තෙල් නැව පිලිගැනීමේ මහෝත්සවයට ආරාධනා

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    තෙල් නැව පිලිගැනීමේ මහෝත්සවයට ආරාධනා

    නෙවෙස්කා ලේඩි තෙල් නෞකාව ලංකාවට සැපත් වීමේ මහෝත්සවය උත්සවාකාරයෙන් ටීවී එකේ ලයිව් .....
    චන්න හුපුලි ජැක් -සං වගේ ඩාන්සින් සෙට් එකක් එහෙම දාල බාතිය තංගුස් වත් දාලා බල්ලෝ උඩුබුරලන තාලේ තව ගායිකාවක් එහෙමත් දාල
    වාරායේ ලොකු නත්තල් ගහක් එහෙමත් ගලා ලොකු උස්සවයක් අරන් නයි ටී එන් වගේ චැනල් එකක ලයිව් පෙන්නලා තෙල් ටික මාරු කළා නම් කොහොමද බ්‍රෝ? ඩුබායි පැත්තේ ඉඳල නැව මුහුදේ එන එකම පෙන්නුවානම් තවත් සෝක් බොලව්.
    "සුන්දර නෙවෙස්කා ලේඩි නෞකාව දැන් ලැසි ගමනින් ලංකාද්වීපය බලා යාත්‍රා කරන ඒ සුන්දර මනරම් දසුන අපිට දැන් දර්ශනය වෙනවා ප්‍රිය හිතවතුනි හිතවතියනි .... මන්දාරම් අහස් කුස වැසිබර කාළගුණයක සේයාව පෙන්නුම කරනවා... සිහින් මදනල හමා යනවා මුතුරාජවෙල හිස් තෙල් ටැංකි හරහා කොලොන්නාව පිරිපහදුව දෙසට ...
    ඉතාම උද්යෝගයෙන් යුතු ප්‍රේක්ෂක ජනතාවක් පේලි සැදී පෝලිමේ බලා සිටිනවා පිරවුම් හල් අසල ... නිදි නොලබා දිවා රෑ අවු වැසි නොබලා මේ නෙවෙස්කා ලේඩි සපැමිණෙන මහා මංගල්‍ය දෙස දෙනෙත් දල්වාගෙන ...
    ගාලු මුවදොර ක්‍රීඩා පිටියේ විශේෂ තේජාන්විත පීටිකාවේ සිට දැන් නෙවෙස්කා ලේඩිගේ තෙල් ටික පිළිගැනීමේ රාජ්‍ය උත්සවය සඳහා අතිගරු ජරාධිපති උතුමාණන් වහන්සේ , ගරු අගමැටි තුමා , කැප්ටන් කූල් සහ තෙලවැඩි මැටි අමැටි වරු දැන් සුදෝ සුදු ගාම්භීර ඇඳුමින් සැදී සීරුවෙන් සිට බලා සිටිනවා... ෆීල්ඩ් මාර්ෂල් තුමාගේ මෙහයවීමෙන් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියත් දැන් ආචාර වෙඩි මුර තැබීමට සුදානම් වෙනවා. තෙල් වලින් දුවන කිසිදු මෝටර් රථයක් මේ අවස්ථාවට සහබාගී නොවන අතර ඇත් අස් පාබල සේනා පමණක් අශ්ව කරත්ත අලිකරත්ත ගොන් කරත්ත වලින් මේ උත්සවයට පැමිණ තිබෙනවා දිස්වෙනවා... ජනතාව සාදුකාර දෙනවා ප්‍රීති ගෝෂා නගනවා පෙනෙනවා හිතවතුනි ....
    පසුබිමින් මේ වගේ සිංදුවකුත් දාල ....
    නැව නාවොත් මලකෙලියයි රත්තරං පුතී
    තෙල් නාවොත් අපි ඉවරයි රත්තරං පුතී
    බාල තෙලුත් කමක් නැතී රත්තරං පුතී
    තෙල් නැත්නම් අයින් වෙලා පයින් යමු පුතී
    දැන් දෙමල බසින් විස්තර ප්‍රචාරය සඳහා ත්‍රිකුණාමලයේ මලකඩ කෑ තෙල් ටැංකි අසල සිටින මා හිතවත් නිවේදකයාට මයික්‍රෆෝනය... 😂

    Source Halapaya
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "නෙවස්කා තෙල් පිරිසිදුයි, මිහිරි සුවඳකින් මගේ නාසය කිලිපොලා ගියා" - අගලවත්තෙන් කුමාර.

     
    • Like
    Reactions: snm1990

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "මේ තෙල් ගහන්න ගහන්න ආස හිතෙනවා. අද නං ටැංකිය පැලෙන්න ගහනව අම්මප" - කඩුවෙල හෙට්ටිඅආරච්චි.
     
    • Like
    Reactions: chootyputha1

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "නෙවස්කා තෙල් පිරිසිදුයි, මිහිරි සුවඳකින් මගේ නාසය කිලිපොලා ගියා" - අගලවත්තෙන් කුමාර.


    "මේ තෙල් ගහන්න ගහන්න ආස හිතෙනවා. අද නං ටැංකිය පැලෙන්න ගහනව අම්මප" - කඩුවෙල හෙට්ටිඅආරච්චි.


    :rofl:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,822
    113
    "නෙවස්කා තෙල් පිරිසිදුයි, මිහිරි සුවඳකින් මගේ නාසය කිලිපොලා ගියා" - අගලවත්තෙන් කුමාර.


    "මේ තෙල් ගහන්න ගහන්න ආස හිතෙනවා. අද නං ටැංකිය පැලෙන්න ගහනව අම්මප" - කඩුවෙල හෙට්ටිඅආරච්චි.

    :lol::lol::lol::rofl: