මචන්, සරවම කියුවොත් අපේ රටේ තෙල් මිල ලේසියෙන්ම ස්ථාවර කරගන්න පුළුවන්, නිකමට හිතපන් අපේ රටට අයිති තෙල් ටැංකි 100 විතර තියෙනවා එකෙන් සැහෙන ගණනක් පාවිච්චි කරන්න බැරි තරමට සවුත්තු වෙලාලු (අපේ දේශප්‍රේමී දේශපාලුවෝ කියන විදියට ඇත්තද දන්නෙත් නෑ), පුළුවන් ටික ඉන්දියන් කම්පැනි එකකට බදු දීල ඒ ඉන්දියන් කම්පැනි එකෙන් ටැංකි කීපයක් සිපෙට්කෝ එක ආපහු බදු අරගෙන අපිට ගේන තෙල් ගබඩා කරන්න. හරියට නිකන් අපේ ගෙයි කාමරයක් 500 කට බදු දීල අපිම ඒ කාමරේන කොටසක් ආපහු බදු ගන්නවා කලින් බදු ගත්ත එකාගෙන් 1000ක් දීල වගේ වැඩක් (මේ උදාහරනෙම කියුවේ රතු අලි පැටියා) ඔය ටැංකි ටිකට තෙල් ටිකක් ගබඩා කරගන්න බැරි ඇයි මචන්ල, එක තෙල් නැවක් ආවේ නැති උන ගමන් වරාය දිහා බලාගෙන කෑන් තියාගෙන පෝලිමේ ඉන්නේ නැතිව අවරුදු 3 කට විතර ස්ටොක් එකක තියාගන්න බැරි ඇයි?? උත්තරේ සරලයි මචන්, එහෙම ස්ටොක් එකක් තියෙනවනම් මිල ස්ථාවර වෙනවා මොකද ලෝක වෙලදපොලේ අඩු වෙන වෙලාවට තෙල් අරගෙන ස්ටොක් කරගන්නවා වැඩිවෙන වෙලාවට රට ඇතුලේ තියෙන ටිකක් පාවිච්චි කරනවා, මුන් ඒක (අපේ දේශප්‍රේමී දේශපාලුවෝ) නොකරන්නේ මුන්ට හම්බවෙන කමිෂන් එක නැති නොකර ගන්න බන්. තෙල් ටැංකි ටික පවර ගන්න කැබිනට් පේපර් එකක් දාල එක අනුමත වෙලත්, එයිලග කැබිනට් රැස්වීමේදි කලින් අනුමත උන කැබිනට් පේපර් එක කැන්සල් කරන්න තරම් දේශප්‍රේමයක් තියෙන ඒකට අත උස්සන්න උස්සන්න තරම් රටට ආදරයක් තියෙන දේශපාලුවෝ ඉන්න රටක් මචන් මේක. එත් ඉතින් එකක් එක පක්ෂ වලින් එන නායකොයෝ රටට තියෙන ආදරය නිසා නිදහස ලැබිල අවුරුදු 70 ක් වෙනකොට අපේ රට බිලියන ගානක් ලෝකෙට ණය කරලා, අපිත් පක්ෂ වලට බෙදිලා අපේම උන් එක්ක කෙළගෙන මේවට අඩු වැඩියෙන සපෝර්ට් කරලා.
අපේ රටට මොනවයින් අඩුවක්ද බන්, අර සින්දු කෑල්ලක් තියෙන්නේ "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" කියන එක සහතික ඇත්ත