තොපිත් වැල බලනවද??

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
තොපිත් වැල බලනවද??

අපි හැමෝම හැගීම් දැනීම් සහ නැගීම් ඇති උන් විදියට වැල බලනවනේ :P:P ..උගුරට හොරා බෙහෙත් බොන්න බැහැනේ බන්.පහු ගිය ටිකේ පොලිසිය, ලැප්ටොප්, වැල වීඩියෝ වගේ මාතෘකා ටිකක් අපිට අහන්න ලැබුන.200% ක් ෂුවර් අපේ උන් දැන් බය වෙලා ඇත්තේ :lol::lol:..ඔන්න ඒකට හරියන්න වැල, අපි, පොලිසිය සහ නිතිය ගැන වටිනා ආර්ටිකල් එකක් හම්බ උනා.. වැදගත් වෙයි කියලා හිතුන නිසා උඹලටත් බලන්න දැම්ම ඔන්න..:D:D

"පසුගිය දිනවල කොටදෙනියාව ප්‍රදේශයේ සිදුවු සේයා සදෙව්මි දැරියගේ කුරිරු ඝාතනය රටම කැළඹු ඛේදවාචකයක් මෙන්ම පුවත් මැවු සිද්ධි දාමයකට මුල පිරිමක්ද වුනා. සැකපිට අත්අඩංගුවට ගන්නා ලද 17 හැවිරිදි පාසල් ශිෂ්‍යායා හට මුහුණ පැමට සිදුවුණ අනපේක්ෂිත අත්දැකිම් පෙලද රටේ බෝහෝ දෙනා අතර දැඩි අවදානයට ලක් වීමද ඉන් එක් සිදුවීමක්. මෙකී පාසල් ශිෂ්‍යායා සතුව පැවතුන ලැප්ටොප් පරිඝණකය තුල පැවති අසභ්‍ය දර්ශන රැගත් විඩියෝ පට පොලිසිය විසින් සොයා ගැනිමත් සමගම රට තුළ ඉමහත් අන්දෝලනයක් ඇති වූ බව නොරහසකි. අසභ්‍ය දර්ශන රැගත වීඩියෝ පට ආදිය මෙරට තුළ තහනම් කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ කිරීමටද ඇතැම් සිවිල් සංවිධාන පෙළඹී තිබුණේ ද මෙවැනි වීඩියෝ දර්ශන නැරඹීමට ඇබ්බැහි වීමෙන් තරුණ මනස විකෘති වීම වැළක්වාලීමේ අරමුණිනි.

කෙසේ වෙතත් මේ සමගම ඇතිවුණ අනෙකුත් කතිකාවත නම්, තමා සතුව අසභ්‍ය දර්ශන රැගත් වීඩීයෝ පට තිබුණ පමණින්ම තමා වරදකරුවෙකු බවට පත්වන්නේ ද යන්නයි. මේ සම්බන්ධව පවතින නීතිමය තත්වය පාඨක ඔබට පහදා දීමට මා සිතුයේ, එකි පාසල් ශිෂ්‍යයයා මුහුණ පෑ අනපේක්ෂිත සිදුවීම හේතුකොටගෙන ඇතිවුණ නෛතික සහ සමාජීය කතිකාවත තුලින් මෙවැනි නෛතික කරුණු පිළිබඳව ජනතාවගේ දැනුවත් විම කොතරම් වැදගත් දැයි පසක් වු හෙයිනි.

අසභ්‍ය ප්‍රකාශ ලඟ තබා ගැනීම පිළිබඳ මුලික නෛතික පදනම ලිඛිතව සැපයෙනුයේ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත මඟිනි. වර්ෂ 2005 දී සංශෝධනයට ලක්ව ඇති මෙම ආඥා පනත මඟින් අසභ්‍ය ප්‍රකාශන සඳහා වන නෛතික පසුබිම හා නෛතික තත්වය පිළිඹිබු කෙරේ.
මෙකී පනතෙහි 02 (02) (ආ ) වගන්තියට ප්‍රකාරව, යම්කිසි අසභ්‍ය දර්ශනයක් රැගත් ලියවිල්ලක් , පෝස්ටරයක් , චිත්‍රයක් , යනාදිය විකිණිම, කුලියට දිම, ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍යයන් තුලින් ප්‍රසිද්ධියට පත්කිරිම හෝ එවැනි ක්‍රියාවන්ට අනුබල දැක්විම රුපියල් 2,500කට වැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඩුවමක් හෝ මෙම දඬුවම් ද්විත්වයටම දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

කිසිදු පුද්ගලයෙකු සතුව අසභ්‍ය දර්ශන රැගත් ප්‍රකාශන තිබු පමණින්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. අසභ්‍ය වීඩීයෝ පටයක් හෝ එම දර්ශන රැගත් වෙබ් අඩවියක් නරඹමින් සිටියදි හසුවුවද එම වීඩීයෝ පට හෝ පරිගණකය පොලිස් භාරයට ගැනිමට ද කිසිදු හැකියාවක් නොමැත. නමුත් මෙවැනි අසභ්‍ය දර්ශන රැගත් වෙබ් අඩවි වලට එරෙහිව පියවර ගැනිමට අදාල බලධාරින් සතුව හැකියාවක් ඇත.
කෙසේ වෙතත්, ආඥා පනතෙහි සඳහන් කිසිදු ප්‍රකාශන වර්ගයක් ප්‍රසිද්ධියේ හුවමාරු කිරිමක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමක් යමෙකු විසින් සිදු කරයි නම් , එම පුද්ගලයා සාක්ෂි සහිතව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසිය සතුව පවති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දණ්ඩ නීති සංග්‍රහයට 1995 වර්ෂයේ අංක 22 දරන 286 (අ) වගන්තියද මේ පිළිබඳ වැඳගත්වේ. එම වගන්තිය ප්‍රකාරව අසභ්‍ය ලිංගික දර්ශන රැගත් ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍ය කුලියට ගෙන බෙදා හැරිම, එවැනි රැකියාවක නිරතවීම හෝ එවැන්නකට අනුබල දීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව පැහැදිලිව දක්වා සිටි. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙවැනි ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරිම හා සංස්කරණය විම වැලැක්වීම සඳහාද මෙම නිති උපයෝගි කරගත හැකිවේ.

කෙසේ නමුත්, මෙවැනි විඩීයෝපට හෝ ප්‍රකාශන ළඟ තබා ගැනීම හෝ තම පුද්ගලික පරිගණක යන්ත්‍ර තුල රඳවා තබාගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. තමා සතු අසභ්‍ය ප්‍රකාශන වෙනත් පුද්ගලයකු වෙත ලබා නොදෙන තෙක්, එවැනි කිසිවක් තමා සන්තකයේ තබා ගැනිම වරදක් නොවේ.

නඩු විභාගයකදි මෙවැනි දර්ශන හුවමාරු කරගැනිමක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල හැක. සාක්ෂි ආඥා පනතට සමගාමිව පවතින 1995 අංක 14 දරණ (විශේෂ ප්‍රතිපාදන සාක්ෂි පනතට අනුව මෙම සාක්ෂි නඩුවිභාගය අතරතුර ඉදිරිපත් කළ හැක.

වැඩිහිටි පුද්ගලයකු මෙම දර්ශන නැරඹිමට එරෙහිව ගතහැකි නිතිමය පියවර කිසිවක් නොමැති නමුත් වයස අවුරුදු 18ට අඩු දරුවෙකු මෙම දර්ශන නරඹා හසුවුවහොත් එම දරුවාගේ භාරකරුට එරෙහිව නිතිමය පියවර ගැනිමට, එනම් භාරකරුට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කිරිම සිදු කල හැක. දරුවෙකු මෙවැනි දර්ශන නැරඹිමට පෙළඹීම යනු වරදකි.
සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙරට තරුණ පරපුර හට මෙන්ම දරු පරපුරටද, සිදුවන අගතීන් බොහෝමයක් පැවතුනද වර්තමානයේ එම වෙබ් අඩවි තහනම් කළ නොහැක්කක් සේම මෙවැනි නිල් චිත්‍රපට ආදිය රැගත් වෙබ් අඩවිද (Pornography Sites) සම්බන්ධයෙන් තහනම් කිරිමද කළ නොහැක්කකි. තාර්කිකව ගත් කල එවැනි වෙබ් අඩවි තහනම් කිරිම හා වාරණය කිරිම කළ හැකි වුවද , ලොව ඉහළම අන්තර්ජාල ආරක්ෂණ පද්ධතීන්ගෙන් සමන්විත වන රටවල පවා මෙම වෙඩ් අඩවි නැරඹිමේ කූටක්‍රමවේද මේ වන විට නැතුවා නොවේ. තාක්ෂණය විසින් සිදු කරනා අකටයුතුකම් වලක්වාලීමට තාක්ෂණයේම පිහිට පැතිමට අපට සිදුව ඇත.

මේ පිළිබඳව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි නෛකික විද්වතුන් දරන මතය නම්, චීනය වැනි රටවල් විසින් ක්‍රියා මාර්ග ගෙන ඇති අකාරයට ශ්‍රී ලංකාවටද කටයුතු කළ හැකි බවයි. එනම් මෙවැනි වෙබ් අඩවි පෙරනයකට (Filtering) ලක් කළ යුතු බවයි. නමුත් මෙහිදි ඇතිවිය හැකි මුලික නෛතික ගැටඵවක් වනුයේ, එවැනි තීරණයකට එරෙහිව සිය භාෂණයේ සහ ප්‍රකාශනයේ මුලික අයිතිවාසිකම ඉල්ලා මහජනයාට අධිකරණයෙන් පිහිට පැතීමට පෙළඹෙනු ඇතැයිද යමෙකුට ප්‍රකාශ කළ හැකිය.

අවසාන වශයෙන් කිව හැකි වන්නේ, හුදෙක් තම වින්දනය උදෙසා පමණක් මෙවැනි වීඩීයෝ පට නරඹන වැඩිහිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත නොහැකි බවත්, ඔහු එම දර්ශන කිසිවක් වෙනත් කිසිදු පුද්ගලයෙකු සමඟ බෙදා නොගන්නාතාක් ඔහු නීතිය ඉදිරියේ වරදකරුවෙකු නොවන බවත්ය. නමුත් මෙවැනි දර්ශන නැරඹිමෙන් සිය මානසිකත්වයට, විශේෂයෙන්ම තරුණ මනසට ඇතිවිය හැකි බලපැම් මෙන්ම ඊට ඇබ්බැහි විමෙන් ඇතිවන මානසික ආබාධ සහ මානසික රෝගී තත්ව මෙන්ම, ඒවා නැරඹිමෙන් පසුව ඇතැමුන් විසින් කිරිමට පෙළඹෙන පිළිකුල් සහගත ක්‍රියා කාම අපරාධ හේතුවෙන්, පවතින නිති තත්වය යටතේ පවා මෙවැනි ගැටලු සම්බන්ධව තාර්කික කතිකාවතක් ගොඩනැගිමේ අවශ්‍යතාව දිනෙන් දින වැඩිවෙන තත්ත්වයක පවතින බවද අමතක කළ නොහැකි කරුණකි.."

- උපුටා ගැනීමක් -
 

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    වැල තියන් ඉන්න උන් අල්ලන්න ගත්තොත් ලෝක බැංකුවෙනුත් ණය අරගෙන අළුතින් හිර ගෙවල් හදන්න වෙනවා උන් දාන්න..මොකෝ කිව්වොත් කොම්පියුටර් තියන හැම එකා ගාවම ඕවා තියනවා නේ..:eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැල තියන් ඉන්න උන් අල්ලන්න ගත්තොත් ලෝක බැංකුවෙනුත් ණය අරගෙන අළුතින් හිර ගෙවල් හදන්න වෙනවා උන් දාන්න..මොකෝ කිව්වොත් කොම්පියුටර් තියන හැම එකා ගාවම ඕවා තියනවා නේ..:eek:


    ඒ උඹ හිතන් ඉන්න හැටි බන්. උඹ හිතන් ඉන්නේ අනිත් එවුන් ඔක්කොමත් උඹ වගේ වලත්තයෝ කියලා. මම ගාව නම් මොනවත් නෑ.

    (Dialog 4G connection එකක් නම් තියෙනවා. :P)
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඒ උඹ හිතන් ඉන්න හැටි බන්. උඹ හිතන් ඉන්නේ අනිත් එවුන් ඔක්කොමත් උඹ වගේ වලත්තයෝ කියලා. මම ගාව නම් මොනවත් නෑ.

    (Dialog 4G connection එකක් නම් තියෙනවා. :P)

    (Dialog 4G connection එකක් නම් තියෙනවා. :P)..එහෙනම් ටක් ගාලා බෆර් වෙනවා ඇති නෙහ්...:rolleyes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes:
    වැල තියන් ඉන්න උන් අල්ලන්න ගත්තොත් ලෝක බැංකුවෙනුත් ණය අරගෙන අළුතින් හිර ගෙවල් හදන්න වෙනවා උන් දාන්න..මොකෝ කිව්වොත් කොම්පියුටර් තියන හැම එකා ගාවම ඕවා තියනවා නේ..:eek:
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    ඒ උඹ හිතන් ඉන්න හැටි බන්. උඹ හිතන් ඉන්නේ අනිත් එවුන් ඔක්කොමත් උඹ වගේ වලත්තයෝ කියලා. මම ගාව නම් මොනවත් නෑ.

    (Dialog 4G connection එකක් නම් තියෙනවා. :P)

    මන් ගාවත් තියෙන්නේ ඒකක් ඕයි.. :lol::lol: වැල බලන්නෙම නෑ මයි.. ඒත් මාසෙට කලින් ඩේටත් ඉවරයි.. :no::no: ඇයි බන් ඒ... :P:P
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඒ උඹ හිතන් ඉන්න හැටි බන්. උඹ හිතන් ඉන්නේ අනිත් එවුන් ඔක්කොමත් උඹ වගේ වලත්තයෝ කියලා. මම ගාව නම් මොනවත් නෑ.

    (Dialog 4G connection එකක් නම් තියෙනවා. :P)


    :yes::yes::yes::yes: