තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    https://lankacnews.com/%e0%b6%ad%e0...3%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9


    තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…

    October 8, 2021 at 12:00 pm | lanka C news
    තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…

    තේ වගාව සදහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට රජය තීරණය කර තිබේ.


    තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස රසායනික පොහොර භාවිතයට අවසර දීමට තීරණය වී ඇත.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.


    මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන්නේ කාබනික පොහොර ප්‍රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි.


    තේ වගාව සඳහා කාබනික පොහොර නොගැළපෙන බවත් කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවී වතුකරයේ ජනතාවගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් ඇති වන බවත් ඔහු සඳහන් කරයි.


    එමෙන්ම මෙම ගැටළුව වහාම විසඳුමක් ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමි වීමේ අවදානමක් ඇති බවද ඔහු සඳහන් කළේය.


    8,701 views
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    රිවස් නන්දෙ

    හොදට අද්‍යනය කරලා ගත්තු තීරණයක් කිව්වා නේද ?

    ඇයි දැන් වස හොදයිලුද??
     

    Similar threads