සුදු රෙදි පොරවාගත්තු පාතාලයෝ අද සමාජයේ බහුලයි..
සුදු රෙදි ඇතුලේ පිස්තෝල එහෙමත් නැත්නම් තව එකෙකුට වින කටින සැලැසුම්...
පන්සල් එන්නේ කිසිම හැඟීමකින් නෙවෙයි...අවට ජනතාවට අපිත් පන්සල් යනවා කියල පෙන්නන්න..
සමහර විට ඔය කියන පිරිස් පන්සලෙන් පස්සේ කෙලින්ම සුදු රෙදිත් පිටින්ම යනවා ඇත්තේ පන්සිල් පද පහම මොහොතින් කඩා බිඳ දමන තැනකට වෙන්න පුලුවන්....
හිඟන්නා පිටතින් බැලුවම මොන තත්වයක සිටිනවාද යන්නට වඩා වැදගත් වන්නේ අපි යමක් නැති බැරි කෙනෙකුට දෙනවනම් අපේ සිත තුල ඒ මොහොතේ ජනිත වන දානමය පුණ්‍යකර්මයේ සිතුවිල්ල පමණයි..
සමහරු ඉන්නවා අත පය කැඩුන විදිහට තුවාල බැඳගෙන සුපුරුදු රැකියාවේ යෙදෙන මිනිස්සු .. ඒ තුලින් දවසේ අන්තිමට හිඟා කාපු සල්ලි එකතු කරලා මුදලාලියෙක්ගේ මඩිය තර කරන ව්‍යාපාරයක යෙදිලා ඉන්න හොරු......
තවත් සමහරු ඉන්නවා පිටතින් කිසිම ආබාධයක් නොපෙනුනාට ඇතුලතින් සැබෑවටම දුකට දරිද්‍රතාවයට ලක්වුණු පිරිස්..ඒ නිසා පිටතින් බලලා නැති බැරි කෙනෙක් ගැන කිසිදිනක හරි නිගමනයකට එන්න බෑ..
කල යුත්තේ අපිට පුලූවන් උපකාරය සැදැහැ සිතින් පිදීමයි..
ඉතා අගනා නිර්මානයක්..ඇත්ත ඇති සැටියෙන්..
නංගිට ජය...