https://lankacnews.com/%e0%b6%ad%e0...3%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9
තේ වගාව සදහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට රජය තීරණය කර තිබේ.
තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස රසායනික පොහොර භාවිතයට අවසර දීමට තීරණය වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන්නේ කාබනික පොහොර ප්රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි.
තේ වගාව සඳහා කාබනික පොහොර නොගැළපෙන බවත් කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවී වතුකරයේ ජනතාවගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් ඇති වන බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම මෙම ගැටළුව වහාම විසඳුමක් ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමි වීමේ අවදානමක් ඇති බවද ඔහු සඳහන් කළේය.
8,701 views
තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…
October 8, 2021 at 12:00 pm | lanka C news