HIGHER NATIONAL DIPLOMA INFORMATION TECHNOLOGY (HNDIT)
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
Apply now
තොරතුරු තාක්ශන අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබිමට බලාපොරොත්තු වන්නෙකුට උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ඉතාමත් විශේෂ වේ. ඒ මන්ද යත් නූතන ලොකයේ නව පෙරලියත් සමග IT ක්ෂෙත්රය පෙරමුණේ සිටින බැවිනි. සෑම කාර්යයකටම නූතනයේ computer systems යොදා ගැනීමත් බොහෝ දේ online ආකාරයට සිදු වෙන නිසාත් මෙම ක්ෂේත්රය නැතුවම බැරි තරම්ය. ඒ නිසාම බොහෝ දෙනා මෙම ක්ෂෙත්රයට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් දැක ගත හැකිය. ඒ වගේම ගොඩක් දියුණු වෙන්න, ඉදිරියට යන්න මේ IT ක්ෂේත්රය නිසා හැකියාවක් ඇත.
ඉතින් අපේ පාඨමාලාව ගැන කතා කරොත් මෙම පාඨමාලාව අවුරුදු 2ක පාඨමාලාවක්. වැදගත්ම දේ නම් මෙවැනි වටිනා පාඨමාලාවක් නොමිලේම අප ආයතනය හරහා අධ්‍යනය කිරීමට හැකි වීමයි. අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට ලකුණු කිහිපයක් අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.
මෙම පාඨමාලාවට අයදුම් කිරීමට අවම සුදුසුකම් *ඕනෑම අංශයකින් උසස් පෙළ හදාරා තිබීම හා උසස් පෙලට S - 3ක සුදුසුකමක් හා තෝරාගැනීමේ පරීක්ෂයෙන් සමත් වීම මෙම පාඨමාලාව සඳහා ඇතුලත් වීමේ සුදුසුමක් වේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි හා ගණිතය විශය සමත් වී තිබීම
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි හා ගණිතය විශය සමත් වී තිබීම
පාඨමාලා කාලය - වසර 2 කි. මාස 06 ක වැඩබිම් පුහුණුවක්ද සමඟ.
Source - https://www.facebook.com/hndunity

