තේජවන්ත ඇත් රජුගේ නිසල සිරුර (සංවේදී ජායා&#351

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
තේජවන්ත ඇත් රජුගේ නිසල සිරුර (සංවේදී ජායා&#351

vv-9.png


දිනපතාම වනාන්තර විනාශ කරද්දී, අලි, ඇතුන් ප්‍රමුඛ වූ සතුන් දඩයම් කරද්දී ඔවුන්ව ආරක්ෂා කිරීම පිණිස ජනතා බදු මුදලින් නඩත්තු වන වනජීවී දෙපාර්තුමේන්තුව සහ අනෙකුත් ආයතන දිගින් දිගටම නිද්‍රාශීලී පිලිවෙතක් අනුගමනය කරමින් සිටිනවා.

මේ බව වඩාත් ත්‍රීව්‍ර කරමින් ඉකුත්දා පානදුර -වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුනු තොරතුරක් මත අත් අඩංගුවට ගැනුනු කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී සොයා ගැනුනු ඇත්දළ යුගලය ගල්ගමුවේ කිසිකෙනෙකුට හිරිහැරයක් නොකර සිටි ගල්ගමුව දළ පුට්ටුවාගේ බවට පරිසරවේදීන් විසින් සොයා ගැනීමත් සමගයි..

වයඹ වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂක වරයා සිදුවීම යට ගහන්නට උත්සහ කෙරුවත් පරිසරවේදීන්ගේ දැඩි බලපෑම හමුවේ දිගින් දිගටම ඝාතනය කෙරූ ගල්ගමුව දළ පුට්ටුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරා.

එහි ප්‍රථිපලයක් ලෙස අද දින ඝාතනය කර දෙදළ කපා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර කහල්ල පල්ලෙකැලේ , මොරගොල්ලාගම සොරොව් වැව ප්‍රදේශයේ දී හමුවී ඇති අතර වෙඩි වැදීමෙන් පසු ඇදවැටුණු හස්තියාගේ සිරුරේ කොටස් වළ දැමීමකින් තොරව ඔහේ තැබීමට මේ තිරිසන්න්නුන් විසින් ක්‍රියා කොට තිබුනා.වනය තුල දිරාපත් වෙමින් තිබූ ඇත් සිරුරේ පිටුපස වම් පාදයට වෙඩි වැදී පෙර ප්‍රතිකාර කල සළකුණු මගින් ලොකු පූට්ටුවාගේ සිරුර හඳුනා ගැනුනා..


24067917_610801615977827_4075448926506563563_n.jpg


24067829_610801752644480_8522426248547312686_n.jpg


24296723_1486451714786564_3773711515073063796_n.jpg


ගල්ගමුව වනජීවී කලාපය අලි ඇතුන් බහුලව සිටින කලාපයක්‌ වන අතර ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආසියාවේ හොඳම ස්‌වාභාවික විල් ඇති විල්පත්තුව වනෝද්‍යානයට යාමට පොළොන්නරුවේ සෝමාවතී රක්‌ෂිතයේ සිට තිබූ අලිමංකඩ, ගල්ගමුව හරහා තිබීමයි.

මේ වනෝද්‍යානයට මෙරට වල්අලි දක්‌වන්නවූ මහත් රුචිකත්වය නිසා හබරණ කැලය, කලාවැව, බළලුවැව, කහල්ල, මහ සියඹලන්ගමුව, රැස්‌වෙහෙර, සියඹලන්ගමුව ඔය, බුදුරුවකන්ද, ගිරිබාව, හෙට්‌ටිආරච්චිගම, පුත්තලම් පාරේ 12 – 17 කණු අතර ප්‍රදේශයෙන් කලාඔය හරහා විල්පත්තුවට අලින් සංචරණය වීම සිදු වනවා.

ලංකාවේ සිටින දළ ඇතුන්ගෙන් වටිනාම දළ ඇතුන් සිටින්නේ ගල්ගමුව වනජීවී ආරක්‍ෂක අඩවියේ බැව් පැවසෙන අතර ගල්ගමුව, අඹන්පොල, නිකවැරටිය, කොටවෙහෙර, මහව, රස්‌නායකපුර, ඇහැටුවැව, ගිරිබාව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ආවරණය වන පරිදි ගල්ගමුව වනජීවී කලාපය නිර්මාණය වී තිබෙනවා.

ගල්ගමුව දළ පූට්‌ටුවා වෙඩි ප්‍රහාරයකින් වම් පාදයේ සිදුවී ඇති තුවාලයක් නිසා කලක සිටි පීඩා විඳි අතර වයස අවුරුදු 40 ක්‌ පමණ වන මෙම සත්ත්වයාට දඩයක්‌කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමක්‌ හේතුවෙන් අන්ධ වී සිටියා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේයෙන් පසු ගල්ගමුවේ දළ පූට්ටුවා දක්නට නොලැබීම හේතුවෙන් කලබලයට පත් වූ පරිසරවේදීන් නොසිටින්නට වනජීවී දෙපාර්තුමේන්තුව ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව කිසිඳු හාවක් හූවක් නොමැතිව සිටියේය.

පසුගිය දින කිහිපයේදීම මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මීට ප්‍රථම පරිසරවේදීන් දිගින් දිගටම පොල්පිතිගම අල්ලපු දළ යුවල පූට්ටුවගෙ කියලා ප්‍රකාශ කෙරුවත් ඔවුන් එය පිළිබඳව මුනිවත රකිමින් සිටියේය..

“දළ පරණයිලු.. පූට්ටුවගෙ නෙවෙයි ලු… කිසිම තොරතුරක් නැතුව, කිසිම දත්තයක් නැතුව, පරීක්ෂණ වාර්තා එන්නත් කලින් එක එක කතන්දර කියලා තමන්ගෙ නොහැකියාව තවත් ප්‍රදර්ශනය කරන වනජීවී දෙපාර්තුමේන්තුව ඇතා ගැන අවංකවම ආදරයක්, කැක්කුමක් තියෙන බවක් පෙන්නුම් නොකලේ දැඩි සැකයක් මතු කරමිනි..

ඒ පිළිබඳව සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ දළ පූටූඋවාගේ හෝ අනෙක් ඇත්තුන්ගේ ඪ්ණැ එකතුවක් හෝ දෙපාර්තුමේන්තුව සතුව නොමැති බවයි..

වනජීවී ඇමති ගාමිනි ජයවික්‍රම මහතාගේ පත් වීමක් අනුව දැනට වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. සුමනසේන මහතා වනජීවී දෙපාර්තුමේන්තුවෙන් විශ්‍රාම ගිය එහෙත් වනජීවී ඇමතිවරයාගේ අනුහසින් යළි පත් වීමක් ලබා ගත් අයෙක් බවද හෙළිවී ටිබෙනවා.

හේරත්ගම, ගල්කිරියාගම, ගල්ගමුව සහ මීගලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරි කණ්ඩායම් 4ක් දළ පූට්ටුවාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බවට වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න සඳහන් කර සිටියත් දළපූට්ටුවා ඝාතනය කල බවට සැකපිට අත් අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරයා සහ රියදුරා සහ එක් සැකකරුවෙකුගේ ඔහුගේ සොහොයුරෙක් බව කියන වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩ කරන තවත් අයෙක් සමගත් වනජීවී ඉහළ පෙලේ නිලධාරීයෙක්ගේ සම්බන්ධයක් ඇති බවටත් පරිසරවේදීන් විසින් හෙලි කරගෙන ඇතැයි සඳහන්..එම නිසා මෙම පරීක්ෂණ කටයුතු යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවටත් පරිසරවේදීන් සැක පල කරනවා.ප්‍රදේශයෙන් පලා ගොස් සිටින භික්ෂුවක් සොයා ඒ පිළිබඳවත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දැනට පරිසරවේදීන් සැක පල කරන්නේ ඔවුනට ලැබී ඇති තොරතුරු අනුව දැනට අත් අඩංගුවේ සිටින එක් සැකකරුවෙකුගේ සහෝදරයෙක් වන වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩ කරන පුද්ගලයෙක් ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබදව මීට ඉහතදී තොරතුරු සොයා බැලීමක් සිදුකොට ඇති බවත්ය.

එමෙන්ම ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන බැකෝ යන්ත්‍ර වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ බවත් ඔවුන් සැක පල කරනවා.

මේ සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවත් වලාන දූෂණ මර්දන ඒකකය පවසයි. පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදුකරයි.

දිගින් දිගටම පරිසරවේදීන් විසින් දැනට ඉතිරි වී සිටින ඇතුන්ගේ ආරක්ෂාව පිණිස කිසියම් හෝ වැඩපිලිවෙලක අවශ්‍යතාවය මතු කර සිටියත් වනජීවී දෙපාර්තුමේන්තුව ඒ කිසිඳු කරුණක් පිළිබඳව තැකීමක් නොකර සීතල කාමරවල වී සිටිය නිසා මේ තත්වය උදා වී ඇති බව අපේ රට වෙබ් අඩවිය ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම දැනට අත් අඩංගුවේ සිටින සැකකරුවන්ගේ දුරකථන සංවාද පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්නේ නම්, අදාල සැකකරුවන් සහ වනජීවී දෙපාර්තුමේන්තුවේ ඉහල පෙලේ නිලධාරීන් සමග පැවති සබඳතාවයද හෙළි කර ගැනීමේ හැකියාවක් පවතින බවත් කිව යුතුමයි..!


24131122_1486509648114104_181993107311877201_n.jpg


24058808_1483285215103214_3726655486153003334_n-1.jpg


23916542_1484452341653168_6175561712688176588_o.jpg


REp+++++++++++
 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවට සම්භන්ධ එක බල්ලෙක්වත් තියන්න හොඳ නෑ. පුදුම ජරා රටක් මේක. ශික්. සතෙක්ටවත් ඉන්න නෑ.:growl::growl::growl:
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    ඔකුන්ටනම් හොදක් වෙන්න එපා මේ වගේ අසරණ සතෙකුට කල අපරදෙට
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    දැන් වරද කරුවනුත් අල්ලයි පොලිසිය මහන්සිවෙලා.
    ඊටපස්සෙ පොඩිගානක දඩයට යටත් කරලා ගෙදර එවයි.
    ඉතින් කොහොමද මිනිස්සු එමවරදම අයෙ නොකරන්න බයවෙන්නේ.ඔන්න ඔතනත් යල්පැනපු බවත් රට හදන්න තියන ලොකුම බාධාවක්.තව තව බාධා නැතුවනෙවෙයි.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,964
    113
    මේ ඇතත් පෙර භවයක දඩයක්කරුවෙක් වෙලා ඇතුන්ට වෙඩි තියන්න ඇති.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇයි බාං මේ අහිංසක සතා මැරුවේ..... මේ කාලකණ්නි... තුං නොදකින්....