තේජවන්ත ඇත් රජුගේ නිසල සිරුර (සංවේදී ජායා&#351

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දැන් වරද කරුවනුත් අල්ලයි පොලිසිය මහන්සිවෙලා.
    ඊටපස්සෙ පොඩිගානක දඩයට යටත් කරලා ගෙදර එවයි.
    ඉතින් කොහොමද මිනිස්සු එමවරදම අයෙ නොකරන්න බයවෙන්නේ.ඔන්න ඔතනත් යල්පැනපු බවත් රට හදන්න තියන ලොකුම බාධාවක්.තව තව බාධා නැතුවනෙවෙයි.
    :yes:
    මේ ඇතත් පෙර භවයක දඩයක්කරුවෙක් වෙලා ඇතුන්ට වෙඩි තියන්න ඇති.

    :yes:
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ubalatath innakal agayak ne.malata passe adanawa dodanawa, hena illanawa, hodata as arala balahalla, me ratame ganata wetila thiyenne bath packet akata arakku bothaleta puka denna gihillai,min mathuwata wath kalpana karala 225 thora ganilla.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අතීත සංසාරයේ කරන ලද අකුසල කර්ම විපාකයන්ට අනුව තිරිසන්ගත ආත්මයක් ලැබ අති මහත් දුක් කම්කටොළු වලට මැදිව ගෙවූ තිරිසන් ගත සංසාර නිමාවේ.....
    ලද අවසන් ආත්මයේදී ද තිරිසන්ගත සත්වයන් අතරින් ශ්‍රේෂ්ඨතම සත්ව ආත්මයක හිමිකම් ලබමින් මනරම් දළ යුගලයකට හිමිකම් කීවත්, ඇස් අන්ධව, පා තුවාලින් යුතුව අතිමත් දුකට පත්වෙමින්, තෘෂ්ණාධික පාපතර මනුශ්‍යයෙකුගේ වෙඩි පහරින් සිය හුස්ම පොදට සීමා ලැබ මෙලොවින් සමුගත් ගල්ගමුවෙ ඇත්‍ රජුනි.....
    ඔබට නිවන් සුව...!!!
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    #දල_පූට්ටුවගේ_විලාපය
    දෑස නොපෙනුනනත් ඒ මගේ වරදින් නොවේ මිනිසුනේ. ඒ උඹලාම මට කරපු වින්නැහියක්. ඒ වින්නැහිය නිසා මම කොච්චර විදෙව්වද කියල උඹල දන්නෙ නැතුව ඇති.
    උඹල මගේ ඇස් දෙක උදුරගත්ත වෙලාවෙ මම කොච්චර කැගැහුවද. කොච්චර වේදනාවෙන් දැගලුවද. ඒත් උඹලට ඒක දැනෙන්න උඹලට හදවතක් තිබුනෙ නැ ඒ වෙලාවෙදි. එදා ඉදල මම කෙච්චර නම් දුක් කන්දරාවකට මුන දුන්නද.
    මම කෙච්චර බඩගින්දරේ ඉදල තියෙනවද කියල උඹල දන්නවද....
    මම කොච්චර ගල් මුල් වල වැදි වැදි ගිහින් මගෙ බඩට මොනව හරි කෑමක් හොයාගන්න දුක් වින්ද හැටි උඹල දන්නවද...
    ඇස් පේන්නෙ නැති මම,
    පාරක් හොයාගන්න බැරුව මට හිතෙන පාරෙ යන්න ගත්ත.
    මම උඹලගෙන් ඇතට යනව කියල හිතාගෙන සමහර දවස් වලට උඹලගෙ ගොවි බිම් වලට ඇවිත්. මම දන්නෙ නැ දෙයියනේ ඒ උඹලගෙ ගොවි බිම් කියල.
    සමහර දවස් වලට එනව ගෙවල් ලගටම උඹලගෙ
    එතකොට රතිඤ්ඤ දාල වෙඩි දාල මාව එලවනව. කලබල වෙනව තමා මේ ඇස් පේ⁣න්නෙ නැති මාව ඒ වෙලාවට. යන්න එන්න පාර පේන්නෙ නැති මට යන්න පුලුවන් කියල හිතෙන දිහායින් යන්න හදන්නෙ උඹලගෙන් ඈත්වෙලාම ඉන්න. එතකොට උඹලගෙ බව භෝග මම අතින් විනාශ වුනා. ඒත් මම මොනා කරන්නද...........
    මගෙ ඇස් දෙක අරගත්තත් මම සාප කලේ නැ උඹලට. මම එදා ඉදන් දුක් විද විද මගෙ ජීවිතේ ජීවත් කරවන්න වෙහෙසුනේ අන්දකාර ලෝකෙක තනිවෙලා. මට උදව්වට කවුරුත් හිටියේ නැ. මට පාර පෙන්නන්න කවුරුත් හිටියේ නැ. එහෙම ඉදල මම මගෙ ජීවිතේ ජීවත් කෙරෙව්වේ.
    එහෙම ජීවත් කරවපු ජීවිතේ ඇයි මගෙන් උඹල උදුරගත්තෙ. ඇයි මගෙ ඇස් දෙක අරගත්ත මදිද. මගෙ දල දෙක කපන්න ඇයි මාව මරල දැම්මෙ. මේ දල දෙක හැදුනෙ මම දුක් විදල මේ ජීවිතේ ජීවත් කරවපු නිසා කියල උඹලට අමතක වුනාද.....?
    උඹල මට වෙඩි තියද්දි මම කොච්චර කෑ ගැහුවද.....
    උඹලට මම කොච්චර කැගහල කීවද මාව මරන්න එපා කියල.....
    මම උඹලගෙන් ඈතට දුවන්ක කොච්චර දැගලුවද...
    මම කොච්චර වේදනාවක් වින්දද කියල ඇස් දෙක හොදට පෙනුන උඹල හොඳටම දැක්ක නේද....
    එහෙම පෙනි පෙනි උඹල හිනාවෙවී මට වෙඩි තිබ්බෙ ඇයි.....
    මම දුක් විද විද වේදනාවෙන් මිරිකිලා වැටිල පන අදිද්දි උඹල මගෙ දල දෙක කැපුවෙ ඇයි කියපල්ල.....
    මගෙ හැමදේම ගත්ත උඹල, ඇයි මගෙ දල දෙක ගන්න මට වෙඩිතියල, මගෙ ඇස් පියවෙනකම්වත් හිටියෙ නැත්තෙ. පන අදින මගෙ දල දෙක කපද්දි මගෙ වේදනාව කැගහල කියන්න මට හයියක් නැ ඒ වෙලාවෙ උඹලට. එහෙම තියාගෙන වේදනාවෙන් හිටිය මගෙ දල කපාගෙන උඹල ගියා. මගෙ පන ටික ගියේ මගෙ හැම වේදනාවක්ම නැතිකරගෙන.
    උඹලට සාප නොවි තියෙයිද.
    උඹලගෙ පවුල් පිටින් හැදි ගැවිලා නොයා තියෙයිද
    ⁣සොබාදහමෙ ජීවත් වුනේ මම උඹලගෙන් මරනය වැලදගන්න නෙමේ...
    එහෙම හිටපු මාව මරපු උඹලට සොබාදම් මාතාවගෙන් සාප නොවි තියේද.....
    බුදුන්ගෙ කාලෙ බුදුන්ට උපස්තාන කරපු ජාතියක් අපි.....
    ඒක උඹලට අමතක වුනාද.....
    දලදා මාලිගාවෙ කරඬුව වඩම්මන්නෙ මගෙ පරපුරේ ඇත් රජෙක්......
    සුමනසමන් දෙවිහාමුදුරුවන්ගෙ වාහනය අපෙ පරපුර......
    ශාසනය ආරක්ෂා කරන දෙවිදේවතාවන් උඹලට සාප නොකර ඉදීද....
    ඒ මොන සාපෙ නැතත් උඹලට මේ වේදනාවෙන් කැ ගහන මගෙ සාපෙ වදින්නම ඕන. තියෙන අඩියක්වත් උඹලට හරියන්න එපා ඇගට වදින දූවිලිපොද පවා උඹලට හෙනයක් වෙන්න ඕන.
    මගෙ වේදනාව කොච්චර කීවත් ඉවරයක් වෙන්නෙ නැ. ඒත් මම හුස්ම ටික යන් අන්තිම මොහොතේ ප්‍රාර්ථනා කරන්නෙ එකදෙයයි. හදවත් නැති උඹල අතර කුරා කූඹියෙක් වෙලාවත් ඉපදෙන්න එපාකියල.
    හිතට දැනුන දුක ලීව.....෴
    Woharika Sri
    2017.11.30