තොටලග_තොර‍ණ හැදුන හැටි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    තොටලග_තොර‍ණ හැදුන හැටි

    රුපියල් 7500 ක වියදමින් ඉදිවුන ලංකාවේ පළවෙනි තොරණ තොට ලග තොර‍ණ හැදුන හැටි


    ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුණු පොහොය යෙදෙන අප්‍රේල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤෝ මහතායි. එම තොරණ සඳහා එදා ඒ මහතා රුපියල් 7500 ක්‌ වැයකර තිබිණි. එදා තොරණින් ප්‍රදර්ශනය කෙරුණේ මහා භද්‍ර කල්ප ජාතක කතා පුවත

    එවකට තොරණේ චිත්‍ර ශිල්පියා හට විල්බට්‌ සිංඤෝ මහතා රුපියල් 2500 ක්‌ ලබාදී තිබේ. මෙම තොරණ ගැන වැඩිදුර තොරතුරු කියන්නට තොරණේ නිර්මාතෘ විල්බට්‌ සිංඤෝමහතාගේ පුතා වන එම්. ඒ. අනුර පෙරේරා මහතා අපි ඊයේ (27 වැනිදා) හමු වුණෙමු.

    මුල් කාලයේ තාත්තා මේ තොරණට මුදල් වැය කළේ තමන්ගේ පෞද්ගලික මුදල්. එදා තාත්තට හොඳට මුදල් තිබුණා. ඉතිං තාත්තා බය නැතිව තොරණ සඳහා වියහියදම් කළා. අද තාත්තා ජීවතුන් අතර නැති වුණත් මේ තොරණ ප්‍රදර්ශනය කරන හැම වෙලාවෙම අපිට තාත්තාගේ සුවඳ දැනෙනවා. තාත්තා වගේම මෑණියන් වන රානි විමලා පෙරේරා මහත්මියවත් නැසීගිය සහෝදර පිරිසගේ ගුණ සිහිපත් කරමින් තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරන්නේ.

    එදා මෙදාතුර මේ තොරණ 63 වතාවක්‌ මහනජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා.මුල්ම තොරණ තුළින් මහා භද්‍රකල්පය ජාතක කතා වස්‌තුව ප්‍රදර්ශනය කෙරුණා. එදා තොරණේ උස අඩි අසූපහකි. විදුලි බුබුළු 35,000 කින් තොරණ ආලෝකවත් කෙරුණා. එදා මේ තොරණේ විදුලි ආලෝක ශිල්පියා වුණේ ආරියදාස මහත්මයා.

    එදා මෙදා තුර මේ තොරණ බලන්න ලංකාවේ හතර දිග් භාගයෙන්ම ජනතාව ඇදි එනවා. මට හරි සතුටුයි. තාත්තාගේත් අම්මාගේත් සහෝදර පිරිසගේත් එදා මේ තොරතුරු වෙනුවෙන් මහත් සේ කැපවූ අද ජීවතුන් අතර නැති පිරිස්‌වලට ගුණ සිහිකරමින් අදටත් මේ තොරණ ප්‍රදර්ශනය කිරීම ගැන මා තුළ තියෙන්නේ කිව නොහැකි තරම් සතුටක්‌.

    දැන් මේ වෙසක්‌ පෝය දවසේ 29 වැනිදා ඉඳන් ප්‍රදර්ශනය කරන තොටළඟ තොරණේ උස අඩි 60කි. පළල අඩි 60 කි. විදුලි බුබුළු 35,000 කට අධික ප්‍රමාණයකින් තොරණ ආලෝකවත් වෙනවා. තොටළඟ තොරණ බලන්න මේ සැරෙත් විශාල ජනකායක්‌ ඇදි එයි කියලා හිතනවා.


    thorana1.jpg


    thoraama13431.jpg


    18403743_1908109369462317_5347183469111851919_n.jpg



    source
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඕක අවුරුදු 9ක් 10ක් බලල තියෙනවා
    අපේ තාත්තලා එහෙමත් තොටළඟ තොරණ බලල තියෙනවා