තේරුම් ගනිල්ලා මෙන්න මේක කියවලා..

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තේරුම් ගනිල්ලා මෙන්න මේක කියවලා..

    ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing ) තරගාවලියක් පැවැත්වීමට තීරනය කල අතර,
    එක් බෝට්ටුවක සමාජිකයන් අට දෙනෙකු බැගින් විය ...

    කන්ඩායම් දෙකම දීර්ඝ පුහුණුවකින් පසු තරඟය පවත්වන දින වන විට පූර්ණ සූදානමකින් පසු විය..
    එහෙත් ජපන් කන්ඩායම කීලෝමීටරක දුරක් ඉදිරියෙන් සිටිමින් තරඟය පහසුවෙන් ජයගත්තේය..
    පරාජය හමුවේ ලංකාවෙ කන්ඩායම දැඩි මානසික පසුබෑමකින් පසු විය..

    ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා ගත් සමාගමේ පරිපාලනය , කන්ඩායමේ අඩු පාඩු සොයා බැලීමට නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරින..

    දීර්ඝ කරුනු සලකාබැලීමකින් පසු ඔවුන් නිරීක්ෂණය කලේ ජපන් බෝට්ටුවේ එක් අනදෙන්නෙකු සහ හබල් ගසන්නන් සත් දෙනෙකු සිටින අතර ලංකා කන්ඩායමේ එක් හබල් ගසන්නෙකු සහ අන දෙන්නන් සත් දෙනෙකු සිටින බවය ..

    මෙම ප්‍රශ්නය තවදුරටත් නිරාකරනය කරගෙන පිලියම් සොයා ගැනීම සඳහා උපදෙස් ( consultant ) ආයතනයකට බාර කෙරිණි ..

    මාස,කිහිපයක දීර්ඝ නිරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය වුයේ ලංකා කන්ඩායමේ හබල් ගසන්නන්ගේ ප්‍රමානය අඩු බවත් , අන දෙන්නන්ගේ ප්‍රමානය වැඩි බවත්ය ..
    මෙම වාර්තාව පදනම් කර ගනිමින් කන්ඩායමේ ක්ෂණික වෙනස් කම් ඇති කිරීමට සමාගම තීරණය කලේය..

    අලුත් කන්ඩායම අන දෙන්නන්ගේ ප්‍රමානය අඩු කිරීමට තීරණය කරමින් , අන දෙන්නන් සතර දෙනෙකුත්, අනදෙන්නන් සුපවයිසර් කිරීමට දෙදෙනෙකුත් , සුපවයිසර් නීරීක්ෂනයට එක් කෙනෙකුත් හබල් ගැසීමට එක් කෙනෙකුත් ලෙස සංශෝධනය කෙරින.. හබල් ගසන්නාගේ ආත්ම ශක්තිය වර්ධනය සදහා ප්‍රවීන පොරුශ වර්ධනය උපදේශකයකු සහය ලබා ගැනින..

    අවුරුද්දකට පසු පැවැත්වූ තරඟයෙන් ජපානය කිලෝමීටර් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරඟය ජය ගැනිනි..

    කිපුනු පාලන අධිකාරිය විසින් වහාම බලපැවැත්වෙන පරිදි දුර්වල ප්‍රතිපල මත හබල් ගසන්නා සේවයෙන් පහ කෙරිණි ..

    කෙසේ වෙතත් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සමාගම අනෙක් සත් දෙනාට බෝනස් මුදලක් ලබා දිනි..

    නැවතත් උපදේශන ආයතනය විසින් පරාජයට හේතුව අධ්‍යනය කරමින් කියා සිටියේ තරඟයේ පාවිච්චි කරන ලද උපක්‍රම හොඳ බවත් , කැපවීමත් තීබු බවත් , නමුත් බොට්ටුව සැදීමේදි යොදාගත් අමු ද්‍රව්‍ය මීට වඩා දියුනු කල යුතු බවත්ය ...

    ලංකා සමාගම මේ වන විට යුහුසුළුව කැපවීමකින් අලුත් බොට්ටුවක් නිර්මාණය කරමින් සිටී...!!!!!!

    මේක බුකියෙන් ඉස්සුවේ කතාව ඇත්ත හැබැයි
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕක මාෆියා එකක් අපේ රටේ තියන, හැම ක්ෂේත්‍රයකම ඕහොම එකක් තියනවා, උදා:- මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රතිපත්තියක් ඇතුව නෙවෙයි .ඒකියන්නෙ ඕවා හරියටක්‍රියාත්මක වෙන රටල් ගොඩක් දියුණුයි, (ජපානය ව්ගේ රටවල් ව )අපේ රටේ ඕවා තියෙන්නෙ පුටුවල ඉන්න එවුන්ගෙ බඩ වඩාගන්න මිසක් ඒ අදාල ක්ෂේස්ත්‍රය දියුණු කරන්න නෙවෙයි,
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ඕක මාෆියා එකක් අපේ රටේ තියන, හැම ක්ෂේත්‍රයකම ඕහොම එකක් තියනවා, උදා:- මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රතිපත්තියක් ඇතුව නෙවෙයි .ඒකියන්නෙ ඕවා හරියටක්‍රියාත්මක වෙන රටල් ගොඩක් දියුණුයි, (ජපානය ව්ගේ රටවල් ව )අපේ රටේ ඕවා තියෙන්නෙ පුටුවල ඉන්න එවුන්ගෙ බඩ වඩාගන්න මිසක් ඒ අදාල ක්ෂේස්ත්‍රය දියුණු කරන්න නෙවෙයි,

    :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ මිනිස්සු හැදිලා ඉන්නේ ඔහොම බන්..දැන් රජය උනත් බලපන්කො..හැම එකටම කමිටු දානවා..කෝ ඒ කමිටු වල වාර්තා...කෝ ඒවාට ගත්ත ක්‍රියාමාර්ග ..?
    ...රටක් දියුණු වෙන්න නම් මිනිසුන්ගේ ආකල්ප හැදෙන්න ඕනි..ඉතින් රටක පාරම්පරික ගතානුගතික අදහස් වලින් පිරුණ මිනිස්සු ඉන්න කොට කොහොමද රටක් දියුණු වෙන්නේ ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙලින් තීන්දු තීරණ ගන්න , හැම වැඩක්ම හරියට වෙනවද කියලා බලන , වැරැද්දට දඩුවම් දෙන නායකයෙක් ආපු දවසට රටක් දියුණු වෙනවා...කරුමේ කියන්නේ එහෙම කෙනෙත් අවෙත් නෑ..එයිද කියන්නත් බෑ
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඕක මාෆියා එකක් අපේ රටේ තියන, හැම ක්ෂේත්‍රයකම ඕහොම එකක් තියනවා, උදා:- මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රතිපත්තියක් ඇතුව නෙවෙයි .ඒකියන්නෙ ඕවා හරියටක්‍රියාත්මක වෙන රටල් ගොඩක් දියුණුයි, (ජපානය ව්ගේ රටවල් ව )අපේ රටේ ඕවා තියෙන්නෙ පුටුවල ඉන්න එවුන්ගෙ බඩ වඩාගන්න මිසක් ඒ අදාල ක්ෂේස්ත්‍රය දියුණු කරන්න නෙවෙයි,
    Hariyanne nathhe ekane Ban:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: DjAtrocity