Shipping Containers Grades - 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,491
    124,463
    113
    දෙහිවල
    අදත් ඉතින් සුපුරුදු පරිදි කෙටි සටහනක්. "Empty Container Repositioning" ගැන එහෙම නැත්නම් "Empty Repo" ගැන ලියපු සටහනේ කිරියේ සහෝදරයෙක් @jzx අහලා තිබ්බා "Container Grades" කියන්නේ මොනවද කියලා කියන්න කියලා. අද සටහන ඒ ගැන.

    ඉතින් සුපුරුදු පරිදි අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී අපි බොහෝවිට යොදාගන්නේ බහලුම් හරහා සිදුකරන භාණ්ඩ ප්‍රවාහනයයි. එලෙස බහලුම් හරහා භාණ්ඩ හුවමාරුවේදී එක අන්තයක සිට අනිත් අන්තය දක්වා එකම වර්ගයක නොව විවිද වර්ගවල භාණ්ඩ වර්ග හුවමාරුවේ.

    එතකොට? ඇගලුම්, ආහාර, පානිය ද්‍රව්‍ය, තේකොල, රබර්, කොහුබත්, ප්ලාස්ටික්, විදුරු, කරෝල, එළවලු, යන්ත්‍ර, වාහන එකම බහාලුමක විටින් විට පැටවිය හැකිද? පිළිතුර නැත? සෑම හුවමාරු භාණ්ඩ ප්‍රබේද සදහාම විශේෂිත බහලුම් ප්‍රබේද වෙන්කර ඇති අතර එක් ප්‍රබෙදයක බහාලුමක නිර්දේශිත භාණ්ඩ වෙනත් ප්‍රබෙදයක භාණ්ඩ බහාලුමක නැව්ගත කල නොහැක.

    VBpeyj4.jpg


    නැව්ගත කිරීමේ බහාලුම් ශ්‍රේණි යනු නැව්ගත කිරීමේ බහාලුම්වල තත්ත්වය වර්ගීකරණය කිරීමේ ක්‍රමයකි. විවිධ සමාගම් විසින් භාවිතා කරන විවිධ ශ්‍රේණිගත කිරීමේ පද්ධති ගණනාවක් ඇත, නමුත් වඩාත් පොදු පද්ධතිය ශ්‍රේණි තුනක් භාවිතා කරයි: A, B සහ C.
    තවත් අවස්තාවන් වලිදී අප FOOD, TEA, GARMENTS සහ GENERAL ලෙසද බහලුම් වර්ගීකරණය කරනු ලැබේ.

    හොදින් මතකතබාගතයුතු දෙයක් වන්නේ A, B, C හෝ FOOD, TEA, GARMENTS, GENERAL ලෙස කිසිදු බහාලුමක් ප්‍රථමයෙන් නිෂ්පාදනය නොකරන වගයි. එතකොට කොහොමද වෙන්නේ? 👇 👇 👇

    නැව්ගත කිරීමේ බහාලුම් සමුද්‍ර පරිසරය තුල වසර ගණනාවක් පවතින පරිදි ඉදිකර ඇති අතර, අව්වට, වැස්සට, දිගු තෙතමනයට සහ සුළඟට නිරාවරණය වීම අවසානයේ ස්වභාවික පරිහානියට හේතු වේ. බර යන්ත්‍ර සූත්‍ර මගින් ගමනාගමනයේදී හෝ ස්ථානගතව සිටියදී ඒවාට හානි විය හැකිය.

    යම් නැව් සමාගමක් තම බහාලුම් ඒවායේ සෞන්දර්යය සහ පිරිසිදුකම අනුව ශ්‍රේණිගත කිරීම සඳහා A, B සහ C බහාලුම් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන්නේ නම්, A ශ්‍රේණිගත යනු හොඳම ගුණාත්මක භාණ්ඩ හුවමාරුවට යොදාගනු ලබයි. එහිදී එම බහලුම් වල FOOD එසේ නැත්නම් ආහාර ආශ්‍රිත භාණ්ඩ ප්‍රබේද නැව්ගත කරනු ලබයි.
    පසුව B ශ්‍රේණිගත බහලුම් වල , TEA, GARMENTS ආශ්‍රිත භාණ්ඩ ප්‍රබේද නැව්ගත කරනු ලබයි. පසුව අනෙකුත් භාණ්ඩ හුවමාරුව සදහා C ශ්‍රේණිගත බහලුම් යොදාගනු ලබයි.

    RfBw53M.jpg


    බහාලුම් ශ්‍රේණිවල විවිධ වර්ග මොනවාද? 👇👇

    IICL-5 - නැව් කර්මාන්තයේ වඩාත්ම මිල අධිකම බහලුම් ලෙස මෙම ප්‍රබේදය සලකනු ලබයි. කන්ටේනරයක් සාමාන්‍යයෙන් අවුරුදු 1ත් 8ත් අතර පැරණි වන අතර එය ජාත්‍යන්තර ප්‍රවාහනයට සුදුසු උසස් තත්ත්වයේ බහාලුමකි. A ශ්‍රේණියේ බහාලුමකි

    CW (cargo-worthy) - බහාලුම් නැව් මාර්ග මගින් බහුලව භාවිතා වන ඒවා වේ. භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු ශ්‍රේණියේ බහාලුමක් සාමාන්‍යයෙන් එහි සම්මත තත්වයන් සපුරාලන B ශ්‍රේණියේ බහාලුමකි.

    WWT (Wind and Watertight) -අන්තර් මාදිලි නැව්ගත කිරීම (intermodal shipping) සඳහා සුදුසු භාණ්ඩ නොවේ. WWT බහාලුම් අවුරුදු අටකට වඩා පැරණි වන අතර ඒවා තවදුරටත් B සහ C ශ්‍රේණිවලට බෙදා ඇත.

    AI or As-Is - AI හෝ As-Is යනු සැලකිය යුතු ව්‍යුහාත්මක හානියකින් පෙළෙන බහලුම් යොමු කරන ශ්‍රේණියකි. එහි සාමාන්‍යයෙන් දෘශ්‍යමාන සිදුරු, දෘශ්‍ය දත් හෝ කැපී පෙනෙන විඛාදනයක් ඇත ( ඔව් ඔව් අඩුවට විකුනන්නේ මේවා තමයි )


    බහලුම් ශ්‍රේණිය තීරණය කිරීම සඳහා සෞන්දර්යය, පිරිසිදුකම සහ බහාලුම්වල පෙනුම භාවිතා කරන්නේ නම් 👇👇

    Food grade shipping containers - ආහාර ශ්‍රේණියේ නැව්ගත කිරීමේ බහාලුම් යනු ඉහළම ගුණාත්මක භාවය සහ පිරිසිදුකම සහිත බහලුම් වේ. මේවා සාමාන්‍යයෙන් නැව් සමාගමට පිරිනැමිය හැකි නවතම සහ වඩාත් ව්‍යුහාත්මකව හොඳ බහාලුම් වේ. FOOD එසේ නැත්නම් ආහාර ආශ්‍රිත භාණ්ඩ ප්‍රබේද නැව්ගත කිරීම සදහා බාවිතා කරයි. තෝරාගත් ඇගලුම් නිෂ්පාදන වුවද නැව්ගත කරනු ලබයි.

    A-grade shipping containers - මලකඩ හෝ හානි කිසිදු සලකුනක් නොමැතිව සාමාන්යයෙන් පිරිසිදු බහලුම් වේ. TEA, GARMENTS ආශ්‍රිත භාණ්ඩ ප්‍රබේද නැව්ගත කරනු ලබයි. තෝරාගත් ආහාර ශ්‍රේණියේ නිෂ්පාදන වුවද නැව්ගත කරනු ලබයි.

    Furniture grade containers - සාමාන්‍යයෙන් ඇතුළත පිරිසිදු බහාලුම් වේ මේවා සාමාන්යයෙන් B+ බහාලුම් වේ.

    General-quality containers, refurbished, or grade B containers - වාහන, මෙවලම් සහ යන්ත්‍ර ඇතුළු විවිධ වර්ගයේ භාණ්ඩ නැව්ගත කිරීම සඳහා භාවිතා වේ. අමතරව ගබඩාවක් සදහා මෙම ප්‍රබේදය බහුලව යොදාගනු ලබයි.

    Industrial-quality shipping containers - B- හෝ C-ශ්‍රේණියේ බහලුම් ලෙස හැදින්වේ. සුළු සුළු මලකඩ සහ හානිවල දෘශ්‍යමාන සලකුණු වලින් සමන්විත වේ. එබැවින් ඒවා මල නොබැඳෙන කාර් කොටස් වැනි කාර්මික භාණ්ඩ නැව්ගත කිරීම සදහා පමණක් බොහෝවිට යොදාගනු ලැබේ.

    Handyman storage container - බොහෝවිට මෙම ප්‍රබේදය ගබඩා බහාලුම් ලෙස හැදින්වේ. පැරණිතම සහ වඩාත්ම හානි වූ භාවිතා කරන ලද බහාලුම් මෙම ගණයට යටත්වේ. මිලදී ගන්නා සමාගම නාවික භාවිතයට පෙර බහලුම අලුත්වැඩියා කිරීම සිදුකල යුතුය.

    W8P8GJ2.jpg



    කෙටියෙන් කියන්න යන්නේ දැන්

    @Solo Rider සහ @PHBhagya ගේ "Volty & Presea" සමාගමෙන් @Johnnie_Walker ට ඕන වුනොත් "තේ" අපනයනය කරන්න බහලුමක්, එය නැව්ගත කල යුත්තේ A-grade බහාලුමක වීම අත්‍යවශ්‍යයි සහ නිකුත්කරනු ලබන්නේ එම ප්‍රබේදයම වීමයි.

    @Stimulus mind සහ @NRTG ගේ "NASA & BOTA"සමාගමෙන් @Kalegana ට ඕන වුනොත් "රථ වාහන අමතර කොටස් " අපනයනය කරන්න බහලුමක්, එය නැව්ගත කල යුත්තේ B-grade බහාලුමක වීම අත්‍යවශ්‍යයි සහ නිකුත්කරනු ලබන්නේ එම ප්‍රබේදයම වීමයි.

    මේ බහලුමේ පටවන්නෙ මේ ජාති විතරයි..
    අර බහලුමේ පටවන්නෙ මේ ජාති විතරයි..
    අරකේ මේවා පටවන්න බැහැ..
    මේකේ අරවා පටවන්න බැහැ..

    කෙටි සටහන : @Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,463
    113
    දෙහිවල
    තව සුපිටි ත්‍රෙඩ් එකක් සහෝදරයා, ස්තුතියි :love2: (y)
    තුති 🙏🙏

    Thanks brother සවිස්තරාත්මක ලිපියට. Container Grades ගැන හොඳ අවබෝදයක් ලැබුනා 😍
    💚👍
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙ එක එකාගෙ කහල තේ අපේ සුපිරි සමාගමෙ පෙට්ටි වල පටවන්නෙ නෑ. :oo:
    අපි පටවන්නෙ GA15DE, GA16DE, GSXR F01, GN NF41 කාන්ඩ වල ඇන්ජින් සහ කොටස් පමනයි



    Appreciate this broh :love:
    භාග්‍යා ගේ පෙට්ටියේ දාන්න දෙනවා කිව්වා... උබ නටාගනින්...

    @Walter White nice thread brother...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    සුපිරි නූලක් මචෝ... නියමයි..👍👍
    මෙ එක එකාගෙ කහල තේ අපේ සුපිරි සමාගමෙ පෙට්ටි වල පටවන්නෙ නෑ. :oo:
    අපි පටවන්නෙ GA15DE, GA16DE, GSXR F01, GN NF41 කාන්ඩ වල ඇන්ජින් සහ කොටස් පමනයි



    Appreciate this broh :love:
    අනිවා... අනිවා... මාත් කියන්න ආවෙ... මුංගෙ පුස්කාපු තේ මන්ඩි දැම්මට පස්සෙ ආයෙ අපේ බඩු පටවතැහැකියැ ඕවයෙ...
    භාග්‍යා ගේ පෙට්ටියේ දාන්න දෙනවා කිව්වා... උබ නටාගනින්...

    @Walter White nice thread brother...
    ඕනෙමනං අඩිය දිරපු as-ls ටැංකියක් තියෙනව... ඒක දෙන්නං...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    එපා ඒ ජාතියේ ගොඩක් තියෙනවා... අඩිය තියෙන එකක් නැද්ද?

    අඩිය තියෙන එකක් තියෙනව ඒකෙ වහලෙ හිල්...
    ඉටිරෙද්දක් ගහල වැඩේ කරගතහැකි...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අඩිය තියෙන එකක් තියෙනව ඒකෙ වහලෙ හිල්...
    ඉටිරෙද්දක් ගහල වැඩේ කරගතහැකි...
    බෑ... දන්නවනේ මොනාද ගෙන්නන්නේ කියලා... බඩු පුස් අල්ලනවා...