තුන් සිත පිරිසුදුකොට දුන් දානය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි උක් වත්තක් හිමි එක්තරා පුරුෂයෙකු උක් දඬු මිටියක් කරමත තබාගෙන තවත් උක් දඬු කැබැල්ලක් අනුභව කරමින් ගමන් කළේය. ඔහුගේ පිටු පසින් සිල්වත් උපාසකයෙක් හා බාල දරුවෙක් ද ගමන් ගත්හ. උක් දඬු මිටිය රැගෙන යන පුරුෂයා දුටු බාල දරුවා එයින් එක් කැබැල්ලක් ඉල්ලා උපාසකයාට ඇවිටිලි කළේ ය. දරුවාගේ ඇවිටිලි බස් නිසා උපාසකයා තමා ඉදිරියෙන් උක් දඬු රැගෙන යන පුරුෂයාට කථා කොට එයින් එක් උක් දඬු කැබැල්ලක් දරුවාට ලබාදෙන මෙන් ආයාචනා කළේ ය. ඒ අසා එම පුරුෂයා උපාසකයා සමග කිසිවක් කථා නො කර නෑසුනාක් මෙන් ඉදිරියට ම ගමන් කළේ ය.
    උපාසකයාද නැවත නැවතත් කථා කොට තම දරුවාට උක් දඬු කැබැල්ලක් ලබාදෙන මෙන් ආයාචනා කළේය. ඒ අසා එම පුරුෂයා ඉතා අකැමැත්තෙන් හා අනාදරයෙන් එක් උක් දඬු කැබැල්ලක් පිටු පසට විසි කළේය. උපාසකයා එය අහුලාගෙන තම හඬන දරුවාට දී ඔහු අස්වැසී ය. උක්වතු හිමියා පසු කලෙක කළුරිය කොට දිගුකලක් පුහුණු කළ ලෝභය නිසා ප්‍රේතයෙකු ව උපන්නේ ය. අකැමැත්තෙන් නමුත් උක් දණ්ඩක් දුන් හෙයින් අමුණු තිස් දෙකක් පමණ වපසරිය ඇති මෝල් ගස් මෙන් සරුවට වැඩුණු උක් වනයක් ඔහුට හිමි විය. එසේ වුවද එයින් එක් උක් ගසක් හෝ කපාගෙන අනුභව කිරීමට ඔහුට නොහැකි විය. ඔහු උක් ගසක් කපා ගැනීමට උක් වනයට ගිය විට උක් ගස් ශරීරයේ වැදීමෙන් දරුණු ලෙස පීඩාවට පත් විය.
    විශාල උක් වනයකට හිමිකම් කීවද එයින් එක් උක් ගසක් හෝ අනුභව කිරීමට ඔහුට නොහැකි විය. මෙනිසා බඩ සයින් හා පිපාසාවෙන් පෙළෙමින් එම ප්‍රේතයා මහත් දුක් රැසක් වින්දේ ය. එක් දිනක් රජගහ නුවරට පිඩුසිඟා වඩින මුගලන් මහරහතන් වහන්සේ දුටු ප්‍රේතයා උන්වහන්සේ වෙත ගොස් තමා කළ කවර නම් පාප කර්මයක් නිසා මෙසේ ප්‍රේතව ඉපිද දුක් විඳින්නේ දැයි පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව එකී ප්‍රේතයාගේ පෙර භවය දුටු මුගලන් මහරහතන් වහන්සේ අනාදරයෙන් උක්දඬු කැබැල්ලක් විසිකිරීම නිසා මෙවැනි දුකකට පත්ව ඇති බවත්, එබැවින් පිටුපසින් ගොස් උක් දඬු කපා ගෙන අනුභව කරන ලෙසත් ප්‍රේතයාට දැන්වූ සේක.
    මුගලන් මහතෙරුන්ගේ උපදෙස් පරිදි ප්‍රේතයා පිටුපසින් ගොස් උක් ගස් කපා ගෙන ඇති තරම් අනුභව කොට කුසගින්න හා පිපාසය සංසිඳවා ගත්තේ ය. ඉක්බිති ප්‍රේතයා විසින් මහත් උක් ගසක් ගෙන එය මුගලන් මහරහතන් වහන්සේට ද පූජා කරන ලදි. ප්‍රේතයා කෙරෙහි අනුකම්පා කළ මුගලන් මහරහතන් වහන්සේ එය රැගෙන වේළුවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට පූජා කළසේක.
    බුදුරජාණන් වහන්සේ එය භික්ෂූන් වහන්සේලා සමඟ බෙදාගෙන වළඳා එම පින ප්‍රේතයාට අනුමෝදන් කළ සේක. පින් අනුමෝදන් වීමත් සමඟම ප්‍රේතයා දුකින් නිදහස් වූ අතර සිත් වූ පරිද්දෙන් උක් අනුභව කොට සතුටින් ජීවත්ව පසු කලෙක මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය. මෙම ප්‍රේත කථාව මිනිසුන් අතර ප්‍රචාරය විය. ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ ගැන විමසූහ. තථාගතයන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් ඔවුන්ට ධර්මය දේශනා කළසේක. බණ ඇසූ ඔවුහු මසුරු මළ දුරුකොට දානාදි පින්කම්වල නිරත වූහ.
    යමක් පරිත්‍යාග කරනවිට එය මහත් ආදර ගෞරවයෙන් යුක්තව කළ යුතුය යන්න මෙම පේත කථාවෙන් පෙන්වන ආදර්ශය යි. පරිත්‍යාගය හා දානය ලොව සෑම ආගමක් ම උසස් කොට සලකනු ලැබේ. කවර සමාජයක හෝ සංස්කෘතියක වුව එය උසස් ගුණයක් ලෙස විවාදයකින් තොරව පිළිගෙන ඇත. එහෙත් එම දානය හෝ පරිත්‍යාගය සිදු කළ යුත්තේ අර්ථවත් ආකාරයට ය. මෙම පේත කථාවෙහි එන උක්වතු හිමියා ඉතා අකැමැත්තෙන් උක් දඬු කැබැල්ලක් විසි කිරීම නිසා බොහෝ දුක් වින්දේ ය. කුඩා දරුවකුගේ ඉල්ලීමට සානුකම්පිත වීමට තරම්වත් පරිත්‍යාගශීලි හදවතක් ඔහු කෙරෙහි නොවීය.
    එයින් පෙනෙන්නේ ඔහු තද මසුරෙකු බවයි. දානය හෝ පරිත්‍යාගය කරදරයක් ලෙස සිතා කටයුතු කළ නිසයි අකැමැත්තෙන් එය විසිකරන ලද්දේ. පරිත්‍යාගයට අනුරූපීව විශාල උක් වනයකට හිමිකම් කිවහැකි වුවද ඒවා සතුටින් භුක්තිවිඳීමට තරම් භාග්‍යයක් ඔහුට නො තිබුණි. ඇතැම් විට මෙවැනි පුද්ගලයන් අපටද හමුවිය හැකිය. විශාල ධනයකට හිමි කම් කීව ද, ඒවා භුක්ති විඳීමේ භාග්‍ය නොමැති අය වෙති. එයින් තම ජීවිතය ආලෝකමත්කරගත නො හැකි අය වෙති. කුමන හෝ පිනක් නිසා විශාල ධන සම්පතකට හිමිකම් කිවත් ඔවුනගේ එම ධනයෙන් අන් අයට තබා ඔවුන්ටද පිහිටක් ලබාගත නො හැකි ය.
    මෙම පේත කථාවෙන් පෙන්වා දෙන ඉතා ම වැදගත් ආදර්ශය නම් යමක් පරිත්‍යාග කරන විට එය ඉතාමත් ආදර ගෞරවයෙන් සිදු කළ යුතු බවය. සත්පුරුෂයෙකු දන්දෙන ආකාරය අංගුත්තර අට්ඨක නිපාතයේ එන දාන වග්ගයේ ඇතුළත් සප්පුරිසදාන සූත්‍රයේ මැනවින් විස්තරකර තිබේ. ඒ අනුව සත් පුරුෂයා යමක් පරිත්‍යාග (දාන) කරනවිට කරුණු නවයක් කෙරෙහි සැලකිලිමත් වෙමින් එය සිදුකරයි. සකසා දන් දීම, සියතින් සකස්කොට දීම, ගෞරවාන්විතව දන් දීම, පිරිසුදුව මනාව සකස්කොට දන් දීම, කර්මඵල විශ්වාසයෙන් යුක්තව දන් දීම, ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දීම, සුදුසු කාලයේ දන් දීම, දෙන දේ පිළිබඳව ආශාව අත්හැර දන් දීම, තමන්ගේ ද ප්‍රතිග්‍රාහකයාගේද ගුණ ගැන සලකා දන් දීම යනු ඒ කරුණු නමයයි.
    මෙම කරුණු නවයෙන් පෙන්වා දෙන්නේ යමක් පරිත්‍යාගකරන කොට එය සිදුකිරීමේ නිවැරැදි පිළිවෙතයි. එය වදයක් කොට සලකා සිදුකරන්නේ නම්, එයින් නිසි ඵල නෙළාගත නොහැකි බව ඉහතින් දැක් වූ පේත කථාවෙන් පැහැදිලි වේ.
    බුදුදහමට අනුව දෙනු ලබන වස්තුවට වඩා වැදගත් වන්නේ එය පිරිනමන ආකාරය හා එයට බලපාන මානසික ස්වභාවය යි. දෙන දෙය කුඩා දෙයක් වුවද එය මහත් ගෞරවයකින් පරිත්‍යාග කළ යුතු ය. මිනිසුන්ට පමණක් නොව තිරිසන් ගත සත්වයෙකුට වුව යම් ආහාරයක් දෙන්නේ නම්, එය එම සතාට පහසුවෙන් අනුභව කළ හැකි ආකාරයට ලබා දිය යුතුයි. යමක් දෙන විට එය කො තරම් සද්භාවයකින් සිදුකරන්නක්ද යන්න එය දෙන ආකාරයෙන් වටහාගත හැකි ය. පිරිසුදු මනසින් යුතුව යමක් පරිත්‍යාග කරන්නේ නම් එය නිරායාසයෙන් ම ගෞරවනීය ආකාරයෙන් සිදුවනු නො අනුමාන ය.
    “තුන් සිත පිරිසුදුකොට දුන් දානය- උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය” යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන්නේ දන් දීමට පළමුවත් (පූර්ව චේතනා) දෙන අවස්ථාවේදීත් (මුඤ්චන චේතනා) දානය දීමෙන් පසුවත් (අපර චේතනා) යන අවස්ථා තුනෙහිම පිරිසුදු සිතින් එය කළ යුතුබවයි. සිත පිරිසුදු කරගත් කල්හී දෙනු ලබන දෙය කුඩා වුවද එයින් උසස් ආනිසංස ලැබිය හැකි බව විමානවත්‍ථුවල එන කථාවලින් ද පැහැදිලි වේ. අනෙක් අතට දානය යනු අත් හැරීම යි.
    සිතේ පවතින ලෝභය දුරුකර ගැනීමට දානය අවශ්‍යවේ. දානය හා පරිත්‍යාගය ප්‍රගුණ කිරීමෙන් තොරව එය පාලනය කළ නොහැකි ය. එබැවින් ලෝභ සිත දුරලා ආදර ගෞරවයෙන් යුතුව යමක් පරිත්‍යාගක කිරීම දානයේ උසස් ආනිසංස පිණිස හේතු වේ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සමහර මිනිස්සු ඉන්නවා දානය දෙන්නේ සිතින් අල්ලාගෙන.... හිඟන්නෙකුට කීයක්වත් දෙන්නේ නෑ ඌ කසිප්පු ගහනවා කියලා.... කසිප්පු ගහන එක උගේ වැඩක්... අපි දෙන සල්ලි වලින් කසිප්පු ගැහුවා කියලා අපිට අදාළ නෑනේ... ඒක ඒ මනුස්සයා ගෙනියයි. අපි දෙන දේ හිත පිරිසිදුව දීලා හිතින් අතෑරලා දැම්මහම ඉවරයි.....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    මේකට කෙලින්ම සම්බන්ද නොවුනත් පොඩි අවුලක් තියෙනවා, තිරිසන් ගත සතෙක්ට දෙන ධනයක අතම 100ක් ආනිසංස තියෙනවා කියනවනේ.. එක නිසා මම හැම වෙලාවේම වගේ තිරිසන් සත්තුන්ට කන්න දෙනවා, පුලුවන් වෙලාවට අහිංසක මිනිස්සුන්ට දෙනවා.
    හැබැයි මේක තණ්හාවෙන් කරන දෙයක්ද? ඒ කිවේ අතම 100ක් ආනිසංස තියෙන නිසා කරනවා වගේ දෙයක් හිතෙනවා.
    හැබැයි පුළුවන් හැම වෙලාවේම මම ප්‍රර්ථනා කරන්නේ ඉක්මනින්ම සෝවාන් මගපල නිවන් ලැබේව කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    සමහර මිනිස්සු ඉන්නවා දානය දෙන්නේ සිතින් අල්ලාගෙන.... හිඟන්නෙකුට කීයක්වත් දෙන්නේ නෑ ඌ කසිප්පු ගහනවා කියලා.... කසිප්පු ගහන එක උගේ වැඩක්... අපි දෙන සල්ලි වලින් කසිප්පු ගැහුවා කියලා අපිට අදාළ නෑනේ... ඒක ඒ මනුස්සයා ගෙනියයි. අපි දෙන දේ හිත පිරිසිදුව දීලා හිතින් අතෑරලා දැම්මහම ඉවරයි.....
    අපි ඒ මනුස්සය කසිප්පු කාරයෙක්ද කුඩු කාරයෙක්ද කියල නොදැන දුන්න හරි කියමු, දැන දැන දෙනවා නම් ඒක පිනකටත් වඩා පවක් නේද, නිකන් අපි ඒ මිනිහට කුඩු ගහන්න කසිප්පු ගහන්න අනුබලයක් දුන්න වගේ නේද? අපි සල්ලි නොදුන්නා නම් ඒ මිනිහ එව්වා පාවිච්චි කරන්නේ නෑ.
     
    • Like
    Reactions: asliyanage and NRTG

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපි ඒ මනුස්සය කසිප්පු කාරයෙක්ද කුඩු කාරයෙක්ද කියල නොදැන දුන්න හරි කියමු, දැන දැන දෙනවා නම් ඒක පිනකටත් වඩා පවක් නේද, නිකන් අපි ඒ මිනිහට කුඩු ගහන්න කසිප්පු ගහන්න අනුබලයක් දුන්න වගේ නේද? අපි සල්ලි නොදුන්නා නම් ඒ මිනිහ එව්වා පාවිච්චි කරන්නේ නෑ.

    උඹ කියන එක හරි මචං... එහෙම දැන දැන දෙන එක වැරදී. අපිට හිඟන්නෝ ගැන හොයල බලල සල්ලි දෙන්න බැනේ බං.... සමහර වෙලාවට ලඟට ඇවිත් ඉල්ලුවම කීයක් හරි දෙනවා. ඊට පස්සේ කවුරු හරි ළඟ ඉන්න එකෙක් දැක්කම කියනවා ඕකා කසිප්පු ගහන්න සල්ලි ඉල්ලන්නේ කියලා... ඔහොම දෙපාරක් තුන්පාරක් වුනාම හිඟන්නෙකුට සල්ලි දෙන්න හිතෙන්නේ නැහැනේ ගොඩක් අයට. ඒකයි මං කිවුවේ.... මට ඕක කීප පාරක්ම වෙලා තියෙනවා.... නමුත් මම තාමත් අසරණ මනුස්සයෙක් දැක්කොත් අතේ තියෙන කීයක් හරි ටිකක් වැඩිපුර දීලා දානවා. මේ ළඟදිත් ඔහොම දෙයක් වුනා අපේ පැත්තේ සමහර වෙලාවට ඉන්නවා පවුලක්ම මනුස්සයට ඇවිදින්න බෑ.. ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් අන්ගවිකලයි... මට දවසක් පාරේදී හම්බ වෙලා මම නැවතිලා රුපියල් දාහක් දුන්න. ආපහු එනගමන් ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන ඇවිත් වයිෆ්ට පෙන්නුවා. ඔය වීඩියෝ එක මගේ යාලුවෙක් දැකලා කිවුවා ඒ මිනිස්සු පානදුරේ පැත්තේ සෙට් එකක් කියලා. බිස්නස් එකට කරන දෙයක්ලු... වෙන කෙනෙකුටනම් තමන් රැවටුනා, අපරාදේ දීපු සල්ලි කියලා කලකිරීමක් ඇති වෙනවානේ. නමුත් මම එහෙම හිතන්නේ නැහැ.... ඕවගේ සිද්ධි ඕනෑතරම් වෙලා තියෙනවා. අනික කසිප්පු කාරයෙක් කුඩු කාරයෙක් ඇවිල්ල මට කසිප්පු බොන්න කුඩු ගහන්න සල්ලි දෙන්න කියලා ඉල්ලන්නේ නැහැනේ. මොකක් හරි නැතිබැරිකමක් කියලනේ ඉල්ලන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: psenarath and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    අපි ඒ මනුස්සය කසිප්පු කාරයෙක්ද කුඩු කාරයෙක්ද කියල නොදැන දුන්න හරි කියමු, දැන දැන දෙනවා නම් ඒක පිනකටත් වඩා පවක් නේද, නිකන් අපි ඒ මිනිහට කුඩු ගහන්න කසිප්පු ගහන්න අනුබලයක් දුන්න වගේ නේද? අපි සල්ලි නොදුන්නා නම් ඒ මිනිහ එව්වා පාවිච්චි කරන්නේ නෑ.

    නෑ මචන් චේතනාවයි මුල් වෙන්නෙ. කසීපු ගහන එකෙක් උබෙන් කියක් හරි ඉල්ලුවොත් ඌ ඉල්ලන්නෙ කසිප්පු ගහන්න කියල නෙමෙයි බඩගින්නට කියල. උබ දෙන්නෙ ඒ මනුස්සයගෙ බඩගින්න නිවන්න. මෙතන කසිප්පු ගහ න එකා පාප ගානක් කරගන්නවා. උබට උබේ පින තියෙනව මොකද උබේ චේතනාව බඩගින්න නිවන එක.
    කොහොම කලත් ඒක් පවුද්ගලික දානයක්. ආනිශන්ස තියෙනවා. සංඝයා වහන්සේට පූජා කරන තරම් ආනිශංස නැහැ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර මිනිස්සු ඉන්නවා දානය දෙන්නේ සිතින් අල්ලාගෙන.... හිඟන්නෙකුට කීයක්වත් දෙන්නේ නෑ ඌ කසිප්පු ගහනවා කියලා.... කසිප්පු ගහන එක උගේ වැඩක්... අපි දෙන සල්ලි වලින් කසිප්පු ගැහුවා කියලා අපිට අදාළ නෑනේ... ඒක ඒ මනුස්සයා ගෙනියයි. අපි දෙන දේ හිත පිරිසිදුව දීලා හිතින් අතෑරලා දැම්මහම ඉවරයි.....
    මම දැන් හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නෑ ඔය කසිප්පු සීන් හින්දා. හැබැයි ඒ වෙනුවට ළඟ තියෙන කඩේකින් මොනවා හරි කන දෙයක්ම අරන් දෙනවා (බනිස්, බිස්කට්, කෑම පාර්සලයක් වගේ).

    නෑ මචන් චේතනාවයි මුල් වෙන්නෙ. කසීපු ගහන එකෙක් උබෙන් කියක් හරි ඉල්ලුවොත් ඌ ඉල්ලන්නෙ කසිප්පු ගහන්න කියල නෙමෙයි බඩගින්නට කියල. උබ දෙන්නෙ ඒ මනුස්සයගෙ බඩගින්න නිවන්න. මෙතන කසිප්පු ගහ න එකා පාප ගානක් කරගන්නවා. උබට උබේ පින තියෙනව මොකද උබේ චේතනාව බඩගින්න නිවන එක.
    කොහොම කලත් ඒක් පවුද්ගලික දානයක්. ආනිශන්ස තියෙනවා. සංඝයා වහන්සේට පූජා කරන තරම් ආනිශංස නැහැ.
    :yes:
     
    • Like
    Reactions: NRTG

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මේකට කෙලින්ම සම්බන්ද නොවුනත් පොඩි අවුලක් තියෙනවා, තිරිසන් ගත සතෙක්ට දෙන ධනයක අතම 100ක් ආනිසංස තියෙනවා කියනවනේ.. එක නිසා මම හැම වෙලාවේම වගේ තිරිසන් සත්තුන්ට කන්න දෙනවා, පුලුවන් වෙලාවට අහිංසක මිනිස්සුන්ට දෙනවා.
    හැබැයි මේක තණ්හාවෙන් කරන දෙයක්ද? ඒ කිවේ අතම 100ක් ආනිසංස තියෙන නිසා කරනවා වගේ දෙයක් හිතෙනවා.
    හැබැයි පුළුවන් හැම වෙලාවේම මම ප්‍රර්ථනා කරන්නේ ඉක්මනින්ම සෝවාන් මගපල නිවන් ලැබේව කියල.
    Mama ahala thiyena widiyata athma 100 newei, anisansa 100k labenawa sathekuta kanna dunnama
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මමත් හිතන්නේ අපි හරි චේතනාවෙන් දුන්නම ඒක දානයක් වෙනවා. ගන්න එකා බොරුවක් කලොත් ඒක එයාට ලැබෙයි
     
    Pilot_007

    Junior member
  • Aug 20, 2020
    20
    30
    13
    Russia, Moscow.
    ''Discord channel to share Buddhism'', for Sri Lankans ( local and living in foreign countries) to bring them together so we all can learn Dhamma from each other. you all are welcome ! Sever invitation link / බෞද්ධ සමූහයට ඇතුලුවීම සඳහා - https://discord.gg/UJrnvS8 Thank You! Namo Buddhaya 🙏
     
    • Like
    Reactions: psenarath