තෙල් පෝලිමේ සිදුඋන අනතුර

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    ගහෙන් වැටුනු මිනිහටමිනිහට ගොනා එලව එලවා ඇනීම. 🤐🤐🤐
     
    • Sad
    Reactions: NaiRobi

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    ඉන්ධන පෝලිමක වාහන 6ක් අනතුරට ලක්කළ අයි.පී අත්අඩංගුවට​



    image_93505475b0.gif

    (ජේ.කේ.එල් චාමින්ද)
    බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්‍රිරෝද 5කට හා මෝටර් රියක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්දයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය පොලිසියට අනුයුක්තව රාජකාරිකරණු ලබන පොලිස් පරික්ෂකවරයෙකි. මෙම අනතුරෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇතැයි පොලීසිය කියයි.
    පොලිස් පරික්ෂකවරයා රාජකාරියට වාර්තා කිරිම සදහා තම කාර්රථයෙන් ගමන් කරමින් සිටියදි බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනිම සදහා පෝලිමේ නවතා තිබු රථවාහන පෙලේ ගැටි ඇති අතර එම අනතුරෙන් ත්‍රිරෝද රථ 05කට සහ කාර්රථයකට හානිවි ඇති බැව් පොලිසිය පවසයි.
    පොලිස් පරික්ෂකවරයා විසින් පැදවු කාර් රථයටද හානිවි ඇති අතර පොලිස් පරික්ෂකවරයාට නින්දයාම නිසා මෙම අනතුර වි ඇති බවට සැක කරන බවද පොලීසිය කියයි.
    image_4ed8527426.gif