තොණ්ඩා-බැසිල් ගැටුමක්
තොණ්ඩා - බැසිල් ගැටුමක්
දේශීය 2010 ජනවාරි 06 වෙනි බදාදා, 09:22
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඇමැති ආරුමුගහ් තොණ්ඩාමාන් මහතා ඊයේ (05) ගැටුමක් ඇති කර ගත් බව අරලිගහ මන්දිර ආරංචි මාර්ග පවසයි. මෙම ගැටුමට හේතුව ලෙස දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමඟ සිදු කළ යුතු සාකච්ඡාවක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමයි.
නුවරඑළිය, ළිඳුල ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නිවාස යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඇමැති ආරුමුගම් තොණ්ඩාමාන් මහතා අවස්ථාවක් ඉල්ලා ඇත. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ "මේ බැසිල් ඉන්නේ එයත් එක්ක සාකච්ඡා කරන්න" යනුවෙනි. මේ අවස්ථාවේදී තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ "සර් එක්කම සාකච්ඡා කරන්න පුළුවන් නම් තමයි හොඳ" යනුවෙනි.
මේ අවස්ථාවේදී තදින් කෝපයට පත් ජනාධිපතිවරයා තොණ්ඩමාන් ඇමැතිවරයාට බැන වැදී බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා ඇත. පසුව තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, මෙම සාකච්ඡාව අතර තුරදී සුපුරුදු පරිදි බැසිල් රාජපක්ෂ මහතා සිය ආධිපත්‍ය යොදවමින් ටෙන්ඩරය අනුමත කිරීමේ කොමිස් මුදල ඉල්ලා ඇත. මේ අවස්ථාවේදී තොණ්ඩමාන් මහතා එයට තදබල ලෙස විරෝධය දක්වා ඇති අතර, පසුම මෙම විවාදය ගැටුමකට ආසන්න මට්ටමට පත්ව ඇත.
මෙහිදී තදබල ලෙස කෝපයට පත්ව සිටි ආරුමුගම් තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතාට හා ජනාධිපතිවරයාට බැන වදිමින් අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇත. තොණ්ඩාමාන් මහතා කෝපයෙන් පිටත් වූ බව දැනගත් ජනාධිපතිවරයා ඉන් පසු දිගින් දිගටම සිය ජංගම දුරකතනයෙන් තොණ්ඩමාන් මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා ඇති අතර, තොණ්ඩමාන් මහතා මේ වන තුරුත් ජනාධිපතිවරයාගේ ඇමතුමට පිළිතුරු ලබා දී නොමැති බව වාර්තා වේ.