තෙල් මිලේ වාසිය පාරිභෝගිකයාට අහිමිවේ
මාතර ඉන්ධනහල් පහකින් ද, දඹුල්ලේ සමූපකාර ඉන්ධන හලින් ද අඩු කළ මිලට තෙල් නොදෙතියි වාහන හිමියෝ කියති.
මාතර ඉන්ධනහල් හයකින් අඩුමිලට තෙල් විකුණනුයේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරිවුම්හලේ පමණි. අනෙක් තෙල්හල් පාලකයන් පවසනුයේ තෙල් නැති බවයි.
අයිඕසී ඉන්දියා තෙල් සමාගමේ ඉන්ධනහල්වල තෙල් ඇතත් ඔවුන් අඩු කර නැත. ඔවුන් පවසනුයේ තෙල් මිල අඩු කළ බව ඔවුන්ට දන්වා නැති බවයි.
දඹුල්ලේ තෙල්හල් තුනක් අඩු මිලට තෙල් නිකුත් කරන නමුත් සමූපකාර තෙල්හල ඩීසල් අඩු මිලට නිකුත් නොකරයි. පෙට්‍රල් පමණක් අඩු මිලට නිකුත් කරයි.
අඩු කළ මිලට ඉන්ධන නොවිකුණන ඉන්ධන හල් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා කියයි.
ඒ සඳහා විශේෂ පැමිණිලි ඒකකයක් පිහිටුවා ඇත.
එම පැමිණිලි තෙල් හලේ සිටම දුරකතනයෙන් දැනුම් දෙන ලෙස ඔහු පවසයි.
0115 24 32 43,
0115 455 130,
0115 455 251,
0115 455 254

http://www.lankadeepa.lk/index.php/top_story/291831