තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,743
    113
    2CC83E3C-E7D9-4DE6-9305-6F3C94E6E9B8.jpeg


    උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි

    රොමා- වලි සීන් එකේ සිටී. මල්ලී බලන් හිටපන්, මැද්දෙන් ඔබයි. පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි

    නිදිකුම්බා- කට කපලා නිදිය. අනිත් වාහන් වල උන් සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය

    බුකියා- තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් දමයි

    ෆිල්ම් පිස්සා- සීට් එක කඩාගෙන කකුල් එලියට දමාගෙන ෆෝන් එකේ ෆිල්ම් බලයි

    උපාසක- මැදියම් රෑ වුවද පිරිත් දමාගෙන අසයි

    බෙබා- ඩිකියේ බෝතලේ තියාගෙන ගසයි. වටේ වාහන වල උන්ටද ශොට් එකක් දෙකක් දෙයි

    ට්‍රැෆික් පොලිස්- පෝලිම් ඉස්සරහට යවයි. වාහන වල දිග පලල පිලිබද මනා අඅවබෝධයකින් යුක්තය

    දාර්ශනිකයා- තෙල් ප්‍රශ්නයට විසදුම් යෝජනා කරයි

    කඩිප්පුවා- පෝලිමේ කෙලවර සිට් ශෙඩ් එක දක්වාත්, ශෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදියි. යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි

    අන්කල් චමින්ද- පුතා ටෝල්ක් එකෙන් කතා කරයි. සෑහෙන දැනුමක් සතුය. ආදී කාලේ දේවල් ගැන කතා කරයි

    ප්ලග් එක- කලින් දැනගෙන සිටීම අදාල නැත. කෙලින්ම මචං ගාගෙන කතාවට සෙට් වෙයි. කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේය

    ලෝඩ් පකීර්- අනිත් අය සමග කතා නැත. තනිවම වාහනේ AC දමාගෙන ඇතුලට වී සිටි. එලියට බහින්නේම නැත. හිනාවෙන්නේද නැත

    දායකයා- බිස්කට්, බීම, තේ වැනි දෑ වලින් අහල පහල සෙට් එකටම සංග්‍රහ කරයි. පවුල් වල අයද ෆුල් සපෝට්‍ එක දෙයි. කෝපි වැනිදෑ සැරින් සැරේ ගෙදර ගොස් හදාගෙන එයි

    අහිගුන්ටකයා- මුලු පවුලම වාහනේය. ගෙදර ඉන්නවා සේ කාලය ගත කරයි

    පොලිටික්කා- පක්ශ විග්‍රහයක් කරයි. එක එක පක්ශ ආණ්ඩු කරන විදිහ කරයි. එක එක පක්ශ මේ ප්‍රශ්න විසදන විදිහ විග්‍රහ කරයි

    සූදු අන්තුවා- කාඩ් පැක් එක හැම වෙලේම සාක්කුවේය. මල්ලී කාඩ් අතක් ගහමුද යන වචන හැම වෙලේම මුමුණයි

    බවුසර් පිස්සා- එක් එක බවුසර වල ඨාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දෙස බලා සුවදින් පෙට්‍ර්ල් ද ඩීසල්ද කියා කියයි

    පෝලිමේ හිටපු එක දවසක්වත්, එපා වුනේ නැත්තේ මෙන්න මේ වගෙ සෙට් වෙච්ච සුපිරි චරිත නිසා. එකෙන්ම ආදරෙයි ලංකාවෙ උන්ට. 😍🤩
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    බවුසර් පිස්සා- එක් එක බවුසර වල ඨාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දෙස බලා සුවදින් පෙට්‍ර්ල් ද ඩීසල්ද කියා කියයි😝 😝 😝 😝
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    ඇයි බන් තමන්ගෙ පාඩුවෙ වාහනෙ ඇතුලට වෙලා පිලිවෙලට පෝලිමෙ ගිහිල්ල තෙල් ටික ගහගෙන එන එවුන්ට ලෝඩ් පකීර් කියන්නේ ?

    මම නම් බයික් එකේ ගියෙ, ශේප් එකේ අහල පහල ඉන්න එවුන් එක්ක පොඩි ටෝකක් දාගෙන පෝලිමේ ඉදල තෙල් ගහගෙන ආවා.

    උන් එක්ක කතා කරපුවා කිසිම තෙරුමක් නෑ. එක්කො 225ට බනිනවා, මූ හොරා අරූ හොරා කියල බනිනවා.

    හැම එකාම එකම බයිලාව ගහන්නෙ. අර බීපුවාම සමහර ඩයල් එකම දේ කියවන්නෙ, ඒ වගෙ.

    එහෙම බනින එවුන්ම කතා කරනවා ගෙදර පෙට්‍රොල් ස්ටොක් කරගන්නෙ කොහොමද පස්සෙ වැඩි ගානට විකුනන්න වගේ දේවල්.
    ලෝඩ් පකීර් වගේ වාහනෙ ඇතුලට වෙලා ඉන්න තිබ්බ නම් හොඳයි කියල හිතුන.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ෆිලර් කැප් එක වාහනේ දකුණු පැත්තේ තියෙන්නෙ, කාර් පෝලිම යන්නෙ ඩිස්පෙන්සර් එකට දකුණෙන් නේ වම් පැත්තෙන් බයික් / ත්‍රීවිල් යන නිසා. (කාර් බහුතරේක ෆිලර් කැප් එක තියෙන්නෙ වම් පැත්තේ ) ඉතින් දකුණු පැත්තේ ෆිලර් කැප් එක තියෙන එකා රිවස් එකට යනවා 🤣
    මට සෙට්වුණා මරු චරිතයක්... මිනිහව දාන්න වෙන්නෙ මේ ලිස්ට් එකේ තියෙන "ට්‍රැෆික් පොලිස්" ගණයට...

    මට මගේ නොවන මගේ ම කැරවන් එකක් තියෙනවා. ඒකෙ ෆිලර් කැප් එක තියෙන්නේ දකුණු පැත්තෙන්, ගොඩක් ඩීසල් වාහන වල තියෙන්නෙ ඒ විදිහට නිසා, ශෙඩ් එකේ ඒ පැත්තට පෝලිමත් වැඩියි
    ඒ හින්දා පොම්පෙ අනික් පැත්ත හැමවෙලේම හිස් ඒත් ශෙඩ් එකේ තදබදය වැඩි හින්දා රිවස් කරලා ගහන්නත් අමාරුයි..

    මම ශෙඩ් එකට කිට්ටු වෙනකොට,
    මම අර කලින් කියපු චරිත දුවගෙන ඇවිල්ලා මගේ වාහනේ සයිඩ් බලලා රිවස් කරෝල වාහනේ අනිත් පැත්තට ගැස්සුවා ඒකෙන් මට වාහන තුනකට විතර කලින් තෙල් ගහගන්නත් හම්බවුණා මට ඉස්සරහ තිබුණෙ ලොරි හින්ද ඒව හරවන්න අමාරුයි.

    හොඳම වැඩේ කියන්නේ, අරූ මට සයිඩ් බලන්න එනකොට උගෙ වාහනේට තෙල් ගහලත් ඉවරයි ඒත් ගෙදර යන්නේ නැතුව මිනිහා වාහනේ අයිනක නවත්තල ශෙඩ් එකේ ඩියුටි...😂
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Same.. lord pakir un hena adui ban..elama un set une... dalugama shed eke pattama seen ekak una. Ekata wenama thread ekak danda one 👍
    සිරාවටම බන්...අපේ උන්ගෙ පුදුම එකමුතුකමක් තියෙන්නෙ ඒවට...

    තෙල් පෝලිම් ...ඒක වෙනමම සමාජයක් බන්....😍😍
    ------ Post added on May 23, 2022 at 8:04 PM
     
    • Like
    Reactions: HYBRIDPC