තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,744
    113
    2CC83E3C-E7D9-4DE6-9305-6F3C94E6E9B8.jpeg

    උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි

    රොමා- වලි සීන් එකේ සිටී. මල්ලී බලන් හිටපන්, මැද්දෙන් ඔබයි. පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි

    නිදිකුම්බා- කට කපලා නිදිය. අනිත් වාහන් වල උන් සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය

    බුකියා- තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් දමයි

    ෆිල්ම් පිස්සා- සීට් එක කඩාගෙන කකුල් එලියට දමාගෙන ෆෝන් එකේ ෆිල්ම් බලයි

    උපාසක- මැදියම් රෑ වුවද පිරිත් දමාගෙන අසයි

    බෙබා- ඩිකියේ බෝතලේ තියාගෙන ගසයි. වටේ වාහන වල උන්ටද ශොට් එකක් දෙකක් දෙයි

    ට්‍රැෆික් පොලිස්- පෝලිම් ඉස්සරහට යවයි. වාහන වල දිග පලල පිලිබද මනා අඅවබෝධයකින් යුක්තය

    දාර්ශනිකයා- තෙල් ප්‍රශ්නයට විසදුම් යෝජනා කරයි

    කඩිප්පුවා- පෝලිමේ කෙලවර සිට් ශෙඩ් එක දක්වාත්, ශෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදියි. යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි

    අන්කල් චමින්ද- පුතා ටෝල්ක් එකෙන් කතා කරයි. සෑහෙන දැනුමක් සතුය. ආදී කාලේ දේවල් ගැන කතා කරයි

    ප්ලග් එක- කලින් දැනගෙන සිටීම අදාල නැත. කෙලින්ම මචං ගාගෙන කතාවට සෙට් වෙයි. කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේය

    ලෝඩ් පකීර්- අනිත් අය සමග කතා නැත. තනිවම වාහනේ AC දමාගෙන ඇතුලට වී සිටි. එලියට බහින්නේම නැත. හිනාවෙන්නේද නැත

    දායකයා- බිස්කට්, බීම, තේ වැනි දෑ වලින් අහල පහල සෙට් එකටම සංග්‍රහ කරයි. පවුල් වල අයද ෆුල් සපෝට්‍ එක දෙයි. කෝපි වැනිදෑ සැරින් සැරේ ගෙදර ගොස් හදාගෙන එයි

    අහිගුන්ටකයා- මුලු පවුලම වාහනේය. ගෙදර ඉන්නවා සේ කාලය ගත කරයි

    පොලිටික්කා- පක්ශ විග්‍රහයක් කරයි. එක එක පක්ශ ආණ්ඩු කරන විදිහ කරයි. එක එක පක්ශ මේ ප්‍රශ්න විසදන විදිහ විග්‍රහ කරයි

    සූදු අන්තුවා- කාඩ් පැක් එක හැම වෙලේම සාක්කුවේය. මල්ලී කාඩ් අතක් ගහමුද යන වචන හැම වෙලේම මුමුණයි

    බවුසර් පිස්සා- එක් එක බවුසර වල ඨාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දෙස බලා සුවදින් පෙට්‍ර්ල් ද ඩීසල්ද කියා කියයි

    පෝලිමේ හිටපු එක දවසක්වත්, එපා වුනේ නැත්තේ මෙන්න මේ වගෙ සෙට් වෙච්ච සුපිරි චරිත නිසා. එකෙන්ම ආදරෙයි ලංකාවෙ උන්ට. 😍🤩
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අම්මපා බං සහතික ඇත්ත ....🤣🤣.මට ඔතනින් ලෝඩ් පකීර් ටයිප් එක නං සෙට් උනේ නෑ..අනිත් ඔක්කොම සෙට්වුනා....බයික් එක දාල, රවුමක් ගහල එද්දි මීටර් 100ක් විතර මගේ බයික් එකත් අනිත් එවුන් තල්ලු කරල...😍😍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ෆිලර් කැප් එක වාහනේ දකුණු පැත්තේ තියෙන්නෙ, කාර් පෝලිම යන්නෙ ඩිස්පෙන්සර් එකට දකුණෙන් නේ වම් පැත්තෙන් බයික් / ත්‍රීවිල් යන නිසා. (කාර් බහුතරේක ෆිලර් කැප් එක තියෙන්නෙ වම් පැත්තේ ) ඉතින් දකුණු පැත්තේ ෆිලර් කැප් එක තියෙන එකා රිවස් එකට යනවා 🤣
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ෆිලර් කැප් එක වාහනේ දකුණු පැත්තේ තියෙන්නෙ, කාර් පෝලිම යන්නෙ ඩිස්පෙන්සර් එකට දකුණෙන් නේ වම් පැත්තෙන් බයික් / ත්‍රීවිල් යන නිසා. (කාර් බහුතරේක ෆිලර් කැප් එක තියෙන්නෙ වම් පැත්තේ ) ඉතින් දකුණු පැත්තේ ෆිලර් කැප් එක තියෙන එකා රිවස් එකට යනවා 🤣
    අම්මො යකො.. මොළයක් නෙව‌ෙයි ම‌ෙළ ග‌ෙනාපු නැවක්..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    1) ඔය පොලිමේ මිනිස්සු හිටියේ නැද්ද බ්ම්

    නුවර නම් ඔක්කොම ඉන්නේ ලෝඩ් පකීර්ලා තමා කුරුනෑගල නම් එල සෙට් සෙට් වෙනවා
     
    • Like
    Reactions: PrasangaSPerera

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ෆිලර් කැප් එක වාහනේ දකුණු පැත්තේ තියෙන්නෙ, කාර් පෝලිම යන්නෙ ඩිස්පෙන්සර් එකට දකුණෙන් නේ වම් පැත්තෙන් බයික් / ත්‍රීවිල් යන නිසා. (කාර් බහුතරේක ෆිලර් කැප් එක තියෙන්නෙ වම් පැත්තේ ) ඉතින් දකුණු පැත්තේ ෆිලර් කැප් එක තියෙන එකා රිවස් එකට යනවා 🤣
    Patta buruwek neh ban ehenam 😅 ehema anik patte tibbata aulak nahane tikak wahane issarata dammata passe arun awith gahanwa bata digai neh
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අම්මපා බං සහතික ඇත්ත ....🤣🤣.මට ඔතනින් ලෝඩ් පකීර් ටයිප් එක නං සෙට් උනේ නෑ..අනිත් ඔක්කොම සෙට්වුනා....බයික් එක දාල, රවුමක් ගහල එද්දි මීටර් 100ක් විතර මගේ බයික් එකත් අනිත් එවුන් තල්ලු කරල...😍😍
    Same.. lord pakir un hena adui ban..elama un set une... dalugama shed eke pattama seen ekak una. Ekata wenama thread ekak danda one 👍
     
    • Love
    Reactions: PrasangaSPerera

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Mama karapu dewal. 😀 :yes::yes: උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි.
    කඩිප්පුවා- පෝලිමේ කෙලවර සිට් ශෙඩ් එක දක්වාත්, ශෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදියි. යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Thawa category thiyenawanan danna
    නිල නොලත් විපක්ෂ නායක-bike එක ඉස්සරහට තල්ලු කරන වාරයක් පාසා 225 මතක් කරයි. තෙල් අර්බුදයට ඕන තරම් විසදුම් ඔහු සතුව ඇත.