයේ සාමය ආරක්ෂා කර ගන්නවා. ප්‍රභලයා වෙච්චි ලන්දේසීන්ගේ නෙදර්ලන්තය ලෝකයේ ධනවත් අධිරාජ්‍යය හදනවා.
    නමුත් ඒකේ ජීවන චක්‍රය ගෙවෙන කොට ඒ අධිරාජ්‍යයට අනිත් අය අභියෝග කරනවා. යලි යුද්ද හට ගන්නවා. ඒ යුද්ද කාලේ ඉවර වෙන්නේ 1815 දී නැපෝලියානු යුද්ද සමගින් යුරෝපය දෙවනත් කරලා. ලෝක සම්මුතිය බිඳ වැටෙනවා. දැන් ලන්දේසීන් පරයා බ්‍රිතාන්‍යය නැගී සිටිනවා. ලෝක ප්‍රභලයා බවට පත් වෙනවා. ලෝක අධිරාජ්‍යය ලන්දේසීන්ගෙන් තමන්ට උරුම කර ගන්නවා. 1815 දී හදනවා ලෝක සම්මුතියක් ප්‍රභලයාට ඕන විදියට. ඒක හදන්නේ ඕස්ට්‍රියාවේ Vienna වල. ඒකට කිව්වේ Concert of Vienna/Europe කියලා. ඒ සම්මුතියෙන් ලෝකයේ බලය තුලනය කර ගෙන පාලනය වෙනවා. සමගිය පවත්වා ගන්නවා.
    මේ සාමය තවත් ආසන්නව අවුරුදු 100 ක් අරගෙන යනවා. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට අනිත් අය අභියෝග කරන්න ගන්නේ ඊට පස්සේ. 1914 දී පලමු ලෝක යුද්දය එනවා. ඉන් බැට කන බ්‍රිතාන්‍යය දින්නත් සෑහෙන්න දුර්වල වෙනවා. දිනපු අය එකතු වෙලා හදපු සම්මුතිය තමයි ප්‍රංශයේ පැරිස් සමුළුවේ Treaty of Versailles බවට පත් වෙන්නේ. නමුත් මේකෙන් පැරදුන ජර්මනියට වරද පටවලා, ජර්මනියේ සමහර ප්‍රදේශ දිනපු අය පවර ගන්නවා. ජර්මනිය එය දකින්නේ තමන්ට කරපු අසාධාරණයක් ලෙස. මේ වෙලාවෙන ඇමෙරිකාව ගේන අදහසක් තමයි League of Nations කියන ලෝක සංවිධානය. නමුත් ඒකට ඉඩ ලැබෙන්නේ නෑ. මොකද ඇමෙරිකාව එතරම් එවිට ප්‍රභල නෑ.
    පලමු ලෝක යුද්දෙට පස්සේ 1920 දශකයේ ලෝකයේ ආර්ථිකය වේගයෙන් දියුණු වෙනවා. විශේෂයෙන් ඇමෙරිකාව අධි වේගයෙන් ඉහළට එනවා. සාපේක්ෂව දුර්වල බ්‍රිතාන්‍යයට වඩා ඇමෙරිකානු ශක්තිය ඉහළ යනවා. ජර්මනිය දෙවැනි ලෝක යුද්ධයකට යන්නේ මේ අතරේ. දෙවැනි ලෝක යුද්දෙන් යුරෝපය විනාශ වෙනවා. බ්‍රිතාන්‍යය බලය බිඳ වැටිලා ණය වෙනවා. හානි අවම වෙච්චි ඇමෙරිකාව ලෝක බලවතා වෙලා අධිරාජ්‍යයක් හදනවා. නිල් ඉර බලන්න. ලෝක සම්මුතිය හදන්නේ ඒ ඇමෙරිකානු අධිරාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්. League of Nation එක වෙනුවට United Nations එක හදනවා. ලෝක මූල්‍ය වෙළඳපොළ පාලනය කරන්න IMF, WB, WTO හැදෙනවා. දැන් දුවන්නේ ඒක. ඇමෙරිකාවේ peak එක එන්නේ 1960 දශකයේ. ඊට පස්සේ වියට්නාම් යුද්දය, සීතල යුද්දය ආදිය නිසා ඔවුන්ගේ රාජ්‍ය ධනය හානි වෙනවා. 2008 ගොලීය මූල්‍ය අර්බුදයට පස්සේ ඔවුන් බොහෝ දුර්වල වෙනවා. ඒ අතරේ අපි දකිනවා මීළඟ අධිරාජ්‍යය සම්ප්‍රාප්ත වෙනවා. ඒ චීනය.
    චීනය ලෝක ඉතිහාසය පුරාවට ධනවත් විශාල රාජ්‍යයක්. නමුත් 1950 කලින් ගත වුන අවුරුදු 100 ඉතාමත් දුෂ්කර කාලයක් උනා. ඒකට කියන්මේ Century of Humiliation කියලා. ඒ කාලයෙන් පස්සේ තමයි අරගල කරලා කොමියුනිස්ට් පක්ෂය බලය ගන්නේ. 1978 දී Deng Xiaoping ගේ වෙළඳපොළ පරිවර්තන එක්කම චීනය දැන් ලෝක බලවතා මට්ටමට ඇවිත්. රතු ඉර බලන්න. අපි දැන් ඉන්නේ මේ බල හුවමාරුව වෙන යුගයක. මේ බල හුවමාරු නිකම්ම මෙච්චර කල් වෙලා නෑ. ඒවා වෙලා තියෙන්නේ මහා භයානක යුද්ද උඩින්. ලෝක සම්මුතියක් තියෙන එකෙන් වෙනස් එකකට මාරු වෙන කොට යුද්ධ හට ගෙන තියෙනවා ඉතිහාසය පුරාවට. ඒකම තමයි ඒ ලෝක ප්‍රභලයන් හමුදා හලය රැස් කරන්නේ. මුලින් කරන්නේ බලය පෙන්නලා බය කරලා, යටහත් කරන එක. බැරිම තැනකදි තමයි ඇවිලෙන්නේ.
    මේ රටාව නිසා කවදාවත් යුද්ද ඇති වෙන්නේ නෑ කියලා හිතා ගෙන ඉන්න එපා. අපි ටික ටික ලංවෙලා ඉන්නේ මේ ලොකු පරිවර්තනයක් එන කාලෙකට. ඒක සාමකාමීව වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. මේ යුද්ධ එන්න එන්න විනාශ කාරියි, ඒවා දැන් ගෝලීයයි. ඒ අපි තාක්ෂණය අතින් ඉදිරියට ඇවිත් තියෙන නිසා. ලෝකයේ ඕන තැනකට තව තැනක ඉඳලා ගහන්න පුළුවන්.
    දැන් අපි මේ ගොඩනැගෙන චීන අධිරාජ්‍යයට හසු වෙලා ඉවරයි. ආයේ බේර ගන්න දෙයක් නෑ. ලෝක ප්‍රභලයෝ එක්ක අපි බොහෝම පුංචි ජාතියක්. අපිට කල හැක්කේ ඒ අධිරාජ්‍යය තමන්ට ඕන දේ කර ගන්න අතරේ අපිට අයිති ඉතිරි ටික පාවිච්චි කරලා රට ඉදිරියට අර ගන්න එක විතරයි. අපේ ශක්තිය මේ ලෝක අධිරාජ්‍යයේන් ගැලවීමට යොමු කිරීම දැන් ප්‍රායෝගික හෝ නුවණක්කාර නෑ. අපේ මිනිස්සුන්ට ඒ අතරේ හොඳ ජීවිත උරුම කර ගැනීමයි අපේ ක්‍රමය විය යුත්තේ.
    මොන ලෝක අධිරාජ්‍යය හැදුනත් යටත් විජිත තියෙන්නේ සූරා කන්න. ඒකයි අපි තාම දුප්පත්. කවුරුවත් කාටවත් උදව් කරනවා කියලා එකක් නෑ. හැමෝම කරන්නේ තමන්ට වාසි දායක වැඩේ. අපේ රට හදා ගන්න එක අපේ වගකීමක්. අපේ කකුල් දෙකෙන් හිට ගන්න එක අපේ වගකීමක්. ඒක පවතින ගෝලීය තත්ත්ව යටතේ කර ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.
    ඔබේ අදහස් එකතු කරන්න.
    පැතුම් කර්නර්