තුනෙන්_දෙකක_බලය

signshop

Well-known member
  • May 30, 2011
    12,174
    8,887
    113
    Dubai
    තුනෙන්_දෙකක_බලය

    තුනෙන් දෙකක බලය
    රජයට අහිමි වෙයි
    ආණ්‌ඩු පක්‍ෂයට 149යි විපක්‍ෂයට 76යි

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවට ඊයේ (22 දා) සිට පාර්ලිsමේන්තුවේ තුනෙන් දෙකක බලය අහිමි විය. සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඊයේ (22 දා) ආණ්‌ඩුවෙන් ඉවත්වීමත් සමඟ මෙසේ බහුතර බලය ආණ්‌ඩු පක්‍ෂයට අහිමි විය.

    ඒ අනුව ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණන (කථානායකවරයා ද සමගින්) 149 කි. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණන 76 කි.

    තුනෙන් දෙකක බහුතර බලයක්‌ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන 150 කි. මේ අනුව මෙතෙක්‌ කලක්‌ පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය ඊයේ සිට ආණ්‌ඩු පක්‍ෂයෙන් ගිලිහිණි.