සංසාර සාගරේ නෙක දුක් විදින ලෝ දනා....මුදවන්න සාමිනේ ඉසිමින් ශ්රී දහම් අමා....?අද (27) ඇසල පුන් පොහෝ දිනය...?දෙවිනුවර දේවාල භූමිය ට ඇතුලුවන ප්රධාන දොරටුව අසල අහින්සක මිනිස්සු කීප දෙනෙක් මල් වික්කා...තොගේ අම්මට තොපිට කවුද මේතන මල් විකුණන්න අවසර දුන්නේ අරගෙන පලයවු හු*** ගේ පුතාල.....?දේවාල යේ කැබ් එකෙන් ආපු මිනිහෙක් ..කුලප්පු වෙච්චි ගොනෙක් වගේ...අර මිනිස්සු ගේ මල් බාජන පොලොවේ ගැහුවා ....බුදු මහත්තයො එපා කියලා වැලපෙද්දි මල් බිමදාල පාගලා දැම්මා ...ඒ මිනිස්සු ඒවා එකතු කර ගන්න හැදුවත්..ඒකට ඉඩ දුන්නෙත් නෑ...බැතිමතුන් විමතියෙන් බලා හිටියා .....?අහින්සක මිනිස්සුන්ට එහෙම සැලකුවත්...මැගී නූල්ඩස්,ජාතික ලොතරැයි මණ්ඩලය ...වගේ ආයතන දේවාල භූමිය ඇතුලෙ ජයටම බිස්නස්...! ඒ අස්සේ...මොහිදීන් බේග් යකඩ කටින්...මෙහෙම කියනවා..සංසාර සාගරේ නෙකදුක් විදින ලෝ දනා මුදවන්න සාමිනේ ඉසිමින් ශ්රී දහම් අමා....?
උපුටා ගැනීම | දයා නෙත්තසිංහ


