තෙරුවන් සරණ යන හැටි
පූජ්‍ය මීගලෑවේ නන්දරතන හිමි
පූජ්‍ය මීගලෑවේ නන්දරතන හිමි
අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තුන් ලෝකයක් නිවා සනසන්නට උතුම් බුදු පදවියට පත් වෙලා වසර 2600ක් සපිරුණා. සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලත් වසර 2555ක් ගෙවී ගොසින්. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ලැබිලත් දැන් අවුරුදු 2300කට වැඩියි! මේ කාලපරාසය තුළ අපි කොච්චර නම් බණ අහලා ඇද්ද? ඒත් අපි එයින් අත්පත් කරගත් පලප්‍රයෝජන ගැන අපිට අවංකව ම සෑහීමට පත් වෙන්න පුළුවන් ද?
බණ අහනවා කියලා කියන්නේ සවන්පත් යොමු කරගෙන, කියන දෙයක් ඔහේ අහගෙන ඉන්න එක නො වෙයි. කන වගේ ම සිතත් ඉතා මැනවින් යොමු කරගෙන, මනා සිහිබුද්ධියෙන් යුක්ත ව ධර්මය ශ්‍රවණය කිරීමත්, ශ්‍රවණය කරගෙන සිතේ ධාරණය කරගත් ධර්මයට අනුව ජීවිතය ගොඩනගාගැනීමත් මගින් පමණමයි බණ අහන එකේ නියම ප්‍රතිඵලය ලැබෙන්නේ.
එහෙනම් අපි මෙච්චර කාලයක් බණ ඇහුවා කියලා කීවට අපි හරියට බණ අහලා නැහැ. හරියට බණ ඇසුවා නම් බෞද්ධයා කියන මනුෂ්‍යයා අතින් මෙතරම් වැරදි සිදු වෙන්න විදියක් නැහැ.
දැන් අපි බලමු ‘බෞද්ධයා’ කියන්නේ කාට ද කියලා.
එක දවසක් අපේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයේ වැඩවාසය කරන විටක මහානාම ශාක්‍ය රජතුමා බුදුන් වහන්සේ බැහැ දකින්න ආවා; ඇවිත් බුදු හිමියන්ට වැඳලා එකත්පස් ව උන්නා. එහෙම ඉඳලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා: “අනේ බුදු රජාණන් වහන්ස, කොහොමද යම් කෙනෙක් උපාසකයෙක් වෙන්නෙ?” කියලා. අන්න ඒ වෙලාවේදී මහානාම රජතුමාට බුදු රජාණන් වහන්සේ දේශනා කළා: “මහරජතුමනි, යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සඟුන් සරණ ගියා නම් එයින්ම ඒ පුද්ගලයා උපාසකයකු වෙනවා” කියලා.
අපි දැන් හරියට දැනගන්න ඕන කොහොමද හරියට බුදු රජාණන් වහන්සේ සරණ යන්නේ කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ ක්‍රම තුනකින් නිවැරදිව සරණ යන්න පුළුවන්. එනම්: සිත, කය, වචනය යන තුන් දොරෙනුයි. ඒ කියන්නේ මෙම තුන් දොරින්ම බුදුන් වහන්සේ අනුගමනය කරන්න ඕන.
යම් කෙනෙක් බුදු රජාණන් වහන්සේගේ සිතුවිලි තම සිත තුළ ගොඩනගාගන්නවා නම්, ඒ සිත බුදු සිතක් කරගත්තා වෙනවා. ඒ යහපත් සිතිවිලි ඇති සිතටයි බුදු පිහිට ලැබෙන්නේ. ඒ සිතටයි නිවන සතුට ලැබෙන්නේ. ඒ නිසා සෑම සිතක ම යහපත් සිතිවිලි ගොඩනගාගත යුතුයි. එවිටයි සැබෑ උපාසකයෙක් වෙන්නේ; බෞද්ධයෙක් වෙන්නේ.
ඒ වගේම කයිනුත් බුදුන් වහන්සේ සරණ යන්න ඕන. ඒ කියන්නේ බුදුන් අනුගමනය කරන්න ඕන. බුදුන් වහන්සේගේ හැම ක්‍රියාවකින්ම හැම කෙනාම සැනසුණා; සුවපත් වුණා. ඒ නිසා ඔබ නිවැරදිව බුදුන් සරණ ගිය උපාසකයෙක් නම් ඔබේ කයිනුත් වැරදි වෙන්න බෑ. වැරදි දේ ඔබ කළොත් ඔබ උපාසකයෙක් වෙන්න බෑ.
තුන්වන ලක්ෂණය තමයි වචනයෙනුත් බුදුන් වහන්සේ අනුගමනය කරන්න ඕන. බුදුන් වහන්සේ පාවිච්චි කළ වචන නිසා නාලාගිරි වැනි මහා භයානක සතුන් පවා කරුණාවන්ත සිත් ඇති සතුන් බවට පත් වුණා. මිනිසුන්, දෙවියන්, බමුණන් ගැන කියන්න දෙයක් නෑ නේ.
“ධම්මං සරණං ගච්ඡාමි” කියලා කියන්නේ ධර්මයෙ සඳහන් වන ආකාරයට තම ජීවිතය හැඩගස්වාගන්නවා කියන එකයි. ඒ කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියන එකයි.
“සංඝං සරණං ගච්ඡාමි” කියලා කියන්නේ ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරන කෙනෙක් වෙනවා කියන එකයි. ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ මහරහතන් වහන්සේටයි. මේ ආකාරයට බලන කොට නිවන් ලබන පුද්ගලයා කොතරම් නම් ධාර්මික කෙනෙක්ද?
එහෙම නම් නියම බෞද්ධ උපාසකයෙක් නම් වැරදි වෙන්නම බෑ.
ස්වාමීන් වහන්සේ නමක් “බුද්ධං, ධම්මං, සංඝං සරණං ගච්ඡාමි” කියලා කියන කොට, ඒ වාක්‍ය කියවන හැම කෙනාම ඒ උතුම් ත්‍රිවිධ රත්නය සරණ ගියා වෙන්නෙ නෑ. ඒ වාක්‍ය කියකියා, කරන්න ඕන මහා නරක වැඩ ඔක්කෝම අපේ මින්ස්සු කරනවා. “බුද්ධං සරණං ගච්ඡාමි” කියකියා මිනී මරනවා, හොරකම් කරනවා, කාමයෙ වරදවා හැසිරෙනවා, බොරු කියනවා, මත්ද්‍රව්‍ය මත්වතුර පානය කරනවා. ඉතිං කොහොමද නිවන් ලබන්නේ? ඉතිං කොහොමද සතුට ලබන්නේ?
දකින්න බුදු දහම බුද්ධියෙන්. එතකොටයි බුදු දහමේ වටිනාකම තේරෙන්නේ.
කරන්න ඕන හැම අශීලාචාරකමක්ම කරලා “බුද්ධං සරණං ගච්ඡාමි” කියලා කියපුහාම ඒ සියලු වැරදි නැති වෙනවා නම් ඔය ටික කියන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන නෑ.
ඒ නිසා අපි ‘තෙරුවන්’ සරණ යන ආකාරය හරියට අවබෝධ කරගෙන නිවැරදි බෞද්ධ උපාසකයෙක් උපාසිකාවක් වෙන්න උත්සාහවන්ත වෙමු. ඒ ඔස්සේ ඔබටත් මටත් සදාතනික සුවය අත් කරගන්න පුළුවන් .
කියවන්න බැරි උනා නම් කියවන්න
ඔබට වගකිව යුත්තා ඔබ යි!
හොල්මන් ජය ගත් බුදු පියාණෝ
සිත සේදීම
ඇත්තෙනුයි බොරුවෙනුයි වැඩ ගැනීම
සුව නින්දකට මඟ..
කලලේ! අපලේ!

budu saranai machan !! 