තේරුම් ගමු.. ආදරෙන් ඉමු..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තේරුම් ගමු.. ආදරෙන් ඉමු..

    ගොඩක් දේවල් හිතේ තියෙනවා.. අකුරු කරගන්න පුලුවන්ද කියන එක විශ්වාසයක් නැහැ.. ඒක තමයි කෙනෙක්ගේ හදවත තේරුම් ගැනීම සහ කටින් පිටවෙන වචන තේරුම් ගැනීම අතර තියෙන පැහැදිලි වෙනස.. අපි හැමෝටම තියෙන්නේ එකිනෙකට වෙනස් වූ මනුස්ස හිත්.. අපිට ජීවිතේ හම්බ වෙන සමහර අය ගොඩක් තදින් අපේ ජීවිතේට බැඳෙනවා.. ඒත් අපි දන්නේ නැහැ අපි එයාලව අල්ලගන්න තරම් තදින්ම එයාලා අපිව අල්ලගන්නවද කියලා.. අපි එයාලට දෙන ආදරය අවධානය එයාලත් අපිට ඒ විදියටම දෙනවද කියලා.. ඇත්තම කතාව තමයි ඒක ඒ විදියට වෙන්නේ බොහෝම අඩු ප්‍රතිශතයකගේ.. අපි තව කෙනෙකුට පෙන්නන ආදරය එයාට ආදරයක් විදියට නොපෙනෙන්න පුළුවන්.. ඇත්තම කතාව ඒක තමයි.. අපි තව කෙනෙකුට වැඩි අවධානයක් පෙන්නලා හොයලා බැලුවම, එයා ඒක අපි එයා ගැන කරන සැකයක් විදියට හිතන්නත් පුළුවන්,
    අපි ගොඩක් ආදරේ කරන අයට නීති රීති දානවා, ඒක දෙමව්පියෝ දරුවන්ට, සැමියා බිරිඳට, පෙම්වතා පෙම්වතියට වගේ විවිධ ආකාරයෙන් වෙන්න පුළුවන්, අපිට පොඩිකාලේ අම්මලා නීති දාන කොට අපිට ඒක රිස්සුවේ නැහැ.. අපි ඒකට කැමති උනේ නැහැ.. අපිට ඕන උනේ අම්මලට හොරෙන් හරි ඒක කරන්න.. අපි එහෙම කරාම අපි ස්වයං සතුටක් ලැබුවා අපි අම්මලව රැවැට්ටුවා නේද? අම්මලට මගේ දේවල් අල්ලගන්න බැරි උනා නේද? කියලා.. ඒත් ඇත්තටම හැරිලා බලද්දි රැවටිලා තියෙන්නේ අම්මලද අපිද කියලා අද තේරෙනවා.. ඒකට හොඳම උදාහරණය මට මේ ලඟදි හම්බ වෙච්ච මගේ පාසල් මිතුරෙක් කියපු කතාවක්.. එයා පාසල් කාලේ අම්මලාට හොරෙන් හරි ආඩම්බරෙන් දුම් බිව්වා.. ඒත් අද එයා ඒ නිසාම රෝගියෙක් වෙලා.. එයා කියනවා අම්මලා හැම දෙයක්ම කියන්නේ අපිට තියෙන ආදරේට, අපි ඒක තේරුම්ගන්න කොට පරක්කු වැඩී කියලා.. මේක සැමියා, බිරිඳ විදියටත් පෙම්වතා, පෙම්වතිය විදියටත් අදාලයි..
    මගේ යාලුවෙක් හිටියා එයාගේ බිරිඳ කඩවල් වලට කෑම දාලා බොහොම අමාරුවෙන් ජීවත් උනේ, යාලුවා ත්‍රී රෝද රථයක් පැදෙව්වේ, මගේ යාළුවගේ බිරිඳ හැමවෙලාවෙම කිව්වා අනවශය යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියලා, ඒත් මගේ යාලුවා ඒක ගනනකට ගත්තේ නැහැ, ගොඩක් වැරදි වැඩ කලා, මම දුන්න අවවාද ගනන් ගත්තෙත් නැහැ, යාලුවෙක්ගේ ඇඳුනුම්කමක් උඩ හම්බ උන කෙනෙකුට රට යන්න ඉන්න කට්ටියක්ව අදුන්නලා දීලා එයාලගේ සල්ලි අර පුද්ගලයට දීලා ඒ පුද්ගලයා රටිනුත් පැනලා තිබ්බා, අන්තිමට එයාලා ඉන්න ගේත් විකුනලා තමයි සල්ලි ගෙව්වේ. අන්තිමට එයාට ඉතුරු උනේ තමන්ගේ බිරිඳ විතරයි.. මේක ඇත්තම කතාවක්.. දැන් ඒ යාලුවා මාත් එක්කම කියනවා මට තේරුනේ නැහැ එයා මේ දේවල් කිව්වේ මගේ හොඳටයි කියලා.. දැන් එයාට හැමදේම තේරිලා තියෙන්නේ.. දැන් රක්ෂන සමාගමක වැඩ කරන්නේ.. ගොඩක් උනන්දුවෙන් හම්බ කරනවා..
    අපි ආදරය කරන කාලේ පෙම්වතා තමන්ගේ පෙම්වතියගේ ඇඳුම් පැලදුම්, ඇය කරන විලාසිතා, ඇසුරු කරන යාලුවන්, යන එන ගමන්බිමන් ගැන උනන්දුවෙන් හොයලා බලනවා.. පෙම්වතිය තමන්ගේ පෙම්වතා ඇසුරු කරන යාලුවන්, විශේෂයෙන් මත්පැන්, දුම්වැටි වැනි නරක පුරුදු වල යෙදෙනවද කියලා සහ යන එන ගමන් බිමන් ගැන උනන්දු වෙනවා.. සමහර පෙම්වතියන් ඉන්නවා තමං අඳින විදිය සහ විලාසිතා කරන විදිය වෙනස් කරන්න කැමති නැහැ.. ඉතිං වැඩි ආයුශ නැහැ එහෙම සබඳකම් වලට, සමහර පෙම්වතුන් ඉන්නවා දුම්වැටිය, මත්පැන් නවත්තන්න කැමති නැහැ.. ඉතිං වෙන්නේ සබඳකම නවතින එක තමයි.. සංවරකමට එහා ගිය විදියට අදින පලඳින පෙම්වතියන් එක්කත් පාරේ යන පෙම්වතුන් මට ඕන තරම් මුණගැහිලා තියෙනවා, ඇත්තටම ඒ යුවතියන්ගේ ප්‍රසිද්ධ සමාජයට නොපෙනෙන්න ඕන තැන් පවා නිරාවරනය වෙලා, මට හිතාගන්න බැහැ තමන් ආදරය කරන කෙනා එහෙම පාරේ ගෙනියන්නේ කොහොමද කියලා.. සමහරවිට එතන සැබෑ ආදරයක් නැතුවඇති, එහෙම නැත්නම් එයා බටහිර ක්‍රමයට හිතන පතන කෙනෙක් වෙන්න ඇති, අනික පෙම්වතා හෝ පෙම්වතිය එකිනෙකා ගැන හොයා බැලුවම ඒ හොයන්නේ වරදක් හොයන්න, සැකයට වගේ දේවල් හිතන අයත් ඉන්නවා.. ඇත්තටම එහෙම යම් කෙනෙක් අනෙකා ගැන හොයනවනම් එතන තියෙන්නේ ඇත්තටම ඒ කෙනා ගැන දැඩි අවධානයක් ආදරයක් කියලා තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? අනිත් හැමෝටම ඒක මහාම මහ වදයක් විතරයි.. සමහර විට සුළු කාලයකට එහෙම අවනත වෙලා හිටියත් ඒ ඇත්තම හැඟීමෙන් නොවෙන්න පුළුවන්.. එහෙම අවනත වෙලා ජීවිතේ හරි පාරේ ගෙනියන්නේ කීයෙන් කීදෙනාද? නමුත් එහෙම දේවල් තියෙද්දි ඒවාට අකමැති වෙන බොහෝදෙනා, ඒ අවධානය නොලැබී ගියාට පස්සේ හදවතින්ම ඒ ගැන දුක්වෙනවා.. එහෙම චරිත මට මුණගැහිලා තියෙනවා.. බොහෝ වෙලාවට පෙම්වතා තීරන ගන්නේ ඔහු ඇයට වඩා මුහුකුරා ගියපු නිසා, ඒ නිසයි ඇයට හොද නරක කියාදීලා හොඳමග ගෙනියන්න හදන්නේ.. පෙම්වතිය උනත් තමාගේ පෙම්වතාගේ වැරදි දකිනවනම් ඒවා ඔහුට පෙන්නලා දීලා හරි මග ගෙනියන්න ඕන..
    මගේ දෙමව්පියන් මට ඉතාමත් ආදර්ශමත් ජීවිතයක් දුන්නා.. පිරිමියෙකුට ලැබිය යුතු ආදරය ගෞරවය නොඅඩුව තාත්තට ලැබුනා, ගැහැණියකට ලැබිය යුතු ආදරය, රැකවරණය අම්මට නොඅඩුව ලැබුනා, අම්මා තාත්තා කැමති විදියටම හිටියා, තාත්තා අම්මගේ හැම අවශ්‍යතාවක්ම ඉටු කලා, ඇත්තටම හැම කෙනෙක්ම එහෙම ඉන්නවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන් තැනක්ද? ඒත් අපේ සමාජේ ජීවමාන උදාහරණ දකිද්දි ඇති වෙන්නේ ගොඩක් දුකක්.. දැන් කාලේ පිරිමි අතින් ඒ යුතුකම් වෙනවද? අපේ කාන්තාවන් එහෙම ගරු කිරීමක් දෙනවද? බහුතරයක් වශයෙන් ගත්තොත් උත්තරය තමයි නැහැ කියන එක.. එහෙම අය නැතුවා නෙමෙයි.. ඒත් අතේ ඇඟිලි ගානටත් අඩුයි.. යුතුකම් කියන දේ ද්වීපාර්ශවීයව ඉටු වෙන්න ඕන.. නැත්නම් ඕනම සම්බන්දයක පැවැත්මක් නැහැ.. හැම සම්බන්දයක්ම රැකෙන්න නම් දෙපැත්තෙම කැපවීම, ඉවසීම, අනෙකාගේ සිතුවිලි තේරුම් ගැනීම,ගරු කිරීම, අන්‍යෝන්‍ය අවශයතා ඉටු කිරීම තියෙන්නම ඕන..
    ඉතිං.. මගේ මේ ලිපිය කියවලා ඔයාලගේ සම්බන්දය රැකගන්න, වැරදි හදාගන්න, තමන්ගේ වැරදි තේරුම් ගන්න, අනෙකාගේ අවශයතා තේරුම් ගන්න පුංචි හරි උදව්වක් උනානම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව.. ආදරණීය, ලස්සනම ලස්සන, අනාගතයක් පතනවා සියලු දෙනාටම..

    කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි.. මමමයි ලිව්වේ..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සමහර පෙම්වතුන් ඉන්නවා දුම්වැටිය, මත්පැන් නවත්තන්න කැමති නැහැ.. ඉතිං වෙන්නේ සබඳකම නවතින එක තමයි..​

    මේකනම් වෙයිද දන්නේ නෑ....:cool:
    ගැම්මක් තියෙනවා බන්.:yes::yes:
    තැන්ක්ස්
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    තව මනුස්සයෙක්ගේ ජීවිතයේ වටිනාකමක් තේරුම් ගන්න බැරි නිසා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇතිවෙන්නේ.විශේෂයෙන්ම අපිට ආදරේ කරන මිනිස්සු කව්ද කියල අඳුරගන්න එක සහ පුද්ගල ජීවිතයකට, ඒ අයගේ අදහස් වලට ගරු කිරීමට මිනිස්සු පුරුදු වෙන්න ඕන.තමන්ට ඒ ගතිගුණ තියෙනවනං කවදාවත් ජීවිතේ වරදින්නේ නෑ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    තව මනුස්සයෙක්ගේ ජීවිතයේ වටිනාකමක් තේරුම් ගන්න බැරි නිසා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇතිවෙන්නේ.විශේෂයෙන්ම අපිට ආදරේ කරන මිනිස්සු කව්ද කියල අඳුරගන්න එක සහ පුද්ගල ජීවිතයකට, ඒ අයගේ අදහස් වලට ගරු කිරීමට මිනිස්සු පුරුදු වෙන්න ඕන.තමන්ට ඒ ගතිගුණ තියෙනවනං කවදාවත් ජීවිතේ වරදින්නේ නෑ.

    jaya wewa

    :yes::yes::yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙයක් තියෙන ඒකෙ අගය අපිට දැනෙන්නේ නෑ.හැමදේම එහෙමයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........