තේ කුරුමිණියා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රුසියානු සමූහාණ්‌ඩුව ශ්‍රී ලංකාවට අලුත් මිතුරෙක්‌ නොවෙයි. අපේ තානාපති සම්බන්ධතාවන්ට මේ වසරේදී හැට වසරක්‌ පිරි තිබෙනවා. සෝවියට්‌ දේශය සමයෙහි සිට ලංකාව ඉතා මිත්‍රශීලීව සම්බන්ධතාවයක් දෙරට අතර පැවැත්වූවා. 1960 වසරේ සිට අද දක්‌වා විශාල ලාංකික උපාධිධාරීන් ප්‍රමාණයක්‌ සෝවියට් රුසියාවෙන් උපාධි ලබා අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙමින් පවතිනවා. අදටත් දාහකට අධික ආසන්න ලාංකික ශිෂ්‍ය පිරිසක්‌ රුසියාවේ විශ්වවිද්‍යල වල උසස්‌ අධ්‍යාපනය ලබනවා. ඒ අනුව බලන කල රුසියාව ඇත්තටම අපට අලුත් මිතුරෙක්‌ නොවෙයි. මම හිතන හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට පුළුවන් වුණා එදා මේ මිත්‍රත්වය අලුත් කළ යුතුය කියන අවශ්‍යතාව හඳුනාගන්න. ඒ නිසා එදා අපේ මිත්‍රත්වය නැවත අලුත්වීමක්‌ වගේම උද්යෝගය ඇතිවුණා.

    2005 වසරේ පමණ සිට රුසියානු සමූහාණ්‌ඩුව විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු වලට නැවත වරක්‌ දායක වන්නට පටන් ගත්තා. මේ අපේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයන් වල විශේෂ ජයග්‍රහණයක්‌. ත්‍රස්‌තවාදයට එරෙහිව යුද්ධයේදී අපට සවිමත් අවියක්‌ හැටියට හිටිය ප්‍රධාන රටක්‌ වශයෙන් රුසියානු සමූහාණ්‌ඩුව හඳුන්වන්න පුළුවන්. අපගේ ත්‍රිවිධ හමුදාවන් රට තුළ ගෙන ගිය යුද්ධයට මෙන්ම ශ්‍රී ලංකාව රටින් පිටත ජාත්‍යන්තරව ගෙන ගිය අරගලයේදී ද රුසියානු සමූහාණ්‌ඩුව සෑම අවස්‌ථාවකදීම අපිට සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන්ම එදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‌ෂක මඬුල්ලේ රැස්‌වීම් වලදී ශ්‍රී ලංකාවට එරෙහිව සමහර රටවල් වලින් නැගුනු යෝජනා රුසියානු සමූහාණ්‌ඩුව නිසා වැළකී ගියා. ඇත්තෙන්ම ඊළාම් යුද්ධය අපට අපේ නියම මිතුරන් කවුද කියාත් හඳුනාගන්නට සැලැස්‌වුවා. රුසියානු සමූහාණ්‌ඩුව අපිට නියම අවංක මිතුරෙක්‌ බවට තහවුරු වී අවසානයි.

    2006 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති පුටින් හමුවීමට හැකි වූ පළමු අවස්ථාවේදී තමයි මම අපේ ජනධිපතිගේ ඉල්ලීම ඉදිරිපත් කලේ. එවිට ශ්‍රී ලංකාවට තම ජාතික ආරක්ෂාව දියුණු කරගැනීම සඳහා රුසියාවෙන් රාජ්‍යය ණයක් ලබා දීමට ජනධිපති පුටින් මුලින්ම අපට යෝජනා කළේය. එය පළමු රාජ්‍යය ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් රුසියානු යුධමය නිෂ්පාදන මිලදී ගැනීමට දීර්ඝකාලීන ණය පහසුකම ලෙස පළමු වරට ලබා දීමටත් තීරණය කළා. දෙරටේ රාජ්‍යය ආයතනය අතර සිදුකල සකච්ඡා හා එකගතාවයන්ට පසුව 2010 පෙබරවාරි 8 වෙනිදා මා විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව වෙන්කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක රාජ්‍යය ණය මුදලෙන් කොටසක් පාවිච්චි කර ශ්‍රීලංකා ගුවන් හමුදාව එම්.අයි-171 හෙලිකොප්ටර් 14 මිලදීගන්නා ලදී. ඉතිරි දෙවන කොටස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රුසියානු සංචාරය අතර තුලදී එක්තරා පෞද්ගලික සමාගමක මැදිහත් වීමෙන් රුසියානු නෞකාවක් මිළදී ගැනීමේ මුලික එකගතාවය මත එම ගිවිසම අලුත් කිරීමට රුසියානු රජය තීරණය කරන ලදී. ඒ අනුව, 2017 අගෝස්තු මාසයේ මොස්කව් හීදී මෙරට වත්මන් ආරක්ෂක ලේකම්වරයා එම ගනුදෙනු වලට අදාළ කොන්ත්‍රාත්තු සහ ඊට සම්බන්ධ අනෙකුත් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර අවසන් කරන බවට රුසියානු පාර්ශවයට පොරොන්දු විය. ඒ අනුව රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සේවයද දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර දැන් එය “තේ කුරුමිණියා” නිසා නැවත පෙබරවාරි දක්වා දීර්ඝ කර ඇත.



    අපි වගේම රුසියාවත් බරපතල ත්‍රස්‌තවාදී ප්‍රශ්න වලට මුහුණු දුන් රටක්‌. එදා ජනාධිපති පුටින්ගේ නායකත්වය යටතේ රුසියාවට පුළුවන් වුණා චෙච්නියාවේ ත්‍රස්‌තවාදයට විරුද්ධව හමුදාව මෙහෙයවලා එයින් ජයග්‍රහණය කරලා ඒ ප්‍රදේශය සංවර්ධිත ප්‍රදේශයක්‌ බවට පත් කරන්නට. අද චෙච්නියානු ප්‍රදේශය ලබා ඇති ආර්ථික ජයග්‍රහණ මෙයට හොඳම සාධක. ඇත්තටම මේ චෙච්නියානු ප්‍රශ්නයේදී රුසියාව ගත් සමහර ක්‍රියා මාර්ගයන් එදා ජනාධිපති රාජපක්ෂ ද සිදුකල බව මගේ හැඟීම. අද පැහැදිලිව පේනවා ඒ හා සමාන ක්‍රියා දාමයන්ද අපේ නැගෙනහිර පළාතේ සිදුවුණු බව. අද චෙච්නියාවේ ජනාධිපති ධුරය දරන්නේ හිටපු ගරිල්ලා නායකයෙක්‌. තුවක්‌කුව අත්හැරදා ප්‍රජාතන්ත්‍රවාදී මගකට යොමු චෙච්ච මේ නායකයා වටා අද සියලුම මතවාදීන් එක්‌ වෙලා තිබෙනවා. මේ නායකයාට අද පුළුවන් වෙලා තියෙනවා චෙච්නියානු ජාතිකයන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව ක්‍රියා කරමිනුත්, ඔවුන්ගේ සංස්‌කෘතික හා සම්ප්‍රදායයන් ආරක්‌ෂා කරගනිමින් රුසියානු ජාතිකයන් හා රජයත් සමග විශාල සමීප සම්බන්ධතාවක්‌ පවත්වා ගැනීමට. මේ සියලුම දේවල් වල ප්‍රතිඵලය අද ඔබට චෙච්නියාව දිහා බලන කොට දකින්නට ලැබෙනවා. රුසියාවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී චෙච්නියානුවත් 91% ක ප්‍රතිශතයක්‌ පුටින්ගේ මතයට ඡන්දය දීමෙන් චෙව්නියාවේ අනාගතය සහ ඇති ජනතා කැමැත්ත ප්‍රකාශ වෙනවා. එසේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවකට ඔවුන්ගේ ඇති කැමැත්ත ද මෙයින් නිරීක්‌ෂණය වෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා ඡන්ද පැවැත්වීම යුද්ධයෙන් පසු මහින්ද ජනධිපතිගේ රජය ගත් තීරණය එදා ලබා ගත් විශිෂ්ටම ජයග්‍රහණයක්‌ ලෙස හඳුන්වන්නට පුළුවන්.

    අද ශ්‍රීලංකා රජය ක්‍රියාකරන ආකාරයටම 1996 වසරේදී රුසියානු හමුදා සම්පූර්ණයෙන්ම චෙව්නියාවෙන් අයින් කර ගත්තා. එවකට හිටපු රජය සිතුවා මෙයින් වත් චෙව්නියාවේ ගැටුම් සමතයකට පත් වේවි කියලා. නමුත් සිදු වූයේ එය නොවේ. නිදහස්‌ ප්‍රදේශයක්‌ හැටියට චෙව්නියාවට එදා බැරිවුණා ඉදිරියට යන්නට. සිදුවූයේ චෙව්නියාව අන්තවාදී මූලධර්මවාදීන්ගේ තෝතැන්නක්‌ වුණා. මේ සියලු දේවල් අපේ උතුර නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සමය තුළ සිදුවුවා. සංඛ්‍යාලේඛන වලට අනුව වැඩිපුරම චෙච්නියානු ජාතිකයන් ජීවත් වුයේ වෙව්නියාවේ නොව අනිකුත් ප්‍රදේශ වලයි. අපේත් දෙමළ ජනතාව වැඩිවශයෙන් ජීවත් වන්නේ උතුර නැගෙනහිර ප්‍රදේශවල නොව අනිකුත් ප්‍රදේශවලයි.

    ජනධිපති පුටින් වටා සැමවිටම සිටින්නේ දක්ෂ උපදේශකයන්, විශේෂයෙන් සෙර්ගේයි ලාව්රොව් රුසියානු සමූහාණ්‌ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා. අපේ රටේ යුද්ධය අවසානයේ දී, 2009 ඔක්තෝබර් මස 26 වෙනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියා. එය වසර 52 ක්‌ ඇතුළත රුසියානු හෝ සෝවියට්‌ විදේශ අමාත්‍යවරයෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්‌ථාව වුනා. රුසියානු විදේශ ඇමතිවරයා එදා පැමිණියේ රුසියානු රජයේ විශේෂ ආරාධනාවක් රැගෙන. ඒ අනුව තමයි 2010 පෙබරවාරි 6 – 8 අතර කාලයේදී ජනධිපති මහින්ද රාජපක්ෂගේ රුසියානු රාජකාරි සංචාරය සිදුවන්නේ. නමුත්‍ යහපාලනය තානාපති පම්පෝරි ගැසුවේ වසර 44 පසුව රටෙහි නායකයන් 2016 හමුවූ බවටය. ලාව්රොව් මහතා ශ්‍රී ලංකාවට සමග සමීප සම්බන්ධතා පවත් වූ තම විදේශ සේවය ආරම්භ කළ සමයේ ඔහුට පළමු පත්වීම ලැබුණේ ද ශ්‍රී ලංකාවටය. ඒ 1972 වර්ෂයේදී. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කර ඇති ලාව්රොව් මහතා මොස්‌කව් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාවද ප්‍රගුණ කර ඇත. අදත් මා සමග සිංහල භාෂාවෙන් ටිකක් හෝ කතා කිරීමට අමතක නොකරන රාජ්‍ය නායකයෙකි.

    එසේම තානාපති කාර්යාලයක්‌ හැටියට එදා අපිට පුළුවන් වුණා රුසියානු විදේශ අමාත්‍යාංශය සමග ඉතා සමීප සම්බන්ධතාවක්‌ පවත්වා ගන්නට. අපි හැම විටම ලංකාවේ තත්ත්වය අවංකව නිවැරදිව නියම වේලාවට රුසියානු රජයට පැහැදිලි කර සිටියා. හැකි සෑම විටකම අපිට ඔවුන්ගේ අදහස්‌ විමසා බලන්නටත් උපදෙස්‌ ලබා ගන්නටත් හැකි වුණා. ඒ නිසාම රුසියානු රජය දැනගෙන හිටියා අපට තිබුණු දූරදර්ශී පාලනයට අමතර ශක්‌තියක්‌ හැටියට තාක්‌ෂණික ඥානයද ලබා දිය යුතුය යන්න. අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ තාක්‌ෂණික ඥානය හා ශක්‌තිය වර්ධනය කිරීම සඳහා රුසියාව විශාල වශයෙන් ආධාර ලබා දී තිබෙනවා. ඇත්තටම එදා අප සතුටු වුණා රජයක්‌ හැටියට මේ මිත්‍ර සම්බන්ධතා වල ප්‍රතිඵලයක්‌ දෑස්‌ ඉදිරිපිටම දකින්නට ලැබෙන කොට. එදා රුසියානු රජය කොලඹ තානාපති කාර්යාලය සැදීමට තීරණය කල කාලයේදී ඔහුන්ගේ අදහසක්ද තිබුණා ආරම්භ කරන මොහොතේ රුසියානු ජනධිපති හෝ අගමැතිවරයාගේ සංචාරයක් සැලසුම් කරන්න. නමුත් අවාසනාවකට අපේ රජය එහි වටිනාකම හරියට තේරුම් නොගෙන එම වසරේදීම නැවතත් ශ්‍රී ලංකාවේ ජනධිපති රුසියාවේ සංචාරය කිරීමට ගත් තීරණය නිසා රුසියානු නායකයාගේ සංචාරය සිදුනොවුනු බව කිව යුතුය. එපමණක් නොව යහපාලනය රජයේ මුල් කාලයේදීම කොලඹ ඉදිකරමින් තිබුණු නව රුසියානු තානාපති කාර්යාලයේ ඉඩමට හදිස්සියේ කඩාකප්පල්කාරී පිරිසක් පැමිණි කල උද්ගෝෂණ නිසා, 2016 තානාපති කාර්යාලය වැඩ අවසානයේ අවම වශයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ ලංකාවට නොපැමිණියේ එදා කල මදිපුංචිකමට බව අදවත් තේරුම් ගත යුතුය.



    මේවා පිළිබඳ රටේ නායකත්වය දැණුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයින්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය ගන්නා බවට එක් උදාහරණයක් මතක්කර සිටිමු. 2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තරය වශයෙන් රුසියාවට සිදුකල කෙනෙහිලිකම් වලට එදා රුසියාව පිළිතුරු නොදී අද එයට පිළිතුරු දී ඇති බව අපේ තානාපති තවමත් තේරුම් ගෙන නැත. එසේ නැතිනම් ඔහුගේ නායකයා රුසියාවේ ජනාධිපති පුටින්ට දුරකථනයෙන් කතා කරන බවට හෝ පුද්ගලික ඉල්ලීම් ලිපියක් යොමුකරන බවට ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට පෙර, දෙරටේ තානාපති සම්බන්ධතාවන්ට හැට වසරක්‌ පිරි සැමරීමට රුසියානු රජය නිකුත් කරන මුද්දර හා තේ තහනම එකම දිනයේදී සිදු වුයේ කෙසේද යන්න සොයා නොබැලිම රුසියානුවන් තවමත් තේරුම් නොගැනීමයි.

    එදා ජේ ආර් ජයවර්ධන රජය කල සමච්චලයට වසර 37 පුරාම අපේ රටේ නායකයකුට රුසියාවට ආරාධනා නොකිරීම තවත් එක් පාඩමක් බව අපේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අදවත් තේරුම් ගන්නේ නැත. නමුත් ඔහුන්ගේ අවබෝධයට මෙම කාරනාව කිව යුතුය. සමරවීර අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දුන් බවට කල චෝදනාවට මෙසේ පිළිතුරු දී ඇත. රුසියානු – යුක්රේනියාව අතර විපරමට එක් ප්‍රධාන හේතුව යුක්රේනියාව පාලනය කල ක්‍රිමියා ප්‍රාන්තය රුසියාවට එකතු කර ගැනීමයි. ක්‍රිමියාවට අමතරව රුසියාවේ වෙනත් ප්‍රදේශ අතර අපට ඓතිහාසික වශයෙන් සම්බන්ධයක් ඇති ස්ථාන බොහොමයක් ඇති බවට කිසිදු තර්කයක් නොමැත. අද සමරවීර ඇමතිවරයාට මෙසේ පිළිතුරු ලැබී ඇත. සෝවියට් සමූහාණ්ඩුව සමයේ ඇරඹි දෙරට අතර තානාපති සබඳතා වලට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් මෙම සමරු මුද්දර නිකුත්කිරීම. එනම් රුසියාවට අයත් ක්‍රිමියාවේ දී ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකිකවට වැදගත් මුල් දින කවරයක් සහිත මුද්දර දෙකක් 2017 දෙසැම්බර් 18 දින නිකුත් කෙරිණි. රූබල් 35 බැගින් වූ වටිනාකමින් යුතු එම මුද්දර දෙකින් එකක අපගේ ඓතිහාසික දඹුලු රාජමහා විහාරය ද, දෙවන මුද්දරයෙහි ක්‍රිමියාවෙහි පිහිටි ඓතිහාසික දේවස්ථානයක් විදහා දැක්වෙයි. රුසියානුවන් මේ සියලු දේ සුදානම් කර, එදිනම එනම් 2017 දෙසැම්බර් 18 දා සිට ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරීමට තහංචි රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුව කසාක්ස්තානය, බෙලොරුසියාව, කිර්ගිස්තානය, ටජිකිස්තානය යන රටවල් හතරේම ක්‍රියාත්මක කරන ලදී. එවැනි අවස්ථාවක තේ වලට වාණිජමය වශයෙන් සිදූවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝ අවම වශයෙන් මාධ්‍ය නිවේදන නිකුත් නොකිරීම කිරීම හෝ රුසියානු ශ්‍රී ලංකා සමරු මුද්දර නිකුත්කිරීමේ උත්සවට හෝ සහභාගී නොවීම තානාපතිගේ දක්ෂ හෝ අදක්ෂතාවයි. ජනපති මෛත්‍රීපාලගේ 2020 ශ්‍රී ලංකා රජයේ දැක්මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර මෙසේ ලබා ගැනීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි.

    රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට පොලිස් වාර්තාව පවා සහතික නොකළ තානාපති කෙනෙක් සහ ගමන් බලපත්‍රය අවලංගු නොකළ බවට අසත්‍ය චෝදනාවක් මත අත්අඩංගුවේ ඇති කන්ටේනරය නිදහස් කිරීමට ශක්තියක් නැති කෙනෙකුට එදා නිවසට ආරාධනා කිරීම ගැන අද අප කනගාටු වන්නේය. නමුත් ඒ දෙදෙනාම මෙසේ රුසියාව හා මිත්‍ර රජයන් සමග හොද හිත පලුදු කර ගැනීම කොතරම් අඥාණ ක්‍රීයාවක්දැයි වටහා ගැනීමට අපේ තනාපති ට හෝ ජනාධිපති ට අත්දැකීම් නැති වීම අපේ රටේ අවාසනාවකි.

    උදයාංග වීරතුංග –
    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ සදහා පනවා ඇති තහනම හය මාසයක් කාලයක් පැවතුනහොත් ශ‍්‍රී ලංකාවට රුසියානු වෙළෙඳපළ සම්පූර්ණයෙන් අහිමිවනු ඇති බව තේ වෙළෙඳපල අනතුරු අගවයි.

    ඔවුන් සදහන් කරන්නේ දැනටමත් රුසියානු වෙලදපලට කෙන්යාව විසින් සිය තේ නිෂ්පාදනය වැඩි වශයෙන් අතැුළු කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.

    මෙරට තේ නිෂ්පාදනයෙන් 25%කට ආසන්න ප‍්‍රමාණයක් රුසියාව විසින් මිලට ගන්නා අතර තේ තහනම් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවෙන් යවන ලද තේ බහාලුමකින් කප්රා නම් කෘමියකු හමුවීම නිසාය.

    කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව විසින් ඇස්බැස්ටස් තහනම් කිරීම නිසා ඊට එකට එක කිරීමක් ලෙස රුසියාව විසින් මෙම තීරණය ගත් බවටද තොරතුරු ඇතැයි ඇමති නවීන් දිසිනායක මහතා පැවසීය.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තියකට අනුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණයක් ගෙන ඇත. ඒ අනුව 2020 වසර වන විට ඇස්බැස්ටෝස් සෙවිලු තහඩු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම රජයෙ දැක්මයි. ඒ සදහා රජය හා ජනපති ගොඩ නගා ඇති තර්කය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ස්වසන පිළිකා කාරකයකි යන්න වේ. 2020 ශ්‍රී ලංකා රජයේ දැක්මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර ලබා ගැනීමට හැකිවීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි. ඇස්බැස්ටෝස් ප්‍රධාණ වශයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ රුසියාවෙනි. කිසිසේත්ම පිළිගත නොහැකි හේතුවක් මත ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම ගැන ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවෝ විසින් ශ්‍රී ලංකා රජයට කොළඹ දී සිය අප්‍රසාදය පල කොට තිබුණි. ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට ප්‍රධාන වශයෙන්ම සහය ලබා දෙන්නෙ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු වැඩිපුරම පරිහරණය කරන ඇමෙරිකාවයි. ජීනීවා මානව හිමිකම් හා යුධ අපරාද චෝදනා ශ්‍රී ලංකාවට එල්ල කල ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාවට, රුසියාවෙන් ආනයනය කරන ඇස්බැස්ටෝස් තහනම් කර, එම චෝදනා වලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කල රුසියානු මිතුරා සමග හොද හිත පලුදු කර ගැනීම කොතරම් අඥාණ ක්‍රීයාවක්දැයි වටහා ගැනීමට තනාපති සේවයේ අත්දැකීම් අවශ්‍ය නැත.

    ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ මුදුන් මුල වන ලාංකික තේ අපනයනයෙන් 25% වැඩි ප්‍රමාණයක් පසුගිය වසර 10-15ක කාලයක් තුල නොකඩවා මිළදි ගන්නා රුසියානු සමුහාණ්ඩුවේන් ඇස්බැස්ටෝස් සෙවිලි ආනයන ප්‍රතික්ෂේප කිරීම අපගේ ආර්ථිකයට මරු පහරක් වන බව රහසක් විය නොහැක. රුසියාවද එකට එක කිරීමකට සුදානම් නොවුනත් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන රුසියාව ප්‍රතික්ෂේප කිරීම සිදුවිය හැකි බවට ඉගියක් අපට මුල් වරට ලබා දුන්නේ 2017 ජූලි මාසයේදීය. සිංහල භාෂාව හොදින් කතා කරන, ලංකාව තම දෙවැනි නිජබිම සේ සලකන රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටින අවස්ථාවක අපේ ගැටළු ගොඩින් බේරාගැනීම පිළිබඳ මනා පළපුරුද්දක් අප තානාපති කාර්යාලයට තිබෙන බව විශ්වාස කල යුතුය. එසේ වුවද ගැටළු පිළිබඳ අප රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් රුසියානු රජයේ රේගු ස්ථාන හතරකම කෘෂි නිෂ්පාදන ආනයනය කිරීමේදී ඉදිරිපත් කල යුතු රුසියානු නිරෝධායන සහතිකය ලබා ගැනීමට අවශ්‍ය පරීක්ෂණාගාරා 4ක් ද පසුගිය නොවැම්බර් මාසයේදී වැඩ අවසන් කරන ලදී.



    2012 පසුව ශ්‍රී ලංකාවේ තේ රුසියාවට ආනයනය කිරීමේදී රුසියානු නිරෝධායන සහතිකය අවශ්‍ය නොවී තිබිය දී මෙම පරීක්ෂණාගාරා කුමටද යන්න අපේ නිලධාරීන්ට සිතීමට අවශ්‍ය නොවීය. රුසියානුවන් මේ සියලු දේ සුදානම් කර අපගේ තේ වැඩියෙන්ම විකිනීම සිදූවන කාලයේදී, එනම් දෙසැම්බර් 18 දා සිට මෙම තහංචි ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ සියලුම දේ සිදූවන තෙක් අප තානාපති කාර්යාලය මෙන්ම මාසිකව ලක්ෂ 15 -20 වියදම් කරමින් නඩත්තු කරන මොස්කව් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවා කිසිවක් නොසළකා හැරී සිම අප කාගේත් වරදකි. රුසියානු රජය එය හදිස්සියේ සිදුකල දෙයක් නොවන බවත්, එයින් ශ්‍රී ලංකාවෙ තේ නිෂ්පාදන මිළට ගැනීමෙන් බිද වැටීමෙන් අපට සිදූවන ආර්ථිකය හානියට පිළිතුරු සෙවීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් නොවෙන බවත් ඊට වගකිවයුතු තානාපති අභ්‍යන්තය දැනගෙන සිටීමද පුදුමයට කරුණක් නොවෙයි. ඒ පිළිබඳ රටේ නායකත්වය දැණුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයින්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය ගන්නා බවද අද අප හොදින් දන්නා කරුණකි.

    2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තරය වශයෙන් රුසියාවට සිදුකල කෙනෙහිලිකම් වලට එදා රුසියාව පිළිතුරු නොදීමට හේතුව අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. එදා ජේ ආර් ජයවර්ධන රජයේ 1977 සමච්චලයට නිසි කල පිළිතුරු ලැබූ අයුරින් යහපාලනයට පිළිතුරු ලැබෙන කාලය දැන් උදාවී ඇත. මෙහිදී නිලධාරීන්ගේ තර්කයන් අධ්‍යනය කිරීමේදී ජීපාර්ඩ් යුද්ධ නෞකාව සදහා රුසියානු රොස්අබෝරෝන් ආයතනයට දැනටමත් ගෙවිය යුතු 10% අත්තිකාරම් මුදල් වසර අවසානයේ දී පවා නොගෙවීම මෙන්ම රුසියානු දුරස්ථව රහස් ඔත්තු නිලධාරීන් ඇමරිකාවට හොර රහසේම භාරදීමට ලංකා රජය සුදානම් කිරීම වැනි ගැටළුද දෙරටේ මිත්‍රත්වය සුළු වශයෙන් හෝ පලුදුකර ඇත. තවදුරටත් ඒ පිළිබඳ රුසියානු විරෝධී බටහිර උපදෙස් වලට මුල්තැන දීමේන්ද අප සිදුකරන්නේද රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්හි කැළැල් ඇති කරමින් රුසියානු රජය අවතක්සේරු කිරීමකි. එය පුටින් මතධාරී රුසියානුවන්ට අප සිදුකරන ලොකුම නිගරුවකි.

    රුසියානු රේගුවේ පළමු බිල්ල ලෙස තුර්කි රජයේ ලියාපදිංචි තේ ආයතනයට ලංකාවේ සිට ලැබුණු තේ කන්ටේනරයක් තෝරාගැනීම පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. එහිදී අපට සිදුවන ලොකුම අසාධාරණය නම් මෙම කුරුමිණියන් සොයාගෙන ඇත්තේ ලාංකික තේ වල නොව එම කන්ටේනරය තුල තේ වලට අමතරව රැගෙන යමින් තිබුණු තේ ඇසුරුම් කිරීමට අවශ්‍ය ලිඛිත සහතික නොමැති කාඩ්බෝඩ් අමුද්‍රව්‍ය තුල වීමයි. මේවා මෙසේ සිදුවීමට තවත්‍ පුංචි පුංචි හේතු තියෙනවා. මොකද, එදා තුර්කිය රජය සිරියානු දේශසීමා වලදී රුසියානු ප්‍රහාරක් ගුවන් යානාවට පහරදීමෙන් පසු රුසියාව තුර්කියට නොයෙක් තහංචි දමන ලදී. පසුව තුර්කි ජනාධිපති රුසියාවට පැමිණ පුටින් ජනාධිපති හමුවිය ගැටළු නිරාකරණය කර ගත්තේය. නමුත්‍ එම කාලයේදීම අප යුක්රේනියාවේ තානාපති ක්‍රියාකාරීත්වය රුසියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් ඉවත්කර තුර්කි රාජ්‍යයේ අප තානාපති කාර්යාලයට භාරදීමත් අපි දැණුවත්ව මෑත කාලයේදී රුසියාවට සිදුකල තවත් පුංචි සමච්චලයකි. ඒ කෙසේ වෙතත් දැනටමත් රුසියාවේ සාන්තපීතර නගරයේ රුසියානු රේගුව භාරයේ අඩි 40යේ තේ කන්ටේනර් 83 තිබෙන අතර ඒවා රේගුව විසින් ලබන සතියේදී නිදහස් කිරීමට පරීක්ෂණ ගාස්තුවට පමණක් එක් කන්ටේනරයකින් රුපියල් ලක්ෂ 5ක් පමණ පාඩුවක් සිදුවන්නේය. නමුත් මෙතෙක් ඒවා නිදහස් කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති අතර අප තානාපති කාර්යාලය විසින් ඒවා නිදහස් කිරීමට කිසිදු ඉල්ලීමක් හෝ අධාල රේගුව වෙත සිදුකර නොමැත.



    ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තේ වල කුරුමිණියන් පණුවන් සිටින බවට රුසියානු මාධ්‍ය අංශ වලින් සිදුකරන පුවත්පත් හා රුපවාහිනී ප්‍රචාරය කටයුතු නිසා තේ පානය කරන රුසියානුවන් අතර ලාංකික තේ අප්‍රසන්න වීමේදී අපට සිදූවන දීර්ඝකාලීන වාණිජමය පාඩුව තක්සේරැ කල නොහැකිය. එවැනි අවස්ථාවක වාණිජමය වශයෙන් සිදූවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝ ඒවා තමන්ට අදාළ නොවන බව පවසමින් මගහැර සිටීම තානාපති නිලධාරීන්ගේ දක්ෂ හෝ අදක්ෂතාවයි. දැනට වසර 3කට කලින් ලාංකික තේ සදහා රුසියානු තේ වෙළදපොලෙන් 33% වැඩි කොටසක් හිමි වූ නමුත් දැනටමත් එය 23% දක්වා පහත වැටී ඇති නමුත් සමස්ථ වශයෙන්ම රුසියාවට තේ අපනයන කිරීමේන් වාර්ෂිකව අපට ලැබෙන ඩොලර් මිලියන 500 කට වැඩි ආදායම අපට සුළුපටු නොවෙයි. මෙහිදී අප රජයට පෙන්වා දිය යුත්තේ 2013 වර්ෂයේ දී රුසියාව ඉන්දියාව සමග ඇති වූ දේශපාලන මත ගැටීමක ප්‍රතිපලයක් ලෙස ඉන්දියානු සහල් අපනයනය සඳහා පැනවූ තහනම ඉවත් කිරීමට ඉන්දියානුවන්ට මාස 6කට වැඩි කාලයක් ගත වු බවයි. එපමණක් නොව යම් ලෙසින් ප්‍රමිතීයෙන් බාල සහල් රුසියාවට අපනයන කිරීමේදී සිදුවිය හැකි හැකි පාඩුව ඉන්දිය රජය දරන බවට වගකීම් සහතිකයක් ලෙස ඩොලර් මිලියන 50ක වටිනාකම ඇති ද්විපාර්ශ්වික ගිවිසුමකට පවා අත්සන් කිරීමට ද සිදුවීමය. රුසියාවේ ලාංකික තේ ආනයනයට පනවා ඇති තහනම ඉක්මනින් විසදීම යෝග්‍ය බව අපට වැටහෙන්නේ රුසියානු-සිරියානු මිත්‍රත්වයේ ප්‍රතිපත්තියක් ලෙස, සිරියාව ද මෙම තීරණය අනුගමනය කිරීමට ඇති අවධානය අධ්‍යනය කල යුතුය. අපගේ තේ අපනයනයෙන් 10% වැඩි ප්‍රමාණයක් මිලදීගන්නේ සිරියාව බව එදාට අධාල බලධාරීන් හට මතක්කර දීමටත් සිදුවෙනවා ඇත.

    රුසියාවේ සිටින අපට මෛත්‍රීපාලගේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනම අද එක් ගැටළුවකි. එහි එක් අතුරු ඵලයක් වූයේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද තේ ඇතුළු සියලුම කෘෂි නිෂ්පාදන ආනයනය දෙසැම්බර් 18දා සිට තාවකාලිකව සීමා කිරීමට රුසියානු රේගුව විසින් පියවර ගෙන ඇති බව නිවේදනය කිරීමයි. රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුව කසාක්ස්තානය, බෙලොරුසියාව, කිර්ගිස්තානය, ටජිකිස්තානය යන රටවල් හතරේම තේ ආනයනය නතර කිරීමේ තීරණය ක්‍රියාත්මක වීම අනිවාර්යයි. එයට පිළිතුරු සෙවීමට නම් පළමුව යහපාලන රජය රුසියානු මිතුරාට සිදුකල අසාධාරණයන් නිවැරදි කල යුතුය. අදත් එසේ නොකර සුපුරුදු පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කරමින් යහපාලන වැවිලි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරුන් ඇතුළු පිරිස, ටෙකේව් ඇලෙක්සැන්ඩර් නිකොලයිවිච් රුසියානු කෘෂිකර්මාන්ත අමාත්‍යවරයාගේ ආරාධනාවක් හෝ නොමැතිව ඔහු සමග සාකච්ඡා කිරීමට සදහා මොස්කව් නගරයට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ රුසියානු නත්තල් හා නව අවුරුදු නිවාඩු කාලයේදීය. මෙම කාලයේදී මොස්කව් නගරයට පැමිණ ලාංකිකයන්ගේ තේ ගැටළු විසදීම කෙසේ වෙතත් රුසියානු වොට්කා වීදුරුවක් බීමටද රුසියානු ලලනාවන් දැක බලා ගැනීමටද මහගු අවස්ථාවක් උදාවනු ඇත. ඊට අමතරව අපගේ තේ කර්මාන්තයට නව වසරේ නිකං ලැබෙන ඇස්බැස්ටෝස් “තේ”කුරුමිණියා ඉතිහාසගත තෑග්ගක් වනවා නොඅනුමානය.

    උදයාංග වීරතුංග
    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මෙරට තේ සදහා රුසියාව විසින් පනවන ලද තහනම අද දිනයේ සිට ක‍්‍රියාත්මක වෙයි.

    මේ නිසා මෙරට තේ දළු කිලෝවක් රුපියල් 30-40 තරම් පහල මිලකට ඇද වැටෙනු ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය සදහන් කරයි.

    දැනට මෙරට තේ දලු කිලෝවක් රුපියල් 100ක පමණ මිලට ගන්නා බව එහි ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සදහන් කරයි.

    මේ අතර රුසියාව විසින් පනවන ලද තහනම ඉවත් කිරීම සදහා සාකච්චා කිරීමට ශ‍්‍රි ලංකා ඇමති පිරිසක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාව එරට තේ උවමනාවෙන් 23%ක් සම්පූර්න කර ගන්නේ ශ‍්‍රි ලංකා තේවලිනි.

    රුසියාවට තේ අපනයනයෙන් පමණක් වසරකට ඩොලර් බිලියන බාගයක පමණ මුදලක් මෙරට හිමිවෙයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෙපානිල් හුටන් ෙරදි නැතිව ජාත්‍යන්තරය ජයගැනීම -
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විමල් වීරවංස ටිල්වින්සිලවා අනුරකුමාර එහෙම නැතිනම් ප්‍රටුගාමි එකේ ඩයල් දෙකක් තුනක් යවලා දිල් එක සේප් කර ගන්න බැරි වෙයිද .ලංකාවේ හිටියට පොරවල් මේඩ් ඉන් රසියානේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    උදව් කරපු එකාට පයින් ගහන්න ගියහම ඔහොම වෙනවා. දැන් බල්ලෝ වගේ දන ගහගෙන යනවා. හිටං සහ පොනිල් වන්දනා කරන හැමෝටම හොඳ පාඩමක්. අපිට කිසිම උදව්වක් නොකර හැම තිස්සෙම කකුලෙන් ඇදපු ඇමෙරිකාවට දෙන්න ගියා.

    රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් ගේ සෙකන්ඩ් ලැඞ්වේජ් එක මොකද්ද කියල දන්නවද කට්ටිය? සිංහල.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    උදව් කරපු එකාට පයින් ගහන්න ගියහම ඔහොම වෙනවා. දැන් බල්ලෝ වගේ දන ගහගෙන යනවා. හිටං සහ පොනිල් වන්දනා කරන හැමෝටම හොඳ පාඩමක්. අපිට කිසිම උදව්වක් නොකර හැම තිස්සෙම කකුලෙන් ඇදපු ඇමෙරිකාවට දෙන්න ගියා.

    රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් ගේ සෙකන්ඩ් ලැඞ්වේජ් එක මොකද්ද කියල දන්නවද කට්ටිය? සිංහල.

    porage 2nd language eka sinhala une pora lankawe ru embassy eke wada karapu nisai
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    @ruchira55 මෙන්න එහෙමයි තොපිලට පුටින් සැලකුවෙ 🤣🤣🤣🤣🤣
    පොන්නයට රුසියාව එක්ක පුදුම තරහක්නෙ තියෙන්නෙ. තරහා යන්න එක්ක මේ ටිකේ බැන බැන ඉඳපන්. උබලගෙ යුක්‍රේනෙට ගූ යන්න පූටින් ලොක්කා ගහනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයට රුසියාව එක්ක පුදුම තරහක්නෙ තියෙන්නෙ. තරහා යන්න එක්ක මේ ටිකේ බැන බැන ඉඳපන්. උබලගෙ යුක්‍රේනෙට ගූ යන්න පූටින් ලොක්කා ගහනවා.
    ඒයි ගූ පොන්නය මොකෝ තේ තහනම් මතක් කරාම ලිස්සන්නෙ,🤣🤣 කිවෙ නම් කොහොමද පුටින් හෙන ලව් කියල යහපාලනේට,🤣🤣🤣🤣 තොපිට පුකේ ඇරියනෙ පොන්සි අමතකද අතීතෙ මෙච්චර ඉක්මනට🤭🤭🤭🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ඒයි ගූ පොන්නය මොකෝ තේ තහනම් මතක් කරාම ලිස්සන්නෙ,🤣🤣 කිවෙ නම් කොහොමද පුටින් හෙන ලව් කියල යහපාලනේට,🤣🤣🤣🤣 තොපිට පුකේ ඇරියනෙ පොන්සි අමතකද අතීතෙ මෙච්චර ඉක්මනට🤭🤭🤭🤭
    තරහා යන්න එක්ක මේ ටිකේ බැන බැන ඉඳපන්. උබලගෙ යුක්‍රේනෙට ගූ යන්න පූටින් ලොක්කා ගහනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තරහා යන්න එක්ක මේ ටිකේ බැන බැන ඉඳපන්. උබලගෙ යුක්‍රේනෙට ගූ යන්න පූටින් ලොක්කා ගහනවා.
    තරහ ගියානම් හිනා වෙනවද පොන්ස්, 🤣🤣තොපිට වැලි දාල පුටින් ඇරියෙ, 🤭🤭🤭බලපන් උබල මොක කියන් ආවත් ගූම වෙනවනෙ, උබලගෙ පාන්ඩු කාලෙ නම් අනේ මන්ද හැම එකාගෙන්ම පුක පලන්🤣🤣🤣