==== තෙල් ගීය ====

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ==== තෙල් ගීය ====

    ( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )
    ================
    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී
    හයිබ්‍රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී
    ගැල් කරත්තෙ තිබුණානං හිතමී
    ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...

    කිව්වට වැඩක් නැතී
    තාමත් තෙලුත් නැතී
    පත්තර දෙකක් ගමී
    රටකජු ගොටු ඔතමී
    ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...

    ඕ ඕ... ඕ ඕ....

    තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී
    ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී
    තෙල් ගහන්න ආවාදැයි අසමී
    නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...

    හෝඕඕඕඕඕ......

    තෙල් බව්සර් නාවට නෑ හදිසී
    අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී
    තෙල් පෝලිම තව හැදියන් සිතුනී
    ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී

    ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී
    ඔබ හා සිනාසෙමී
    පෝලිමෙ මම හිඳිමී
    යහපාලනෙ එනකන් හෝ හිඳිමී..

    ඕඕඕඕඕඕ...

    දීපිකා මෙහෙ ආවා කියා සිතුනී
    තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී
    පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී
    ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...

    හෝඕඕඕඕඕ....

    ඔබ රවනා මුහුණ දිහා බලමී
    පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී
    ඉස්කූටිය හැරගිය බව දුටිමී
    ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....

    ඒ දුක නිමක් නැතී
    එනමුදු කමක් නැතී
    හරවන් ගෙදර යමී
    ගවුමක් ඇඳන් එමී..
    ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...

    ඕඕඕඕඕඕඕ....

    හරවාගෙන තේ බොන්නට ආවා
    ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා
    ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා
    උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...

    ඕඕඕඕඕඕඔ....

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....

    #අකලංකාරය
    - චමල් අකලංක පොල්වත්තගේ
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    තෙල් ගීතය ඔබගේ රිගින් ටොන් එක ලෙස දැන්ම ඩව්න්ලොඩ් කරගන්න
    :lol::lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    23376634_960339157451486_8923977106650161400_n.jpg
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    ==== තෙල් ගීතය 2 ====
    (හීන තිබුණට කෝටියක් " ගීතයේ තෙල් වර්ෂණය...)
    කොරවෙලා කෙලවෙලා ඉන්නවා ඔහෙ පෝලිමේ...
    නැවුත් නෑ බව්සරුත් නෑ පෙට්‍රලුත් නෑ
    දැන් රටවටේ...
    ටෝක්ස් තිබුණට කෝටියක්
    පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//
    පාර මැද වාහනේ ඉන්නට
    එන්ජිමට කෙල වෙලා යන්නට....
    බාල තෙල් හරි මෙහෙ ගෙනල්ලා
    හොරෙන් බෙදුවෝතින් මිසක්...
    අදත් නෑ.... හෙටත් නෑ.....
    අපිට පෙට්‍රල් ලැබෙන්නෑ......
    ටෝක්ස් තිබුණට කෝටියක්
    පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//
    පෝලිමේ ඉඳ ටෝක්ස් දුන්නට
    බූලි අරගෙන බලන් හිටියට...
    පොම්පෙ උදුරන් සෙඩ් එකාගෙන්
    අපිම ගහගත්තොත් මිසක්...
    අදත් නෑ.... හෙටත් නෑ.....
    අපිට පෙට්‍රල් ලැබෙන්නෑ......
    ටෝක්ස් තිබුණට කෝටියක්
    පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//
    කොරවෙලා කෙලවෙලා ....//


    Source- FB
     
    Last edited: