ලෝකෙ අංක එකට තේ අපනයනය කරන කෙන්යාවට වඩා ලංකාව සල්ලි හොයනවා...ඒ කියන්නෙ අපි අඩුවෙන් බඩු දීලා වැඩියෙන් සල්ලි හොයනවා.මොකද අපේ තේවල කොලිටි එක නිසා.තේ දලුවලින් තමයි තේ කොල හැදෙන්නෙත්,දලුවල කොලිටි එක අඩු වෙනකොට තේවල කොලිටි බහිනවා.අවසානෙ වැඩි ලාබෙ බලන්න ගිහින් තියෙන ටිකටත් ඇරගන්න තමයි වෙන්නෙ.කලිනුත් පිටරටින් තේ කොල ගෙනත් මෙහෙ මිශ්ර කරලා සිලෝන් ටී කියලා ගහලා පිටරට යවන්න උත්සහා කරා.ඒක නැවැත්තුව නිසා අදටත් අපේ තේවලට තැනක් තියෙනවා.
ඒක වෙන්න පුළුවන්. මොකද කෝකත් සර්වසම්පුර්ණනෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔය කියන දේටත් මොකක්හරි විසධුමක් ඇතිනෙ. ලොකු වැවිලි සමාගම් කරන වතුවලනම් මිනිස්සු දළු කඩද්දි ඒක හොදට වෙනවා. ඒත් අපි වාගෙ පොඩි වතුවල ඒක අමාරුයි. මොකද දළු කඩන අයට යන වියදම ගොඩක් වැඩියි. අනික ඒගොල්ලො කොහොමත් හොදට දළු කඩන්නෙත්නෑ. ඒගොල්ලො බලන්නේ සල්ලි ගන්න විතරයි.