තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ලෝකෙ අංක එකට තේ අපනයනය කරන කෙන්යාවට වඩා ලංකාව සල්ලි හොයනවා...ඒ කියන්නෙ අපි අඩුවෙන් බඩු දීලා වැඩියෙන් සල්ලි හොයනවා.මොකද අපේ තේවල කොලිටි එක නිසා.තේ දලුවලින් තමයි තේ කොල හැදෙන්නෙත්,දලුවල කොලිටි එක අඩු වෙනකොට තේවල කොලිටි බහිනවා.අවසානෙ වැඩි ලාබෙ බලන්න ගිහින් තියෙන ටිකටත් ඇරගන්න තමයි වෙන්නෙ.කලිනුත් පිටරටින් තේ කොල ගෙනත් මෙහෙ මිශ්‍ර කරලා සිලෝන් ටී කියලා ගහලා පිටරට යවන්න උත්සහා කරා.ඒක නැවැත්තුව නිසා අදටත් අපේ තේවලට තැනක් තියෙනවා.


    ඒක වෙන්න පුළුවන්. මොකද කෝකත් සර්වසම්පුර්ණනෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔය කියන දේටත් මොකක්හරි විසධුමක් ඇතිනෙ. ලොකු වැවිලි සමාගම් කරන වතුවලනම් මිනිස්සු දළු කඩද්දි ඒක හොදට වෙනවා. ඒත් අපි වාගෙ පොඩි වතුවල ඒක අමාරුයි. මොකද දළු කඩන අයට යන වියදම ගොඩක් වැඩියි. අනික ඒගොල්ලො කොහොමත් හොදට දළු කඩන්නෙත්නෑ. ඒගොල්ලො බලන්නේ සල්ලි ගන්න විතරයි.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Mamath hithanne mashine eka sarthaka na kiyala.. Any way good point to discuss..
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    10408626_544884382333264_2237971776731438397_n.jpg
    11214705_544879422333760_2864793844454961989_n.jpg
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    https://sinhala.news.lk/news/world-3/item/11732-2015-06-06-14-21-43


    කළුතර තේ කර්මාන්තයේ ශ්‍රම හිඟයට පිළියමක්

    තේ කර්මාන්තය පවත්වාගෙන යාමේදී මතුවී ඇති උග්‍ර ශ්‍රම හිඟයට පිළියමක් ලෙස තේ වගාවට නව යන්ත්‍ර සුත්‍ර කිහිපයක් හඳුන්වාදීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.


    මෙම යාන්ත්‍රිකරණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යන්ත්‍ර සුත්‍ර කට්ටල 16ක් තේ කර්මාන්ත ශාලා කිහිපයකට හා තේ හිමියන්ගේ සංවිධාන කිහිපයකට මේ වන විට ලබා දී ඇත. මෙම යන්ත්‍ර සුත්‍ර අතරට තේ දළු නෙලන මැෂින්, ගස් කප්පාදු මැෂින්, වලවල් හාරන මැෂින් හා දළු කපන කතුරු ඇතුලත් වේ.

    තේ ව්‍යාපෘති නිලධාරින්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට ප්‍රාදේශීය මට්ටමින් සිටින ආර්ථික සංවර්ධන නිලධාරින් නිසි පුහුණුවක් ලබා දී තේ ව්‍යාප්ත නිලධාරින් ලෙස යොමු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    තේ කර්මාන්තය දියුණු කිරිමට ඇති බාධක අතර ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුව හා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ප්‍රබල ලෙස බලපා ඇති බව තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
    දැනට තේ අක්කරයකින් ලැබෙන අස්වැන්න අක්කරයකට තේ දළු කිලෝ ග්‍රෑම් 300 - 400 ක් පමණ වන අතර නව තාක්ෂණය හඳුන්වා දීමේ වැඩසටහන යටතේ එය අක්කරයකට තේ දළු කිලෝ ග්‍රෑම් 800ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි .

    කළුතර දිස්ත්‍රික්කය තුළ කුඩා තේ වතු හිමියන් 38,000ක් පමණ සිටින අතර පහත රට තේ කර්මාන්තයේ යෙදෙන ප්‍රමුඛ දිස්ත්‍රික්කය ලෙස කළුතර හඳුනා ගෙන ඇත.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    බෝග වගා අස්වනු නෙළිම හා සැකසීමට අදාල වන යා&#35

    https://www.doa.gov.lk/index.php/si...rmika-sanwardanayata-krushi-yanthrikaranaya-7

    තේ දලු නෙළන සරල යන්ත්‍ර

    42.jpg

    43.jpg


    අතින් තේ දලු නෙළනවාට වඩා කාර්යක්ෂම වන අතර දලු වලට වන හානිය ද අවම වේ. එසේම කාර්යක්ෂමව තේ දලු නෙලාගත හැකි වීම තවත් විශේෂත්වයකි.

    ක්ෂේත්‍රයේදී භාවිතා වන සරල තේ දළු යන්ත්‍ර දෙකක් මෙහි දැක්වේ.
     

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    තේ දලු කඩන මනුස්සයෙක්ට දවසකට හම්බෙන්නෙත් පොඩි ගානක්. මේකෙන් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ රස්සාව නැති වෙන එක​

    Keeyak kiyalai hithanne
     

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    ප්‍රෙන්ස්, මම ප්ලාන්ටෙශන් වැඩ කරන්නෙ. මමත් ඔය මෙශින් එකක් කොම්පනි එකෙන් ඉල්ල ගත්තා. මට දුන්නෙ හෙලිස් පොඩි මෙශින් එකක්. වැඩෙ නම් සාර්තක නෑ. පස්සෙ ඔය මෙශින් එකක් ඉල්ල ගත්තා යාලුවෙකුට කියලා. එකත් එම ම තමා. ලන්කාව වගෙ orthadox තේ හදන රටකට ඔය මෙශින් එකෙන් දලු කඩලා manufacture කරන්න බැ. ඔය මෙශින් එක හොන්දයි CTC manufacture ekakata. එහෙම නති වුනොත් ඔය කඩන දලු leaf sorter එකක දාලා. හොන්ද ටික තොරලා ගන්න වෙනවා. එතකොට ද්ලු වලින් භාගයක් අහක. ගොඩක් වෙලාවට කුඩා වතු හිමියො උත්සාහ කරන්නෙ පුලුවන් තරම්. දලු කඩලා අදායම වැඩි කරන්න මිසක්. Factory එකට දෙන දල්ලෙ quality එක නෙමේ. එතන්දි factory එකෙ ඉන්න අය තමා දන්නෙ එකෙන් තේ හදන්න තියෙන දුක. මොකද අන්තිමට බාල තේ ද්ලු අරන් manufacture එක අවුල් වුනාම. එ ද්ලු දීපු අයම factory එකෙ රේට් එක අඩුයි කියලා වෙන factory එකකට ද්ලු දෙනවා. මතෘකාවේන් පිට තමා කිව්වෙ. නමුත් මම කතා කලේ දලු කඩන අය නැහැ කියල මෙශින් දාන එක වත් . දවස් 5,6 කඩන්න තියේන රවුම ද්වස් 10ක් කරන එක වත් මෙ ප්‍රශ්නෙට උත්තරයක් නොවෙන නිසා. ඇත්ත... skilled labor අඩුවක්. තියෙනවා එහෙම නම්. ඔය වගෙ මෙශින් හරි දවස් 10 දලු හරි factory එකකට ගන්නවානම් යම්කිසි % අඩු කරලා ගන්න ඔන කියලා අනුමත ක්‍රමවෙදයක් තියෙන්න ඔන. නැති නම් Bought leaf rate එක හදද්දී තියෙන 21.5% කතාව අයින් කරන්න ඔන. මේක ලන්කාවෙ ගත්තොත් කර්මාන්ත අන්ශයක්. එතකොට මෙකෙ එක කොටසකට විතරක් උත්තර දීලා හරියන්නෙ නෑ කියන එකයි මගේ අදහස්