~~~~තේරවාදී බුද්ධ ධර්මය~~~~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ~~~~තේරවාදී බුද්ධ ධර්මය~~~~

    Bouddha-19ff6.gif


    තේරවාදී බුද්ධ ධර්මය යනු දැනට පවතින පැරණිතම බෞද්ධ සම්ප්‍රදායයි. එය සාපේක්ෂව ගතානුගතික හා මුල් යුගයේ බුද්ධ ධර්මය හා ඉතා සමීප වේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වුයේ ක්‍රි.පු. 250 දී පැවති තුන්වන ධර්ම සංඝායනාවේදී ඇති වු වැඩිහිටි භික්ෂුන් වහන‍්සේලා කණ්ඩායමක් වන විභජ්ජවාද කණ්ඩායමෙනි. මෙම සාම්ප්‍රදාය ඉන්දියාවෙන් ක්‍රමයෙන් පිරිහී ගිය මුත් ශ්‍රී ලංකාව හා ගිනිකොණ දිග ආසියාවේ තවමත් නොනැසි පවතී.


    තේරවාදී බුදුදහම පාලි ධර්ම ග්‍රන්ථ හා පාලි අටුවා ග්‍රන්ථ මත විශේෂයෙන්ම පදනම්ව කටයුතු කරයි. සියවස් ගණනාවක් තිස්සේ කට පාඩමින් පැවත ගෙන ආ පාලි ධර්මය ක්‍රි.පු. අවසාන සියවසේ දී ශ්‍රි ලංකාවේදී ග්‍රන්ථාරූඪ කෙරැනු අතර තේරවාදී බෞද්ධයෝ මෙය 4 වන ධර්ම සංඝායනාව ලෙස හඳුන්වයි. තේරවාදී සම්ප්‍රදාය තුළ සියළුම සුත්‍ර හා විනය සහිත ත්‍රිපිටකයේ පැරණිතම බුද්ධ දේශනාව අඩංගු වන බව බොහෝ වියතුන් පිළිගන්නා අතර එහි සත්‍යතාව සියළුම බුද්ධ සම්ප්‍රදායන් පිළිගනිති.

    තේරවාදය විභජනවාදය හෙවත් විමර්ශනයෙන් අනතුරුව පිළිගැනීම යන මතයට පිළිගැනීමක් ලබාදේ. ධර්ම ග්‍රන්ථවලට අනුව යමෙකුගේ විදර්ශනාත්මක බුද්ධිය අන්ධ භක්තියෙන් නොව අත්දැකීමෙන් විශ්ලේෂණයෙන් හා හේතු සහිතව ඇතිවිය යුතුය.


    තේරවාදී බුද්ධ ධර්මය අනුව සත්වයාගේ පැවැත්ම හා දුකට හේතුවෙන්නේ තණ්හා, ක්‍රෝධය හා අවිද්‍යාවයි. මේවා කෙලෙස් සිත දුෂණය කරමින් දුක හා පීඩනය ඇති කරයි. යමෙකුට මෙම පීඩා වලින් මිදීමට අවශ්‍ය නම් කෙලෙස් තම සිත තුළින් සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතුය. භාවනාවේ යෙදෙන්නා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව නිර්වාණය ලබා ගත හැකි අතර තේරවාදී බුදුදහමේ අවසාන හා එකම අරමුණ නිර්වාණයයි.

    ශ්‍රී ලංකාව, මියන්මාරය, ලාඕස්, තායිලන්ත හා කාම්බෝජය මෙන්ම චීනය, වියට්නාමය මැලේසියාව හා බංගලාදේශයේ සමහර කොටස්ද තේරවාදීබුදුදහම අනුගමනය කරති. යුරෝපයේ හා ඇමරිකාවේද එයට ලැබෙන පිළිගැනීම ඉහල යමින් පවතී.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA


    :) අන්‍යාගමිකයන් අතරෙ නොහික්මුන සුලුතරයෙ උඹලට ඔච්චරයි උඹට කරන්න පුළුවන් මිත්‍රයා.
    දැන් බලන්න උඹ අදහාගෙන ඉන්න ආගම ගැන මේක දකින දකින අයගෙ හිත් තුළ ඇති වෙන භක්තිය... :oo:
    තෙරුවන් සරණයි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :) අන්‍යාගමිකයන් අතරෙ නොහික්මුන සුලුතරයෙ උඹලට ඔච්චරයි උඹට කරන්න පුළුවන් මිත්‍රයා.
    දැන් බලන්න උඹ අදහාගෙන ඉන්න ආගම ගැන මේක දකින දකින අයගෙ හිත් තුළ ඇති වෙන භක්තිය... :oo:
    තෙරුවන් සරණයි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:mokakda me kiyala thiyenne?
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    නමෝ බුද්ධාය
    "දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
    අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ
    සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !"

    ~~සළායතන සංයුක්තය - උද්දාන ගාථා~~~
     
    Last edited: