තෙල් මිල ඇත්තටම ඉහළ ගියේ ඇයි ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෙල් මිල ඇත්තටම ඉහළ ගියේ ඇයි ?

    ඇතැමුන්ට අනුව තෙල් මිල ඉහළ යන්නේ අධ්රාජ්‍යවාදී කුමන්ත්‍රණ හේතුවෙනි. තෙල් සංස්ථාව පාඩු ලබන නිසාද, රජයේ අකාර්යක්ෂමතාවය නිසාද වශයෙන් විවිධ කතා මේ තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අසන්නට ලැබේ.

    අප දන්නා පරිදි තෙල් මිල ඉහළ යාමට බලපාන ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජය මාස හයක කාලයක් සදහා ඉරානයෙන් තෙල් ලබා ගැනීම අත්හිටුවන්නට තීරණය කරණු ලැබූ නිසයි.

    1153-z_new350.jpg


    ඉරානයෙන් තෙල් ලබා ගැනීම අත්හිටුවන්නට රජයට සිදු වන්නේ ඉරාණය සමග සබධතා පැවැත්වීම මගින් අප රටට ආර්ථික සම්බාධක ඉදිරියේ දී පැන වීමට අවධානමක් පවතින බැවිනි.මේයට වෙනස් ආකාරයේ ඉහත සදහන් කරන වර්ගයේ කුමණ්ත්‍රන ආදි එකි මෙකි නොකී දෑ මේ තීරණය පසු පස තිබෙනවාද යන්න ගැන අප නොදන්නෙමු. එවැනි දෑ පවතින බව දන්නා අය වන්නේ නම් අපව දැනුවත් කරණ මෙන් ඉල්ලමු. නමුත් අප දන්න ෙසත්‍ය හේතුව වන්නේ ඉහතින් අප සදහන් කළ හේතුව බවට අපට විස්වාසය.

    රජයේ ආකර්යක්ෂමතාවය ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම් කර ඇති බවද එම පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරයි. මෙහි ප‍්‍රධාන විරෝධතාවය කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට දී පවත්වන බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

    මේ අතර තෙල් සංස්ථාව ලබන පාඩුව පියවා ගැනීමට රජය ඉන්ධන මිල ඉහළ දමා ඇති බව ජන අරගල ව්‍යාපාරයේ පුබුදු ජාගොඩ මහතා සඳහන් කරයි.

    ලංකා ඉතිහාසයේ වැඩි ප‍්‍රතිශතයකින් තෙල් මිල ඉහළ දමා ඇති බවත් එය රජය මුදල් ඉපයීමේ අරමුණින් කරන ලද්දක් බවත් එක්සත් ජාතික පක්ෂය මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

    Source:

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    ආණ්ඩුවෙන් කියන්නේ නම් ලෝක තෙල් අර්බුධය නිසා මෙහෙම වුනා කියලා..:dull: