උබත් හැම තැනම දන්නවා නේ
ඔව් ඔව් .....![]()
![]()
![]()
![]()
අතීතයේ මහවැලි ගඟයි හුළු ගඟයි එකතු වුනු තැනට ඉස්සරහින් තමා වික්ටෝරියා - රන්දෙණිගල ජලාශ හදන්නේ,මහවැලි ව්‍යාපෘතිය යටතේ.
මම දැකලා තියෙන විදිහට ගංගාවක් දිගේ උඩට යනකොට ලංකාවේ වැඩිම අතු බෙදීම් ප්‍රමාණයක් දකින්න පුළුවන් හුළු ගඟේ තමයි.
ඒක වෙන්නේ නකල්ස් ප්‍රධාන කඳු වැටියේ ( කිරිගල්පොත්ත - අළුගල් කන්ද වෙනකන් ) කඳු මුදුන් යාකරන මධ්‍ය රේඛාවන් නිරිත බෑවුමේ එක දිගටම බෑවුම තියෙන්නේ.අතරමැදි උස් කඳු මුදුන් පිහිටන්නේ නෑ. ඒක නිසා නිරිත බෑවුමෙන් හැමතැනින්ම පහලට ගලාගෙන එන වතුර ඔක්කොම හුළු ගඟට එකතු වෙන්නේ. ඒක නිසා සාපේක්ෂව අතු ගංගා රාශියකින් වතුර එකතු වෙනවා.
නකල්ස් ප්‍රධාන කඳු වැටියෙන් උතුරු සහ ඊසාන බෑවුමෙන් පස්සේ දිගටම පොකුරු කඳු තියෙන්නේ. සංකීර්ණ භූ විෂමතාවක්. ඒක නිසා වතුර එක අතකට ගලනවා වෙනුවට පහත්බිම් කිහිපයක් ඔස්සේ ගංගා , ඔයවල් කිහිපයක් නිර්මාණය වෙනවා.
තෙලගමු ඔය, කළුගඟ, හීන්ගඟ, කරඹකැටිය ඔය...
තේරුනාද මන්දා බන්...ඕක සිතියමකින් ඇන්දා නම් පැහැදිලි වෙනවා ඔයිට වඩා.











