තෙල් පාඩුව කෝටි 19,371ක් !
ඞීසල් ගෙන්වන්නේ රු. 103 කට විකුණන්නේ රු.121කට.. පෙට‍්‍රල් 97කට ගෙන්වා 170කට විකුණනවා.. පාඩු වෙන්න බෑ.. - ඇමති පාඨලී චම්පික රණවක කියයි
ඛනිජ තෙල් සංස්ථාවේ වර්ෂ තුනක අලාභය රුපියල් කෝටි 19,371කි.
රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘති තුනක් වන හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ මත්තල ගුවන්තොටුපල සඳහා වැය වූ වියදමට වඩා තෙල් සංස්ථාවේ වසර තුනක පාඩුව වැඩි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ (කෝප් කමිටුව) වාර්තාවෙන් හෙලි වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වියදම රුපියල් කෝටි 6567ක්ද මත්තල ගුවන්තොටුපලේ වියදම රුපියල් කෝටි 3500කද හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ වියදම රුපියල් කෝටි 6170ක්ද වශයෙන් වියදම් දරා ඇත.
මෙම ව්‍යාපෘති තුන සඳහා මුළු වියදම රුපියල් කෝටි 16237කි. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය ඉහත ව්‍යාපෘති වලට වඩා රුපියල් කොටි 3134 කින් වැඩිය.
ඛනිජ තෙල් සංස්ථාවේ මෙම අලාභය පසුගිය වසර තුන සඳහා පමණි.
විශේෂයෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයට මූලික හේතුව වී තිබෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව අත්සන් කළ හෙජිං ගිවිසුමයි.
මෙතෙක් කෝප් වාර්තා මගින් හෙළිකර තිබෙන වංචා සහ භීෂණවලට වගකිව යුතු කිසිවකුට එරෙහිව මේ දක්වා නීතිමය වශයෙන් පියවර නොගැනීමද විශේෂත්වයකි.
- srilankamirror