වෙළෙදපොළේ භාණ්ඩ මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් ප්රකාශ කර සිටින අතර තරමක කුඩා ප්රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල ගණන්වල බව දැනගන්නට තිබෙනවා..
පසුගිය දිනවල රුපියල් 90ත් 100 අතර මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ සඳහන් කරනවා.
අර්තාපල් කිලෝවක මිලද රුපියල් 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා
.
කහ ග්රෑම් 100ක් රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ පෙන්වා දෙනවා.මේ අතර බිත්තරයක් රැපියල් 25 දක්වා ඉහළ ගොස් තිබේ..
පුවක් ගෙඩියක් රුපියල් 16ත් – 20ත් අතර මිලකට අලෙවි වන අතර බුලත් කොළයක මිල රුපියල් 3ක් දක්වා වැඩිවී තිබෙනවා.මේ හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් 30 අලෙවි වූ බුලත් විටක මිල රුපියල් 50 දක්වා වැඩිවී තිබෙනවා.