තෙල් දුන්නෙ නැතැයි ෂෙඩ් හිමිකරුගේ නිවසට ගිනි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ දිනවල ඉන්ධන හල් ආසන්නයේ අධික තදබදයකින් යුතුව ඉන්ධන ලබාගැනීම සිදුවන අතර තමන්ගේ අවස්ථාව එනතුරු කිලෝමීටර ගණන් දිගු පෝලිම්වල සිටින ජනතාවට අදාළ අවස්ථාව ලැබෙනතුරු ඉවසිල්ලෙන් සිටිය යුතුව පවතී.

    ඇතැම් පිරවුම්හල් වල පෝලිමේ සියල්ලන්ට ඉන්ධන ලබාදෙන්නට බැරිව යන්නේ පිරවුම්හලේ ඉන්ධන තොගය අවසන්වීම නිසාය. එවැනි අවස්තාවල ඊළඟ බවුසරය එනතුරු පාරිභෝගික ජනතාවට පැය ගාණක් රැඳී සිටීමට සිදුවේ. මෙම තත්වය නගරයෙන් දුර බැහැර ප්‍රදේශවල වඩාත් සංකීර්ණවී පවතින්නේ එවැනි තැන්වලට
    ඊළඟ බවුසරය පැමිණෙන්නේ දිනකට දෙකකට පසුව වීමෙනි.

    කැකිරාව - ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ මේ ආකාරයට රැඳී සිටිමින් ඉන්ධන ලබාගන්නට බැරිව ගිය පිරිසක් අධික කෝපයට පත්ව කලහ කර ඇති අතර පිරිස පිරවුම්හලේ හිමිකරු සමග අමනාපව ඔහු පදිංචිව සිටින නිවස ඊයේ (21) රාත්‍රියේ ගිනිතබා විනාශකර ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.
    ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පිරවුම්හලට පැමිණ ඉන්ධන අවසන්වීම හේතුවෙන් කෝපයට පත් පිරිසක් එම පිරවුම්හල් හිමියාගේ නිවසට මෙලෙස ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.ඉන්ධනහල් හිමියාට අයත් බව කියන ඉපලෝගම තිලකපුර ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට සැකකරුවන් මෙලෙස ගිනි තබා ඇත.

    ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර ගිනි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ පිරවුම්හල් හිමිකරුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාය.
    අසල්වාසීන් හා ඉපලෝගම පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.
    පාසැල් යන දරුවන් දෙදෙනාගේ පොත්පත් ද මුළුමනින් ම ගින්නෙන් විනාශ ව ඇති අතර, එක් දරුවෙකු සාමාන්‍ය පෙළ විභාගයට හෙට පෙනී සිටිමට නියමිත අයෙකුවීමද ශෝචනීය විය.
    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


    gossiplankanews21a238.jpg

    gossiplankanews21a510.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    රාජපක්ෂලා නිසා දැන් අැත්තක් කිව්වත් මිනිස්සු පිලිගන්නේ නෑ.බොරු කියලමයි හිතන්නෙ.ඒ මොනා උනත් ගෙවල් වලට ගිණි තියන ඵකට මම නම් 100%ක් විරුද්ධයි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ගන්ජජෙප්පෝ මරන්න ඕනේ හොයා හොයා
    මම කිවේ සිංහල එවුන්ට හරියන්නේ රනිල්
     
    • Dislike
    Reactions: Xi Jinping

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    කාලකණ්නි වේ ස බල්ලො. මන් දන්න කෙනෙක්ගෙ වාහනයක් කුඩු කරල තිබුණ ඔය පෝලිමක් ලගින් යනකොට, පෝලිමේ හිටපු එකෙක්ගෙ ලාවට ඇගේ ගෑවිලා (ඉස්සරහින් ආපු වාහනයකට ඉඩ දෙන්න ගිහින්)
     
    Last edited: