තේ කෝප්පයෙන් එන මාරක අනතුර
ඔබේ තේ කෝප්පය
ආහාර පාන ආදිය පිසීමට සහ ආහාරයට ගැනීමට භාවිතා කරන භාජන සහ උපකරණ ගැන ඔබ වැඩි අවදානයක් ගත යුතු වීමට මූලික හේතු කිහිපයක්ම තියනවා. ඉන් පළමු වැනි කාරණය තමයි අපි කෑමට ගන්න දේ මුඛ මාර්ගයෙන් කෙලින්ම සිරුර ඇතුලට ගමන් කිරීම. අනිත් දේ තමයි ආහාර පාන කියන්නේ අපි නිති පතා ගන්න දෙයක් නිසා යම් අහිතකර දෙයක් සුළු සාන්ද්‍රණ වලින් ශරීර ගත උවත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම විෂ ද්‍රව්‍ය එකතු වී හානිකර මට්ටමට ළගා විය හැකි වීම. මේ නිසා කාලයාගේ ඇවෑමෙන් අපි නොදැනුවත්වම බරපතල අවදානම් තත්ව වලට මුහුණපාන්න ඉඩ තියනවා. ඉවුම් පිහුම් උපකරණ හා පිගන් කෝප්ප වැඩි අවදානමක් ඇති කරන තවත් හේතුවක් තමයි මේ දේවල් අධික උෂ්ණත්ව වලට නිරාවරණය වන උපකරණ වීම. අපි හැමෝම අත්දැකල තියෙන විදිහට උණුසුම වැඩි විට ද්‍රව්‍ය දිය වීම වඩාත් හොදින් සිදු වෙනව. විෂ රසායන ද්‍රව්‍ය වලටත් මේ සංසිද්ධිය පොදුයි.
මොනවද තේ කෝප්ප වල තියෙන්න පුලුවන් විෂ?
හැදින්වීමේදී කිව්වා වගේම ගොඩක් අය “විසිතුරු වැඩ දාපු පීරිසි කෝප්ප කට්ටල “ වලට වැඩි කැමැත්තක් පල කරනවා. මේ විසිතුරු රටා අදින්න ගන්න තීන්ත වර්ග සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් ඒවායේ නිෂ්පාදකයින් ලබා දෙනවාද ???
මෙම රන්වන් පැහැය ලබා ගන්නට යොදා ගන්නා තීන්ත ප්‍රමිතියෙන් තොර ඒවා නම් බොහෝ විට එහි ඊයම් අඩංගු වෙන්න පුලුවන්.
ඊයම් විෂ බව දැන දැනත් මෙලෙස පාවිච්චි කරන්නෙ ඇයි?
තාමත් ලෙඩ් ඔක්සයිඩ් වලින් ලබා දෙන දිස්නයට සමාන දිස්නයක් දෙන්න පුලුවන් ලාබදායී ආදේශකයක් හොයාගෙන නෑ . නමුත් ඊයම් ශරීර ගත වීමේ අවදානම අවම වෙන ආකාරයෙන් පෝසිලේන් ඔප දැමීමේ ක්‍රම නම් හොයාගෙන තියනවා.
ඇමරිකාවේ FDA ආයතනය කියන විදියට නම් “පිගන් භාණ්ඩ වල ඊයම් අඩංගු වීමේ ගැටලුවක් නෑ. නමුත් මේ ඊයම් ආහාර සමග මිශ්‍ර නොවන පරිදි භාණ්ඩ නිෂ්පාදනයට නිෂ්පාදකයන් වග බලා ගත යුතුයි“
අපි මිළ දී ගත්ත පිගන් භාණ්ඩ අවදානම් රහිතයි කියල ස්ථීර කර ගන්නෙ කොහොමද?
මෙතන තමා ගැටලුව මතු වෙන්නේ...
ඇමරිකාවේ FDA (Food and Drug Administration) ආයතනය නම් එරටට ආනයනය කරන පිගන් භාණ්ඩ වල ඊයම් නිදහස් වන ප්‍රමාණය ආරක්ෂිත දැයි පරික්ෂා කරනවා.
ඊට අමතරව පිගන් භාණ්ඩ විකිණීමේදී අනතුරු ඇගවීමේ පණිවුඩ දර්ශනය කරන්නත් නියෝග කර තියනවා. තවද, ඉතා දැඩි රෙගුලාසි වලට යටත්ව ඊයම් රහිත නිශ්පාදන වලට "Lead Free"ලේබලය යොදා ගන්න අවසර දීල තියනවා. (Ref:www.fda.gov/ICECI/ComplianceManuals/CompliancePolicyGuidanceManual) නමුත් මෙවැනි ප්‍රමිති පරීක්ෂාවක් ලංකාවට ගෙන්වන භාණ්ඩ වලට සිදු කරනවා දැයි මා දන්නේ නැහැ
පිගන් භාණ්ඩ වල සෞඛ්‍ය අවදානම පරීක්ෂණාත්මකව තහවුරු වෙලා තියනවාද?
ඔය ජංගම දුරකථන වල වගේ නෙමෙයි, පිගන් භාණ්ඩ මගින් ඊයම් විෂ වීමේ සෞඛ්‍ය අවදානම පැහැදිලි සංඛ්‍යාත්මක සහසම්බන්ධතා (statistical correlations) සහිතව ඔප්පු කර පෙන්වලා තියනවා... පහත සබැදුම් වලින් පෙන්වා තියෙන්නේ එවන් පර්යේෂණ කිහිපයක ප්‍රතිඵලයි.
http://www.ncbi.nlm.nih.gov/pubmed/8073330
http://www.ncbi.nlm.nih.gov/pubmed/1954921
http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1567967/
මේ අවදානමෙන් මිදෙන්න බැරි ද?
බැරි කමක් නෑ! හැබැයි ඉතිං නීති රෙගුලාසි වලින් පාලනයක් නැති නිසා භාණ්ඩ මිල දී ගද්දී අපි ටිකක් පරෙස්සම් වෙන්න ඕන. "Lead Free" ලේබල හෝ වෙනත් අවදානම් පණිවිඩ ඇසුරුම් සමග තිබේ දැයි විමසිලිමත් වෙන්න. තවද ඔය ගොඩක් හැඩ වැඩ දාපු පිගන් භාණ්ඩ මිලදී නොගැනීමත් කෝකටත් හොදයි. SLS , JIS වැනි තත්ව සහතික සහිත භාණ්ඩ මිල දී ගැනීමට ප්‍රම්ඛත්වය දෙන්න.
සාරාංශය
පීරිසි කෝප්ප ඇතුලු පිගන් භාණ්ඩ නිශ්පාදන ක්‍රියාවලියේදී ඊයම් ඇතුළු විෂ ද්‍රව්‍ය බොහොමයක් යොදා ගන්නවා. නිවැරදි තත්ව පාලනයෙන් තොරව නිශ්පාදන ක්‍රියාවලිය සිදු වුවහොත් මෙම විෂ ද්‍රව්‍ය ශරීර ගත වෙන්න ලොකු ඉඩක් තියනවා. මෙ නිසා ප්‍රමිතියෙන් බාල පිගන් භාණ්ඩ භාවිතය සිරුරට හානිකර වෙනින පුලුවන්.
Referances:
cchealth.org/topics/lead_poison/pdf/ceramics.pdf
lead_in_pottery_brochure_063008_final.pdf
www.fda.gov/forconsumers/consumerupdates/ucm233531.htm
www.fda.gov/Food/GuidanceComplianceRegulatoryInformation/
ගත්තේ මෙන්න මෙතනින්...
Read More: ඇත්ත නැත්ත -10- තේ කෝප්පයෙන් එන මාරක අනතුර http://www.tech-handiya.com/general...්+හන්දිය))&utm_content=FaceBook#ixzz1a7I03qEc
ටෙක්නිකල් හංදිය
Picture:All rights reserved by GillyFace
ශ්‍රී ලංකාවෙ අපි හොයා ගත්ත දෙයක් නොවුණට තේ පානය කියන්නෙ අපේ සංස්කෘතියත් එක්ක දැඩිව බද්ධ වෙලා තියෙන පුරුද්දක්. ගෙදරට ආපු අමුත්තෙකුට තේ පැන් සංග්‍රහයක් නොකර පිටත්වෙන්න දෙන එක නිවැසියන්ට වගේම අමුත්තන්ටත් හිතේ කහටක් ඉතිරි කරන දෙයක්.
තේ පැන් සංග්‍රහයත් එක්කම කේක් බිස්කට් වගේ දේවලුත් එකතු කරන්න අපි හැම විටම උත්සාහ ගන්නවා. මේ ඔක්කොටම වඩා අපේ ගෘහණියො අවදානය යොමු කරන්නෙ තේ පිලිගැන්වීමට යොදා ගන්නා පීරිසි කෝප්ප ගැන!
හොඳ තේ කුඩු වර්ගයක් මිලදී ගන්න රුපියල් 5ක් 10ක් වැඩියෙන් වැය කරන්න ලෝබ වුණත් රුපියල් 500ක් 1000ක් වැඩියෙන් වැය කර හොදට විසිතුරු වැඩ දාපු පීරිසි කෝප්ප කට්ටලයක් මිලදී ගන්න නම් ගොඩක් අය මහන්සි ගන්නවා. නමුත් මේ පීරිසි කෝප්ප මිළ දී ගන්නා විට ඒවායේ සෞඛ්‍යාරක්‍ෂිත භාවය ගැන ඔබ මොහොතකටවත් අවදානය යොමු කළා ද?තේ පැන් සංග්‍රහයත් එක්කම කේක් බිස්කට් වගේ දේවලුත් එකතු කරන්න අපි හැම විටම උත්සාහ ගන්නවා. මේ ඔක්කොටම වඩා අපේ ගෘහණියො අවදානය යොමු කරන්නෙ තේ පිලිගැන්වීමට යොදා ගන්නා පීරිසි කෝප්ප ගැන!
ඔබේ තේ කෝප්පය
ආහාර පාන ආදිය පිසීමට සහ ආහාරයට ගැනීමට භාවිතා කරන භාජන සහ උපකරණ ගැන ඔබ වැඩි අවදානයක් ගත යුතු වීමට මූලික හේතු කිහිපයක්ම තියනවා. ඉන් පළමු වැනි කාරණය තමයි අපි කෑමට ගන්න දේ මුඛ මාර්ගයෙන් කෙලින්ම සිරුර ඇතුලට ගමන් කිරීම. අනිත් දේ තමයි ආහාර පාන කියන්නේ අපි නිති පතා ගන්න දෙයක් නිසා යම් අහිතකර දෙයක් සුළු සාන්ද්‍රණ වලින් ශරීර ගත උවත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම විෂ ද්‍රව්‍ය එකතු වී හානිකර මට්ටමට ළගා විය හැකි වීම. මේ නිසා කාලයාගේ ඇවෑමෙන් අපි නොදැනුවත්වම බරපතල අවදානම් තත්ව වලට මුහුණපාන්න ඉඩ තියනවා. ඉවුම් පිහුම් උපකරණ හා පිගන් කෝප්ප වැඩි අවදානමක් ඇති කරන තවත් හේතුවක් තමයි මේ දේවල් අධික උෂ්ණත්ව වලට නිරාවරණය වන උපකරණ වීම. අපි හැමෝම අත්දැකල තියෙන විදිහට උණුසුම වැඩි විට ද්‍රව්‍ය දිය වීම වඩාත් හොදින් සිදු වෙනව. විෂ රසායන ද්‍රව්‍ය වලටත් මේ සංසිද්ධිය පොදුයි.
මොනවද තේ කෝප්ප වල තියෙන්න පුලුවන් විෂ?
හැදින්වීමේදී කිව්වා වගේම ගොඩක් අය “විසිතුරු වැඩ දාපු පීරිසි කෝප්ප කට්ටල “ වලට වැඩි කැමැත්තක් පල කරනවා. මේ විසිතුරු රටා අදින්න ගන්න තීන්ත වර්ග සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් ඒවායේ නිෂ්පාදකයින් ලබා දෙනවාද ???
ඉතිං රටා ඇදල තියෙන්නෙ එලියෙ නේ!
ඔව් නමුත් කෝප්පයේ කටේ දාරය වටේට ඇති රටා කාලයත් සමග දියවී මුඛය හරහා ශරීර ගත වෙනවා. විශේෂයෙන් රන්වන් පාටින් ඇද ඇති රටා බොහොම ඉක්මනින් දියවී සිරුරට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි!
පිගන් භාන්ඩ ඔප දැමීමට භාවිත කරන රසායන ද්‍රව්‍ය අතර ලෙඩ් ඔක්සයිඩ් (Lead Oxide) වලට හිමි වෙන්නෙ ප්‍රමුඛ තැනක්!ඊයම් විෂ බව දැන දැනත් මෙලෙස පාවිච්චි කරන්නෙ ඇයි?
තාමත් ලෙඩ් ඔක්සයිඩ් වලින් ලබා දෙන දිස්නයට සමාන දිස්නයක් දෙන්න පුලුවන් ලාබදායී ආදේශකයක් හොයාගෙන නෑ . නමුත් ඊයම් ශරීර ගත වීමේ අවදානම අවම වෙන ආකාරයෙන් පෝසිලේන් ඔප දැමීමේ ක්‍රම නම් හොයාගෙන තියනවා.
ඇමරිකාවේ FDA ආයතනය කියන විදියට නම් “පිගන් භාණ්ඩ වල ඊයම් අඩංගු වීමේ ගැටලුවක් නෑ. නමුත් මේ ඊයම් ආහාර සමග මිශ්‍ර නොවන පරිදි භාණ්ඩ නිෂ්පාදනයට නිෂ්පාදකයන් වග බලා ගත යුතුයි“
අපි මිළ දී ගත්ත පිගන් භාණ්ඩ අවදානම් රහිතයි කියල ස්ථීර කර ගන්නෙ කොහොමද?
මෙතන තමා ගැටලුව මතු වෙන්නේ...
ඇමරිකාවේ FDA (Food and Drug Administration) ආයතනය නම් එරටට ආනයනය කරන පිගන් භාණ්ඩ වල ඊයම් නිදහස් වන ප්‍රමාණය ආරක්ෂිත දැයි පරික්ෂා කරනවා.
පිගන් භාණ්ඩ වල සෞඛ්‍ය අවදානම පරීක්ෂණාත්මකව තහවුරු වෙලා තියනවාද?
ඔය ජංගම දුරකථන වල වගේ නෙමෙයි, පිගන් භාණ්ඩ මගින් ඊයම් විෂ වීමේ සෞඛ්‍ය අවදානම පැහැදිලි සංඛ්‍යාත්මක සහසම්බන්ධතා (statistical correlations) සහිතව ඔප්පු කර පෙන්වලා තියනවා... පහත සබැදුම් වලින් පෙන්වා තියෙන්නේ එවන් පර්යේෂණ කිහිපයක ප්‍රතිඵලයි.
http://www.ncbi.nlm.nih.gov/pubmed/8073330
http://www.ncbi.nlm.nih.gov/pubmed/1954921
http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1567967/
මේ අවදානමෙන් මිදෙන්න බැරි ද?
බැරි කමක් නෑ! හැබැයි ඉතිං නීති රෙගුලාසි වලින් පාලනයක් නැති නිසා භාණ්ඩ මිල දී ගද්දී අපි ටිකක් පරෙස්සම් වෙන්න ඕන. "Lead Free" ලේබල හෝ වෙනත් අවදානම් පණිවිඩ ඇසුරුම් සමග තිබේ දැයි විමසිලිමත් වෙන්න. තවද ඔය ගොඩක් හැඩ වැඩ දාපු පිගන් භාණ්ඩ මිලදී නොගැනීමත් කෝකටත් හොදයි. SLS , JIS වැනි තත්ව සහතික සහිත භාණ්ඩ මිල දී ගැනීමට ප්‍රම්ඛත්වය දෙන්න.
සාරාංශය
පීරිසි කෝප්ප ඇතුලු පිගන් භාණ්ඩ නිශ්පාදන ක්‍රියාවලියේදී ඊයම් ඇතුළු විෂ ද්‍රව්‍ය බොහොමයක් යොදා ගන්නවා. නිවැරදි තත්ව පාලනයෙන් තොරව නිශ්පාදන ක්‍රියාවලිය සිදු වුවහොත් මෙම විෂ ද්‍රව්‍ය ශරීර ගත වෙන්න ලොකු ඉඩක් තියනවා. මෙ නිසා ප්‍රමිතියෙන් බාල පිගන් භාණ්ඩ භාවිතය සිරුරට හානිකර වෙනින පුලුවන්.
Referances:
cchealth.org/topics/lead_poison/pdf/ceramics.pdf
lead_in_pottery_brochure_063008_final.pdf
www.fda.gov/forconsumers/consumerupdates/ucm233531.htm
www.fda.gov/Food/GuidanceComplianceRegulatoryInformation/
ගත්තේ මෙන්න මෙතනින්...
Read More: ඇත්ත නැත්ත -10- තේ කෝප්පයෙන් එන මාරක අනතුර http://www.tech-handiya.com/general...්+හන්දිය))&utm_content=FaceBook#ixzz1a7I03qEc
ටෙක්නිකල් හංදිය
Last edited:
බොහොම ස්තුතියි දැනුවත් කලාට