තෙල්_ගහනකොට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වාහනවලට තෙල් ගහනකොට හොර කරන විදිය මෙන්න



a-petrol-pump-attendant-fills-up-with-fuel-at-one-of-the-many-government-fbc5k4.jpg


ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි. ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ.

‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.
“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”
ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.

“පෙටේ‍රා්ලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.
මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”
ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි?

ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.

“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම්
දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්.

නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.

එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”

අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය. නමුත් මහා ජාවාරම සිදුවන්නේ ඉන්ධනහල් අයිතිකරුගේ හා තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු හා ප්‍රාදේශීය පරීක්ෂකගේ එකතුවෙනි.

“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්.

මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ. මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.

තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”

සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහල් හිමියාට කොතරම් ලාභයක් ලබාදෙනවාදැයි තීරණය කරන්නේ සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හා පරීක්ෂකවරයාය. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.

“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.”

අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි.

එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.

“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”

එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්.

වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 ජනවාරි වන විට හොඳ ‍පොම්පයක් සවි කරන්න එහෙම නැත්නම් සංස්ථා ‍පොම්ප සීල් කරන්නේ නෑ කියලා. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීමට ඛනිජ තෙල් සංස්ථාව කෙබඳු ප්‍රතිචාරයක් දැක්වූවාදැයි අප සොයා බැලීමු. තෙල් සංස්ථාව අමාත්‍යාංශයත් සමග එකතුවෙලා මේකට විසඳුමක් දෙන්න උත්සාහ කළා. 2012 වන විට මේ බාල ‍පොම්ප මොනවද කියල බලන්න කමිටුවක් පත්කළා. (D.M.P.C.)මේ කමිටුවෙන් ‍පොම්ප තෝරලා ‍පොම්ප 500ක් ගේන්න සූදානම් කළා. නමුත් 2015 ජනවාරි09 පස්සේ කිසියම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා “මගේ ‍පොම්ප ටික ගන්න” කියලා. එතැනින් ඒ වැඩේ හමාර වුණා. තෙල් සංස්ථාවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා හොඳ ‍පොම්පයක් ලබා දෙන්න. බරපතළ අවුලකයි සංස්ථාව ඉන්නේ. 2014 හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා තෙල් සංස්ථාවේ කමිටුවක්ද පත්කරලා ඉන්ධන ‍පොම්ප 495 අහඹු ලෙස පරීක්ෂා කරලා තියෙනවා. ඔහු ඊට පසුව අමාත්‍යංශ ‍ලේකම්ට වාර්තාවක් දෙනවා ‍පොම්පවලින් 40ක ඉන්ධන නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් කියලා.
ඉහළ නිලධාරීන් සියල්ල දන්නවා සංස්ථාව තියෙන්නේ අර්බුදයක කියලා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය. එසේම 1995 අංක 35 දරන මිනුම් එකක ප්‍රමිති හා සේවා පනතේ 22 වගන්තිය ප්‍රකාරව ‍පොම්ප පරීක්ෂා කර බලා මුදා තැබිමේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නේ කිරුම් මිනුම් නිලධාරීන්ටය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එවැනි බලයක් හිමි නොවේ.

නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.


චන්දන කාරියවසම්
 
Last edited:

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    තව හොර වැඩක් කරනවා තෙල් ගහන උන් පොම්පෙ මිරික මිරික අතහරිනවා එතකොට එයාර් බබල් එනවා..බාගෙට මිරිකගෙන ගහනවා එතකොටත් තෙල් වලට වැඩිය හුලං වදින්නෙ..තෙල් ගහන්න පුළුවන් ස්පීඩ් කට්ට තුනක් තියනවා අඩු ස්පීඩ් එකෙන් පොම්පෙ මිරිකන්නෙ නැතුව ගැහුවොත් තමයි නියම තෙල් ප්‍රමාණය වදින්නෙ මම පෞද්ගලිකව දන්නවා මහරගම ඩිපෝව ගාව තියන හයිවේ (දෙහිවල පාරෙ සිපෙට්කෝ එකේ ) මේ වැඩේ කරනවා අයියේ එකට දාලා අතඇරලා තෙල් ගහන්න කිව්වම ඌට මල පනිනවා කට්ට කැඩිලලු තියන්නෙ ගොඩක් ශෙඩ් වල උන් රබර් පටි දාලා හුලං යන විදියට ඇජස්ට් කරලා තියන්නෙ අඩුවෙන් තෙල් යන්න..මේ මහරගම ශෙඩ් එකේ හොරු හවසට බැලන්ස් කරලා ඉතිරි තෙල් ටික මම දන්න ගරාජ් එකක අයියා කෙනෙකුට විකුණනවා.. ආයෙත් පොම්පෙ මිරික මිරික තෙල් ගහන එකෙක් දැක්කොත් අම්මට හු*&%%% ගන්නෙ නැතුව පොම්පෙ කට්ට 1 ට දාලා තෙල් ගහන්න කියන්න...ඒක පාරිභෝගික ඔබේ අයිතියකි..මේවංචා වලට විරුද්දව රජය කටයුතු කරන්න ඕනා....
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දේශීය දේ අගයන්න ඕනේ උනත් ආයේ මම නම් සිපෙට්කෝ එකෙන් තෙල් පම්ප් කරන්නේ නැහැ කියල හිතා ගත්තා. මිට පස්සේ IOC ම ගහනවා. ඉන්දියන් උනත් උන් වංචා කරන්නේ නැහැ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    තව හොර වැඩක් කරනවා තෙල් ගහන උන් පොම්පෙ මිරික මිරික අතහරිනවා එතකොට එයාර් බබල් එනවා..බාගෙට මිරිකගෙන ගහනවා එතකොටත් තෙල් වලට වැඩිය හුලං වදින්නෙ..තෙල් ගහන්න පුළුවන් ස්පීඩ් කට්ට තුනක් තියනවා අඩු ස්පීඩ් එකෙන් පොම්පෙ මිරිකන්නෙ නැතුව ගැහුවොත් තමයි නියම තෙල් ප්‍රමාණය වදින්නෙ මම පෞද්ගලිකව දන්නවා මහරගම ඩිපෝව ගාව තියන හයිවේ (දෙහිවල පාරෙ සිපෙට්කෝ එකේ ) මේ වැඩේ කරනවා අයියේ එකට දාලා අතඇරලා තෙල් ගහන්න කිව්වම ඌට මල පනිනවා කට්ට කැඩිලලු තියන්නෙ ගොඩක් ශෙඩ් වල උන් රබර් පටි දාලා හුලං යන විදියට ඇජස්ට් කරලා තියන්නෙ අඩුවෙන් තෙල් යන්න..මේ මහරගම ශෙඩ් එකේ හොරු හවසට බැලන්ස් කරලා ඉතිරි තෙල් ටික මම දන්න ගරාජ් එකක අයියා කෙනෙකුට විකුණනවා.. ආයෙත් පොම්පෙ මිරික මිරික තෙල් ගහන එකෙක් දැක්කොත් අම්මට හු*&%%% ගන්නෙ නැතුව පොම්පෙ කට්ට 1 ට දාලා තෙල් ගහන්න කියන්න...ඒක පාරිභෝගික ඔබේ අයිතියකි..මේවංචා වලට විරුද්දව රජය කටයුතු කරන්න ඕනා....


    hora wesige puththu.pitarata wage apitama salli dala gahana machine thebbanam hari.owaye wada karana wesige puthalath ratata wadak athi job ekak karan nathai.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේකෙ දෙපැත්තක් තියෙනවා..
    මම හොඳටම දන්න නිසයි මේක කියන්නේ..
    සමහර වාහන වල ටෑන්ක් එකේ කට පොඩියි.. ඉතින් ඔටෝ දාලා ගහන්න බැහැ.. ඒ නිසා තමයි අල්ල අල්ල ගහන්නේ..
    ඒවා ඔටෝ ගහන්න දැම්මම ප්‍රෙෂර් එකට පැනලා නවතිනවා..
    අනික තමයි ශෙඩ් එකෙන් මීටරේ උදේට මාක් කරලා දෙන්නේ..
    ආපහු ගනන් බලන වෙලාවට උන් බේරන්න ඕන මීටරේ තියෙන ලීටර් ගානට..
    මේ කියන විදියට ඒකෙන් වාසියක් වෙනව නම් වාසිය වෙන්නේ ශෙඩ් එකේ අයිතිකාරයට මිසක් තෙල් ගහන උන්ට නෙමෙයි..
    තව දෙයක් තමයි ඕනම වෙලාවක අඩුවෙන් ගැහුවා කියලා ඔයාලට හිතෙනව නම් ශෙඩ් වල තියෙනවා සුදු යකඩ ලීටර් 5 කෑන් එකක්.. ඒක ඉල්ලගෙන ගහලා බලන්න.. ඒකත් ශුවර් නැත්නම් ලීටරේ මෙගා බෝතලයක් අරගෙන ඒකට ගහන්න කියන්න.. නැත්නම් ශෙඩ් එකේ ඔෆිස් එකට පැමිනිලි කරන්න..
    මේ කතාව මම කියන්නෙ ගොඩක්ම වගකීමකින්..




     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    අනික තමයි ශෙඩ් එකෙන් මීටරේ උදේට මාක් කරලා දෙන්නේ..
    ආපහු ගනන් බලන වෙලාවට උන් බේරන්න ඕන මීටරේ තියෙන ලීටර් ගානට..
    මේ කියන විදියට ඒකෙන් වාසියක් වෙනව නම් වාසිය වෙන්නේ ශෙඩ් එකේ අයිතිකාරයට මිසක් තෙල් ගහන උන්ට නෙමෙයි..



    මේ කතාව වැරදියි. 2006 දී අපේ ඔෆිස් එක තිබ්බේ දෙහිවල ෂෙඩ් එකක් ඉස්සරහා. අපි ඉස්සර රෑට ඔෆිස් එකේ ඩ්‍රින්ක්ස් දානවා සාමාන්‍යයෙන් සතියකට වරක්. ඉස්සරහ ඉන්න ෂෙඩ් එකේ ඉන්න උන් අපිත් එක්ක සැහෙන ෆිට්. අපි උන්වත් අඬගහගෙන තමයි ෆන් ගන්නේ. හවසට බජවු දානවා මොකද රෑ 11 පැන්නම ෂෙඩ් වලට එන සෙනග ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට අපි ෂෙඩ් එකේ උන්ට නවතන් දීලා තියන රුම් වලත් බොනවා.

    ඒදවස් වල උන් මාටියා ගහනවා. මොකද ගාන ෂෙඩ් එකලේ මැනේජර් ට බේරුවට පස්සේ උන්ට සල්ලි ගානක් ලාච්චුවේ ඉතිරි වෙනවා. ඒක උන් හවසට බෙදා ගන්නවා. නමුත් අපි දන්නේ නැහැ ඒක උන් කරන්නේ කොහොමද කියලා. මොකද ඒක ඒ දවස් වල අපිට එච්චර වැදගත් නැති නිසා වෙන්න ඇති. ඒ කාලේ අපිට වාහන තියා පොඩි මදුරුවෙක් වත් තිබ්බේ නැහැ. නමුත් හොර කරනවා කියල නම් දන්නවා. සමහර විට අඩුවෙන් තෙල් පම්ප් කරලද දන්නේ නැහැ.