බුලත් දුංකල,
කෙල පාර,
පඩික්කම.
2024.04.05
හිතවත් ලොව්ටස් මහතා වෙත,
දැන් ඕක හොයන එක ලේසි වෙන්නෙ නැහැ මිස්ටර් ලොව්ටස්. ඔයාට හිතෙන් කෙනෙක්ව සැකයි. ඔයා හිතන්නෙ මේ එයාමයි කියලා. ඒත් නිතරම එහෙම නෑ. ඒ ඔබගේ මිතුරු වේශයෙන් සිටිනා සතුරෙක් විය හැකිය. නැතහොත් කිසි දිනෙක ඔබ දැමූ ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් වත් නොදැමූ මේකෙ එහෙම කෙනෙක් ඉන්නවාදැයි වත් නොදන්නා චරිතයක් විය හැකිය. සමහර විට ඔබගේ ත්‍රෙඩ් ඉතා යහපත් ලෙස බම්ප් කරමින් සිටින අහිංසක චරිතයක් විය හැකිය.. ඔබ දැන් වැඩේ කාගෙන අවසානය. හිතේ සැකය නොව මොලයෙන් ගේමක් ගැසීම වැදගත්ය. මන්දයත් ඔබ දැන් ත්‍රෙඩ් එක දමා ඉවරය. ඔබට තිබුනේ අදාල කෙනාගේ මාළු අදාල කෙනාගේම ඇගේ තබා කැපීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට කෙනා කවුදැයි පැහැදිලිව හදුනාගෙන මෙවැනි ත්‍රෙඩ් එකක් දමා දෙවනුව අදාල කෙනාගේ ප්‍රතිචාරය මැන ඉන් අනතුරුව ඉදිරි පියවර කරා යොමු වීමය.. දැන් ඔබගේ සතුරා නිසැකවම වෙස් මුහුණ මාරු කරනු ඇත. වෙන කෙනෙක්ව ඔබේ සිතතුල මවා මාරු වනු ඇත..
මෙය කටට ආවට කියපු දෙයක් මිස මා මෙහි අගක් මුලක් නොදන්නා බව කාරුණිකව සලකන්න..
ස්තූතියි.
මෙයට,
විස්වාසී,
ගෙසී මෙනවිය