තොප්පිය එපා
එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.
ගල්වලින් කොහෙද අඩුවක්
‘මාස්ටර් මේ දවස්වල ගඩොල් හොඳටම හිඟයිනෙ. අනික ගිනි ගණන්. ඉතින් කොහොමද මෙච්චර ඉක්මනට ගේ හැදුවේ.’ සංගීතඥ නවරත්න ගෙන් තනුවක් හදා ගැන්මට ගිය පේ‍්‍රමරත්න ඇසුවේ අලුත් නිවෙස දෙස ආශාවෙන් බලමිනි.
‘නෑ... නෑ... මට ඒක කොහොමටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම නිතරම සංගීත ප්‍රසංගවල මියුසික් කරනවනෙ. ඒවයෙදි පේ්රක්ෂකයෝ ඕන තරම් ගල් එවනවා.’ නවරත්න කීවේ සර්පිනාව වයමිනි.
යහපත් ක්‍රියාව
තමන් හට ඉටුකර දිය හැකි කිසියම් කාර්යයක් වේ දැයි විමසමින් තම නිවෙසට පැමිණි බාලදක්ෂයා දෙස බැලු මනෝ ඔහු දෙස විමසුම් බැල්මක් හෙළමින් මෙසේ ඇසීය.
‘මොකද්ද අද දවසෙදි ඔය ළමයා ඉටුකළ යහපත් ක්‍රියාව?’
‘මමයි අපේ කණ්ඩායමේ තවත් හතර දෙනෙකුයි එකතු වෙලා ඇවිද ගන්ඩ අමාරු වයසක ගෑනු කෙනෙක්ව පාරේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු කළා...’ බාලදක්ෂයා කීවේය.
‘ඒක නං බොහොම හොඳ වැඩක්. ඒත් ඒකට පස් දෙනෙකුම ඕනැ වුණා ද?’ මනෝ විමසුවේ තරමක විමතියකිනි.
‘නැතුව... ඒ ගෑනු කෙනාට ඕනැ කරලා තිබුණෙ නැහැනෙ පාර මාරු වෙන්ඩ.’ බාලදක්ෂයා පිළිතුරු දුන්නේය.

source : silumina
Last edited: