තොපිට සහ අපිට වෙන දේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කුසල් මෙන්ඩිස් හා accident

    1. මීට ටික කාලෙකට කලින් ලංකාවේ ඉන්නා විශේෂඥ වෛද්‍යවරයකු අතින් රිය අනතුරකින් පුද්ගලයයෙකු මරනයට පත් විය. ඇය බීමතින් සිටි බවට අනාවරණය වුනු අතර ඇය අදන් සිටි යට ඈදුම, පුද්ගලික ජීවිතය, ඇය මත්පැන් ගන්නා ස්තානයේ දර්ශන ආදී පුද්ගලික කරැනුද ජඩ මාදය හා බුකි වීරයන් අතරින් ශෙයා වී ඉතා නින්දිත ආකාරයේන් ඇයගේ වෞර්තීය ජීවිතයේ පවා වැරදි ඇති බව මවා පෑමට නැති දේ මවා පෙන්වුවේය.
    ලංකාවේ ඉන්නා අන්තසර්ග ග්‍රන්ත පිලිබදව විශේෂඥ වෛද්‍යවරුන් කිහපදෙනාගෙන් කෙනෙක් වෙන අතර ඇය දිගු කාලයක් රක්ශිත බන්දනාගාර කර සිටියහ.

    2. මේ අතර මහනුවර සිටි එක් ඇමති පුතෙක් ඩිෆෙන්ඩර් රතයකින් කල අනතුර මතකද? ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන කිසිදු ජඩ මාදය හෝ බුකි වීරයන් කතා නොකල අතර ඉතා ඉක්මනින් ඇප ලැබී නිදහස් වුනි
    3. එක්තරා නලුවෙක් හා දේශපාලනයට සම්බන්ධ පුද්ගයලයෙකු අතින් බීමතින් රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය විට මාදය හා බුකි වීරයින් ඔහුගේ යට ඇදුම, පුද්ගලික ජීවිතය තලු මැරැවේ නැත. ඉතා ඉක්මනින නිදහස් වී රූපවහිනී වැඩසටහන් මෙහෙය වමින් සිටී
    4. ලගදී ඩිෆෙන්ඩර් රතයකින් මහනුවර ප්‍රභූ දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකු අතින් පොලිස් නිලදාරියෙකු මිය ගිය විට ඔහුගේ ගෙදරට රිංගා cctv බැලුවේ නැත. බුකියේ ඒ සම්බන්ධ වැටෙන පෝස්ට් අයින් කිරීමට විශේයෙන් ඒ හා සම්බන්ධ පුද්ගලයුන් කණ්ඩායම් වශයෙන් එකතු වූ බව නොරහසකි

    5. කිරිකැට් ක්‍රීඩා කරන්න පුලුවන් කියනා පුද්ගලයෙකු අතින් රිය අන්තුරක් වී පුද්ගලයෙකු මිය ගිය විය යට ඇදුම් බලන්න කවුරැත් ගියේ නැත. බීමතින් සිටි බවට වන පරීක්ෂන ප්‍රතිපල ඒමට දවස්ක් ප්‍රමාද විය. එක් දවසකින් ඇප සහිතව නිදහස් වූ අතර වන්දි ගෙවීමද සිදු විය.

    මේ සිද්දි සියල්ල එකම pattern එකට සිදු වුවද ඉන් පසු සිදු වූ දේවල් එක එක් පුද්ගලයාට වෙනස් වුනේ ඇයි.
    වෛද්‍යවරියට සැලකූ අන්දමට අනිත් පුද්ගලයින්ට ජඩ මාද්‍ය් හා බුකි ඔස්තාර්ලා පුද්ගලික ජීවිතය අල්ලා මඩ ගැහුවේ නැත්තේ ඇයි. යට ඇදුම් වල පාට සෙව්වේ නැත්තේ ඇයි? අනුන්ගේ කුනු සොයා තලු මර මර සෙයා කලේ නැත්තේ ඇයි?සියල්ලටම එකම නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
    සැබෑ ප්‍රශ්නය එයයි. නියම කුහකයන් අදුනාගැනීමට හැකි වන්නේ එතැනිනුයි. වෛද්‍යවරිය අදාල පෝස්ට් ශෙයා කර එහි අවසන් ප්‍රතිපල කලින්ම කියවූ ඔබ අනිත් සංසිද්ධි ශෙයා නොකරේ නම් ඒ මොන හේතුවක් නිසද යන්න හිතා බලන්න. වල්කමද, වහල්කමද, වෙන මොකක්ද? ඔබ ඉන්නේ කුමන අන්තයේද කියා ඔබම සිතා බලන්න.

    ඔබටත් මටත් දෙයක් සිදු වූ විට මුහුන දෙන්නේ අංක 1 සිදුවීම මිස අන් කවරක් නොවන බව සිහි තබා ගන්නේ නම් මැනවි🙏🙏
    Copied📢
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව මොනාද පකෝ කොල්ලෙක් හප්පල පැනල ගිහින් වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාල ශේප් වෙන්ඩ හදපු උනුත් උන්නෙ තොපේ පාන්ඩුව කාලෙ, ඒවට හුරේ දැන්ම තොපි, ක්‍රිරිකට් ගහන එකා වරද පිලිගත්තට පස්සෙත් බුරනව...අනේ පකෝ තොපිත්.....
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දොස්තර කෙනෙක් phd කාරයෙක් වගේ උගත්කමින් ඉහළ මිනිස්සු එක්ක ගොඩක් උන් ඇරියස් බං ඒක තමයි ඇත්ත කතාව.
    පොලිස්කාරයො කැම්පස් ළමයි එක්ක ඇරියස්. අපේ ළග ගෙදරක අයිය කෙනෙක් කැම්පස් තේරුණා. අල්ලපු ගෙදර පොලිස් කාරයා නැති වැරැද්දකට අරූව ජිප් එකෙන් ඇවිත් කුදලන් ගියා කියපන්කො.

    ඉගන ගන්න එකට මාර ම කැපිලි එන්නෙ බං. ගුරුවරයෙක් විතරයි තමන්ගෙ නොවෙන ළමයෙකුගෙ ඉගෙනීම දැකල යහපත බොක්කෙන් ම පතව මිනිස්සු මම දැකල තියෙන්නෙ

    එහා ගෙදර ලමයා විභාගෙ පාස් උණාම හීනියට දළු දාගෙන එන කුහක වේස ගතියෙ ලොකුම ස්ටේජ් එක තමයි ඕක.
    රටම සමාජය ම එකතු වෙලා ගහන්නෙ උගත් මිනිහෙක්ට පොඩ්ඩ වැරදුණත්. පොදුවේ සමාජයක තත්වය තමයි පේන්නෙ.
    අනික මාධ්‍ය කාරයො කියන්නෙ මොක්කු ද බං. ඩිග්‍රි තියේද බහුතරයට?
    බහුතරය එල්ලෙන්න වැල් නැතුව ගොසිප් හොයහොය දගලන උන්.

    සත්‍ය දැන ගන්න තියෙන අයිතිය යි අනිත් මිනිහගේ පෞද්ගලිකත්වයයි අතර සීමාව නොතේරෙන ළදරු ලාමක මෝඩ හැත්තක් අපේ රටේ මාධ්‍ය තුල රජ යන්නෙ.

    ඇත්තට ම අන්තරාසර්ග වෛද්‍යවරු කීප දෙනාද ඉන්නෙ? වෙන්න බෑනෙ.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kuhaka lapayage light kanuwe vijitha samajawadaya danawadaya wenakam beela beela light kanuwak peralala tappyak kadala (rajya depala ) winasa karala hamuta call ekak deela gedara giye naduth na . e rata wadak karanna dena permit eken gattu cab eka. :D :yes: ;) :D

    Eelagata ara lal kanthaya beeela beela ganiyek yata karan giye . ko oya ekek wath hire giyada?

    Ai me kuhaka jvp deshapaluwo neethiyen berenne ? unta hariyata neethiya tibba nam hamuta call karala gedara yanna bari wenna ada kusal tath e neethiyama kriyathma karanna tibba

    parlimentarian ta dena permit wahanen beeela beeela rajya depala kadala hamuta call karala gedara yanna puluwan rataka mona neethida :D:yes:;):D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉගෙනගත්ත අය එහෙම කලාම බනිනවා බං මිනිස්සු... අනික ඒ ඇන්ටිපාර සුපිරි... ක්ලබ් ගිහින් නේද ඇවිත් තියෙන්නේ.. පොඩි කුණු රහකුත් තියනවනේ... සියලු පන්තිවලට හොද චාන්ස්1ක් ඉතින්... මමත් තේ පාරක් ගැහුවා වගේ මතකයි ඕකිගේ එෆ්බී එකෙ ගිහින්...
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉගෙනගත්ත අය එහෙම කලාම බනිනවා බං මිනිස්සු... අනික ඒ ඇන්ටිපාර සුපිරි... ක්ලබ් ගිහින් නේද ඇවිත් තියෙන්නේ.. පොඩි කුණු රහකුත් තියනවනේ... සියලු පන්තිවලට හොද චාන්ස්1ක් ඉතින්... මමත් තේ පාරක් ගැහුවා වගේ මතකයි ඕකිගේ එෆ්බී එකෙ ගිහින්...
    :baffled::baffled:
     
    • Like
    Reactions: D_Mad

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නීතියක් නැති රටක් කියල තෙරෙනවානම් බැරියැ

    මෙ රටෙ තියන ලොකුම අවුල ඔක තමා
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිල් පාට අකුරු දාන්න එපා ඩාක් තීම් එකේ අකුරු පේන්නේ නෑ
    කටුස්සොන්ට වර්ණ අන්ධතාවය තියනවද.. මෘගේ අකුරු කහයි න්‍රිල් නෑ...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඒ ගෑණී කොහෙද බන් රිමාන්ඩ් එකේ හිටියේ . කලුබෝවිලා ඩොකා බොරු වාර්තාවක් දුන්නා ගෑනී බිලා නෑ කියලා,. ඔය ගෑණී හෑමදාම හිටියේ ඉස්පිරිතාලේ. රිමාන්ඩ් වෙනවා තියා කේස් එක සෙට්ල් වෙනලම් උසාවි ආවෙත් නෑ. ආපු දවසේ ආවේ රෝද පුටුවක කොලර් එකක් එහෙමදාගෙන. ඔන්න උගත් එවුන්ගේ හෑටි. කුණු වෙන්න ගහලා එලවලා මිනිහෙක් මලාට පස්සේ එක දවසක් රිමාන්ඩ් වුනේ නෑ. ඒ මදිවට බීලා නෑ කියලා වාර්තාවකුත් දුන්න අනිත් හොරා. එතකොට ඉතින් බොන වීඩියෝ එලියට එනවා තමා
     
    අන්න ඕක නම් ඇත්ත... උගත් කමේ හැටියට හරියන්නම හොර වැඩත් කලා.ඔය ගෑණි කට්ටි පැන පැන ඉදියා... දැන්වත් අල්ලලා හිරේ දාන්න ඕන අල්ලල බලු ගෑණි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අන්න ඕක නම් ඇත්ත... උගත් කමේ හැටියට හරියන්නම හොර වැඩත් කලා.ඔය ගෑණි කට්ටි පැන පැන ඉදියා... දැන්වත් අල්ලලා හිරේ දාන්න ඕන අල්ලල බලු ගෑණි..
    ඕක ලියපු එකා කවුද කියලා හොයා ගන්න ඕනේ. ඒ ගෑනී රිමාන්ඩ් හිට්යා කියලා තනි පචයක් කෙලලා. ඔක්කොම හරි ඕකි බීලා නෑ කියලා වාර්තා දීපු හොර ඩොකා. උන් ඒවා කර කර නිකන් බබා පාට් දානවා අනිත් එවුන්ට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඇප දෙන්න පුලුවන් හැමෝටම ඇප දෙන්න ඕනි ඒකයි නීතිය.ඇප නොදීම සදහා අවස්තා කිහිපයක් තියනවා ඒවා ඇරුනම අනිත් ඒවට ඇප දෙනවා.පොලීසිය මත තමයි ඉතිං අද හවසම දානවද හෙට දානවද සදුදට උසාවි දානවද,වාර්තාවෙ මොනවද ලියන්නේ,ඇප දීමට විරුද්ධ වෙනවද කියන එක තීරණය වෙන්නේ.පොලීසිය කොහොමත් දූශිතයිනෙ...මාධ්‍යටයි මිනිස්සුන්ටයි ඕනි කුනු රසය ඒක නිසා ඒකම දෙනවා...ඇත්තටම අර ඩොකා දේසපාලුවා පොලිස්කාරයා කරන එක වගේම මාධ්‍යවේදියත් තමන්ගේ බලය අයතා විදිහට භාවිතා කරනවා......සමාජයට ආදර්ශයක් දෙන්න ඕනි තැන් කුනු වුනාට පස්සේ සමාජයම කුනු වෙනවා...
     
    • Like
    Reactions: malakadss and D_Mad

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    කුසල් මෙන්ඩිස් හා accident

    1. මීට ටික කාලෙකට කලින් ලංකාවේ ඉන්නා විශේෂඥ වෛද්‍යවරයකු අතින් රිය අනතුරකින් පුද්ගලයයෙකු මරනයට පත් විය. ඇය බීමතින් සිටි බවට අනාවරණය වුනු අතර ඇය අදන් සිටි යට ඈදුම, පුද්ගලික ජීවිතය, ඇය මත්පැන් ගන්නා ස්තානයේ දර්ශන ආදී පුද්ගලික කරැනුද ජඩ මාදය හා බුකි වීරයන් අතරින් ශෙයා වී ඉතා නින්දිත ආකාරයේන් ඇයගේ වෞර්තීය ජීවිතයේ පවා වැරදි ඇති බව මවා පෑමට නැති දේ මවා පෙන්වුවේය.
    ලංකාවේ ඉන්නා අන්තසර්ග ග්‍රන්ත පිලිබදව විශේෂඥ වෛද්‍යවරුන් කිහපදෙනාගෙන් කෙනෙක් වෙන අතර ඇය දිගු කාලයක් රක්ශිත බන්දනාගාර කර සිටියහ.

    2. මේ අතර මහනුවර සිටි එක් ඇමති පුතෙක් ඩිෆෙන්ඩර් රතයකින් කල අනතුර මතකද? ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන කිසිදු ජඩ මාදය හෝ බුකි වීරයන් කතා නොකල අතර ඉතා ඉක්මනින් ඇප ලැබී නිදහස් වුනි
    3. එක්තරා නලුවෙක් හා දේශපාලනයට සම්බන්ධ පුද්ගයලයෙකු අතින් බීමතින් රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය විට මාදය හා බුකි වීරයින් ඔහුගේ යට ඇදුම, පුද්ගලික ජීවිතය තලු මැරැවේ නැත. ඉතා ඉක්මනින නිදහස් වී රූපවහිනී වැඩසටහන් මෙහෙය වමින් සිටී
    4. ලගදී ඩිෆෙන්ඩර් රතයකින් මහනුවර ප්‍රභූ දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකු අතින් පොලිස් නිලදාරියෙකු මිය ගිය විට ඔහුගේ ගෙදරට රිංගා cctv බැලුවේ නැත. බුකියේ ඒ සම්බන්ධ වැටෙන පෝස්ට් අයින් කිරීමට විශේයෙන් ඒ හා සම්බන්ධ පුද්ගලයුන් කණ්ඩායම් වශයෙන් එකතු වූ බව නොරහසකි

    5. කිරිකැට් ක්‍රීඩා කරන්න පුලුවන් කියනා පුද්ගලයෙකු අතින් රිය අන්තුරක් වී පුද්ගලයෙකු මිය ගිය විය යට ඇදුම් බලන්න කවුරැත් ගියේ නැත. බීමතින් සිටි බවට වන පරීක්ෂන ප්‍රතිපල ඒමට දවස්ක් ප්‍රමාද විය. එක් දවසකින් ඇප සහිතව නිදහස් වූ අතර වන්දි ගෙවීමද සිදු විය.

    මේ සිද්දි සියල්ල එකම pattern එකට සිදු වුවද ඉන් පසු සිදු වූ දේවල් එක එක් පුද්ගලයාට වෙනස් වුනේ ඇයි.
    වෛද්‍යවරියට සැලකූ අන්දමට අනිත් පුද්ගලයින්ට ජඩ මාද්‍ය් හා බුකි ඔස්තාර්ලා පුද්ගලික ජීවිතය අල්ලා මඩ ගැහුවේ නැත්තේ ඇයි. යට ඇදුම් වල පාට සෙව්වේ නැත්තේ ඇයි? අනුන්ගේ කුනු සොයා තලු මර මර සෙයා කලේ නැත්තේ ඇයි?සියල්ලටම එකම නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
    සැබෑ ප්‍රශ්නය එයයි. නියම කුහකයන් අදුනාගැනීමට හැකි වන්නේ එතැනිනුයි. වෛද්‍යවරිය අදාල පෝස්ට් ශෙයා කර එහි අවසන් ප්‍රතිපල කලින්ම කියවූ ඔබ අනිත් සංසිද්ධි ශෙයා නොකරේ නම් ඒ මොන හේතුවක් නිසද යන්න හිතා බලන්න. වල්කමද, වහල්කමද, වෙන මොකක්ද? ඔබ ඉන්නේ කුමන අන්තයේද කියා ඔබම සිතා බලන්න.

    ඔබටත් මටත් දෙයක් සිදු වූ විට මුහුන දෙන්නේ අංක 1 සිදුවීම මිස අන් කවරක් නොවන බව සිහි තබා ගන්නේ නම් මැනවි🙏🙏
    Copied📢

    meka liyapu ekawa hoyela madu waligen thalanne one... Mu mokakde kiyanne hadanne? Mendis ta social media posts haduwe na kiyelada? 😅 Danna taramin docath yahathin innewa ...athuletewath giye na...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ලියපු එකා කවුද කියලා හොයා ගන්න ඕනේ. ඒ ගෑනී රිමාන්ඩ් හිට්යා කියලා තනි පචයක් කෙලලා. ඔක්කොම හරි ඕකි බීලා නෑ කියලා වාර්තා දීපු හොර ඩොකා. උන් ඒවා කර කර නිකන් බබා පාට් දානවා අනිත් එවුන්ට
    බලපන්කෝ ඒකෙත් හැටි අපේ උන්ට දෙයක් මතක හිටින්නෙ සති 2යි...ලියපු1 එකා ලස්සනට ලියල තියනවා... කුහක ඩොකෙක් තමා ලියල තියෙන්නේ ශුවර්.. මේ සම්පතුත් කොහෙන්හරි උස්සල දානව කුණු ගොඩක්..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඇප දෙන්න පුලුවන් හැමෝටම ඇප දෙන්න ඕනි ඒකයි නීතිය.ඇප නොදීම සදහා අවස්තා කිහිපයක් තියනවා ඒවා ඇරුනම අනිත් ඒවට ඇප දෙනවා.පොලීසිය මත තමයි ඉතිං අද හවසම දානවද හෙට දානවද සදුදට උසාවි දානවද,වාර්තාවෙ මොනවද ලියන්නේ,ඇප දීමට විරුද්ධ වෙනවද කියන එක තීරණය වෙන්නේ.පොලීසිය කොහොමත් දූශිතයිනෙ...මාධ්‍යටයි මිනිස්සුන්ටයි ඕනි කුනු රසය ඒක නිසා ඒකම දෙනවා...ඇත්තටම අර ඩොකා දේසපාලුවා පොලිස්කාරයා කරන එක වගේම මාධ්‍යවේදියත් තමන්ගේ බලය අයතා විදිහට භාවිතා කරනවා......සමාජයට ආදර්ශයක් දෙන්න ඕනි තැන් කුනු වුනාට පස්සේ සමාජයම කුනු වෙනවා...
    :yes: :yes: :yes:

    මගේ යාලුවෙක්ගේ තාත්තා එලවපු වාහනේට පිස්සු ගෑණු කෙනෙක් පෑනලා හෑප්පුනා. දෙමටගොඩ පොලිසිය කිට්ටුව. පොලිසියෙන් කිව්වා කරන්න දෙයක් නෑ වරද වෙන කෙනෙක්ගේ උනත් කූඩුවට දාන්න වෙනවා කියලා. උන් කිව්වා උසාවි දානවා, ගෑණු කෙනා මලොත් ඈප නෑ කියලා. උසාවියෙදි පොලිසියෙන් ඈප අරන් දුන්නා. දවස් දෙකකට පස්සේ අර කෙනා මලා. පස්සේ මෑරුන කෙනාගෙ පවුලේ අයට වන්දියක් දුන්නා. උසාවි ගියා හෙන කාලයක්. ඈත්තටම ඈප දෙන්න පුලුවන් තත්වෙකදි ඈප දෙන්න ඕනේ. බීලා එලවපු එවුන්ට නම් ඈප දෙන එක වෑරදි. ඒ වගේම බීපු එවුන්ට බිලා නෑ කියලා රිපෝට් දෙන එවුන් ඊටත් වඩා වෑරදි. කවදා හරි බීපු එකෙක් ඕකුන්ගේ ළමයෙක් යටකරපු දවසට තමා ඈත්ත තේරෙන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි
    කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් වන්නේද යනාදී වශයෙන් ඉතා කෝපාන්විත ප්‍රශ්න යොමු වන ආකාරය මම දුටුවෙමි. එබැවින් ඒ පිළිබදව සංක්ෂිප්ත සටහනක් තැබීම කාලෝචිත යැයි සිතමි.
    රිය අනතුරකදී අනතුර සිදුකරනු ලබන පුද්ගලයාට ආකාර 2කින් වගකීම ආරෝපණය වේ.
    1. අපරාධමය වගකීම
    එනම් රිය අනතුර සිදු කිරීමෙන් යම් පාර්ශවයකට සිදුකරනු ලබන ශාරීරික හානිය සම්බන්ධයෙන් පැවරෙන අපරාධ වගකීම වේ. මේ පිළිබදව සළකා බලන්නේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදීය. යම් රිය අනතුරක් වාර්තා වූ පසු එම රිය අනතුරට වගකිවයුතු පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරී. ඉන්පසු ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොණු කිරීම සිදුවේ. චූදිත තැනැත්තා අධිකරණය ඉදිරිපිට වරද පිළිගැනීම හෝ අධිකරණයේ නඩු විභාගයක් අවසානයේ වරදකරු වීමෙන් පසුව ඔහුට දඩුවම් නියම කිරීම සිදුවේ.
    2. සිවිල් වගකීම
    මෙය අදාළ රිය අනතුරෙන් හානියට පත් පාර්ශවයට වන්දි ලබාගැනීම සදහා හෝ වෙනයම් හානිපූර්ණයක් සදහා පැවරෙන වගකීමයි. මේ ආකාරයෙන් වන්දි ලබාගැනීම සදහා රිය අනතුරෙන් අගතියට පත්වූ අය හෝ ඒ අයගේ යැපෙන්නන් රියඅනතුරට වගකිවයුතු පුද්ගලයාට අදාළ වාහනයේ අයිතිකරුට සහ එම වාහනය රක්ෂණය කර තිබූ රක්ෂණ ආයතනයට එරෙහිව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරිය යුතු වේ.
    මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබාදිය හැකි උපරිම වන්දි මුදල
    රිය අනතුරක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකදී අදාළ අපරාධයෙන් අගතියට පත්වූ එනම් තුවාල ලැබූ පාර්ශවයට හෝ මරණයට පත් පාර්ශවයේ යැපෙන්නන්ට යම් වන්දි මුදලක් ගෙවන ලෙස චූදිතට නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකිය. මෙය මෑතක් වන තෙක්ම පැවතියේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිම සීමාවකට යටත්වය. එනම් අපරාධයක වින්දිතයෙකුට වන්දි මුදල් ගෙවන ලෙස නියම කිරීමට මහෙස්ත්‍රාවරයෙකුට හැකියාව තිබුණේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිමයක් දක්වා පමණි. නමුත් වර්ෂ 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මගින් මෙම තත්වයේ යම් වෙනසක් සිදුවිය.
    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත
    රිය අනතුරු සම්බන්ධයෙන් වන්දි වලට අදාළව ඉහත කී පනතේ 28 (1) වගන්තියේ දක්වා ඇති ප්‍රතිපාදන වැදගත් වේ:-

    28 (1) අධිකරණ සංවිධාන පනතෙහි සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි එරෙහිව කුමක් වුව ද, සෑම මහාධිකරණයක් සහ සෑම මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් ම වරදක් සම්බන්ධයෙන් ඒ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ යම් තැනැත්තකුට, එමවරදකරු කිරීමෙන් අනතුරුව ඒ තැනැත්තා වෙත පනවනු ලැබියහැකි යම් දණ්ඩනයකට අමතරව,
    (අ) (i) වන්දියක් ලෙස අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු වෙත ගෙවිය යුතු රුපියල් මිලියනයකට නොවැඩි මුදලක් හෝ
    (ii) ඒ වරද සඳහා ගෙවිය යුතු උපරිම දඩ මුදලින් සියයට විස්සකට නොවැඩි මුදල් ප්‍රමාණයක් හෝ
    (ආ) (අ) ඡේදයේ සඳහන් වන්දි මුදල සහ ගෙවිය යුතු උපරිම දඩ මුදල යන දෙකම,
    අධිකරණයට ගෙවීමට නියම කරනු ලැබිය හැකි ය.
    ඒ අනුව යම් පුද්ගලයෙකුට රිය අනතුරක් හෝ වෙනත් සිද්ධියක වින්දිතයෙකුට අපරාධ වගකීම යටතේ අයකරගත හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) වේ.
    ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්ද?
    මේ අනුව පුද්ගලයෙකුගේ ජීවිතයක අතක පයක වටිනාකම රුපියල් මිලියනයක් එනම් ලක්ෂ දහයක් පමණක්ද යනුවෙන් කෙනෙකුට ගැටලුවක් මතු විය හැකිය. අපරාධ අධිකරණයක් යනු අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා මිස පුද්ගලයන්ට වන්දි ප්‍රදානය කිරීම සදහා පිහිටවූ අධිකරණයක් නොවේ. වන්දි යනු සිවිල් නීතිය යටතට වැටෙන සංකල්පයකි. අපරාධ අධිකරණ වල ඉහත කී සීමාව තුල පවා ලක්ෂ දහයක් දක්වා වන්දි ලබාදීමට ප්‍රතිපාදන තිබීම සතුටු විය යුතු තත්වයකි. යම් වින්දිතයෙකුට අපරාධ අධිකරණයේදී ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවේ නම් ඒ සදහා ඇති විසදුම වන්දි ලබාගැනීම සදහා දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීමය. දිසා අධිකරණයේදී අදාළ අනතුර හෝ අපරාධය හේතුවෙන් සිදුවූ අලාභයේ ප්‍රමාණය තක්සේරු කොට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.
    නීතිඥවරුන් සදොස්ද?
    කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර මේ වන විට පවතින්නේ මහේස්ත්‍රාත් අධිකරණයේය. එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී රිය අනතුරෙන් මියගිය පාර්ශවයේ යැපෙන්නන්ට යම් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට තම සේවා දායකයා සූදානම් බව කුසල් මෙන්ඩිස්ගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත. මාධ්‍ය වාර්තා කළ ආකාරයට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ඉල්ලා ඇත.
    බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී ඇත්තේ මෙම ක්‍රියා කළාපයයි. එහිදී මරණයට පත් තැනැත්තාගේ දුගී දුප්පත් නිවසේ ඡායාරූප දක්වමින් "ඔහු දුප්පතෙකු වීම නිසා නීතිඥවරුන් එකතු වී ඔහුගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට තක්සේරු කර ඇත" යනුවෙන් වන ඉතාම සාවද්‍ය චිත්‍රයක් මැවෙමින් තිබෙන බව පෙනේ.
    එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. රිය අනතුරක් සම්බන්ධ නඩුවකදී සැකකරුගේ පාර්ශවය විසින් යම් වන්දියක් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් ඉල්ලා සිටීම යනු මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා ගතහැකි උපරිම වන්දි මුදල ඉල්ලා සිටීමකි. මරණයට පත්වූ තැනැත්තා දුගී දුප්පතෙකු වුවද කෝටිපතියෙකු වුවද මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබාගත හැකි උපරිම වන්දි මුදලේ වෙනසක් වන්නේ නැත. එය කුමන තත්වයක් යටතේ වුවද රුපියල් ලක්ෂ දහය ඉක්මවන්නේ නැත. ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් මියගිය තැනැත්තාගේ යැපෙන්නන්ට අවශ්‍ය නම් ඒ සදහා දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවරිය හැකිය.