පිස්සන් කොටුවට භාර දෙනවා
සැමියා - “යම් දවසක මම තව ගෑනු කෙනෙක් ආස්සරේ කරනවාය කියලා ඔයා දැන ගත්තොත් මොකද කරන්නේ?”
බිරිඳ – “මම කොහොම හරි ඒ ගෑනු කෙනාව හොයා ගන්නවා.”
සැමියා - “ඊට පස්සේ?”
බිරිඳ – “ඒ ගෑනි පැනලා ආව පිස්සන් කොටුවට ආපහු ගෙනිහිං බාර දෙනවා.”
ඔයාට වඩා උසයි
සැමියා - “වස්තුවේ මං මැරුණොත් ඔයා ආපහු කසාද බඳිනවද?”
බිරිඳ – “ඔයා දන්නවනේ මං තනියෙන් ඉන්න බය විත්තිය. ඉතිං ආපහු බඳින්නම වෙනවා.”
සැමියා - “එතකොට මගේ කාරෙක එළවන්නත් අලුත් මහත්තයට දෙනව ද?”
බිරිඳ – “ඔව් ඉතිං නොදී බැහැනේ.”
සැමියා - “එතකොට මගේ හාන්සි පුටුව ඒකේ වාඩි වෙන්නත් දෙනවාද?”
බිරිඳ – “ඔව්! එයා කැමැති නම් වාඩි වෙයි.”
සැමියා - “මගේ රත්තරං අත් ඔරලෝසුවත් එයාට දෙනවද?”
බිරිඳ – “ඔව් ඒකත් දෙන්න වෙනවා.”
සැමියා - “එහෙනං මගේ ඇඳුම්? ඒවත් එයාට අඳින්න දෙනවාද?”
බිරිඳ – “නෑ... එයා ඔයාට වඩා උසයි.”
සැටලයිට්
සිල්වියා - “අනේ ඩෝක්ටර් අපේ මහත්තයා ළඟදි ඉඳන් කියනවා, එයා නොදන්න දෙයක් නෑ. හරියට සැටලයිට් ඇන්ටෙනාවක් වගෙයි කියලා.”
මනෝ වෛද්‍ය - “ආ මං ඒක සනීප කරලා දෙන්නං.”
සිල්වියා - “අනේ එපා ඩොක්ටර්.”
මනෝ වෛද්‍ය - “එහෙනං මොනවද කරන්න කියන්නේ.”
සිල්වියා - “ඒ සැටලයිට් ඇන්ටෙනාව හින්දි ෆිල්ම්වලට ටියුන් කරලා දෙන්න.”
නෑකම කාගෙද?
අලුත විවාහ වූ යුවළක් ගම්බද ප්‍රදේශයක් ඔස්සේ ගමනක් යමින් සිටියහ. දෙදෙනා අතර හට ගත් මත ගැටුමක් නිසා එකිනෙකා සමඟ කතා නො කර සැතපුම් ගණනාවක් රිය ධාවනය කරමින් සිටි සැමියා හදිසියේ ම දුටුවේ පාර හරහා මාරුවෙන ඌරු රංචුවකි. ”අර පාර පනින්නේ ඔයාලගේ නෑදෑයෝ කට්ටියක් නේද?” යැයි සැමියා බිරිඳ ගෙන් ඇසීය.
”ඔව්... නේ මම කසාද බැන්දේ ඒ පවුලෙන් කෙනෙක් නේ” යි බිරිඳ ගණනකට නො ගෙන කීවාය.
දුව තව හොඳය
දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී දුමින්දට තම දියණිය ගේ මොන්ටිසෝරි ගුරුතුමිය අහම්බෙන් මුණ ගැසුණේ ය.
ඔහු මදක් නැවතී ඇය හා කථාබහ කළේය.
”කොහොමද ටීචර් අපේ දුව. හොඳට වැඩ කරනවද? දඟ කරන්නෙ හෙම නැද්ද?”
”එයා වැඩට දක්‍ෂයි. එච්චරම දඟත් නැහැ. හැබැයි තොරතෝංචියක් නැතුව කියවනවා. ඒ තරම් කථා කරන කවුරුවත් මම මගෙ ජීවිතේටම දැකලා නෑ.” ගුරුවරිය කියන්නට වූවාය.
එය ඇසූ දුමින්ද සිනාසී මෙසේ කීවේය.
”එහෙම නං ටීචර්ට තවම අපේ දුවගෙ අම්මව හම්බුවෙලා නැහැ.”
මහත්තයගෙ වැඩ
”කවුද චාන්දනී ඔයගොල්ලන්ගෙ ගෙදර මේ ජනෙල් වීදුරුව කැඩුවේ?” විජේසිංහ නෝනා ඇසුවේ චාන්දනීලාගේ් නිවස ඉදිරිපස ජනේලයක වීදුරුවක් බිඳී ගොස් ඇති බව දැකීමෙනි.
”අපේ මහත්තයගෙ වැඩක් චාන්දනී කීවේ නෝක්කාඩුවට මෙනි.
”ඒ ඇයි? මොනව කරන්න ගිහිල්ලද?” විජේසිංහ නෝනා යළිත් විමසුවේ පුදුමයෙනි.
”මං එයාට කොස්සෙන් දමලා ගහනකොට ඒ මනුස්සයා එක පාරටම පහත් වුණානෙ.” චාන්දනි පිළිතුරු දුන්නේ ගේ ඇතුළට රවා බලමිනි.
කොයි ලෙඩේ ද?
රෝගියා තම වාරය පැමිණි විට වෛද්‍යවරයා සමීපයේ වූ පුටුවේ වාඩි වී මෙසේ කියන්නට විය.
”අනේ දොස්තර මහත්තයෝ, මට දැන් ටික දවසක ඉඳලා මහා අරුම පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ. මේ කියන දේ මේ මතක නෑ. මේක මට මහා වධයක්. මගේ වැඩ කටයුතු හැම දෙයක්ම දැන් අවුල් වෙලා. අනේ මහත්තයට බුදු බව අත්වෙයි මොකක් හරි ප්‍රතිකාරයක් කරල මේ ලෙඩෙන් මාව නිදහස් කරලා දෙන්ඩ.”
ඔහුගේ යාදින්න සාවධානව අසා සිටි වෛද්‍යවරයා රෝගියා ගෙන් මෙසේ ඇසීය.
”දැන් කොච්චර කල් වෙනවද ඔය ලෙඩේ හැදිලා?”
”කොයි ලෙඩේ ද?” රෝගියා පෙරළා විමසීය.
පස්සෙ ගමු
සමාගමේ කළමනාකරු තම කාර්යාලයේ රැඳී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි. ඔහුගේ ලේකම්වරිය ද ඒ අසලම රැඳී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.
දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන් නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය මඳකට රිසීවරයෙන් මෑත් වී කළමනාකරු අමතා මෙසේ කීවාය.
”සර්... මෙන්න සර්ගෙ පොඩි දුව කියනවා තාත්තිට ෆෝන් එකෙන් කිස් එකක් දෙන්න ඕනැලු”
”මට මෙතනින් නැගිටින්න විධියක් නෑනෙ ඩල්සි. ඒක ඔයා ඉල්ල ගන්න. මට පස්සේ ඒක ඔයාගෙන් ගන්න බරියැ.” කළමනාකරු කීවේ තම කාරියේ නිරත වෙමින්මය.

reps iwarai