තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය සියයට සියයක්
තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය සියයට සියයක් ම වර්ධනය වෙලා
පසුගිය වසර 4 තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායේ සියයට සියයක වර්ධනයක් සිදු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රොෂාන් දේවපුර මහතා පැවසී ය. පසුගිය ජුනි 25 වන දින කොළඹ සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ රෙෂාන් දේවපුර මහතා "වසර 2006 දී 31120ක් වූ මෙරට සෘජු තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයින් ගේ සංඛ්‍යාව මේ වන විට 62000ක් දක්වා වැඩි වී තිබෙනවා. වසර 2010 දී මේ ශ්‍රමිකයන් ගේ ගණන 50000 ඉක්මවා ගියා.
ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය පිළිබඳ මේ සමීක්ෂණය රාජ්‍ය ආයතන 30ක්, පෞද්ගලික ආයතන 325ක්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තයේ යෙදී සිටින ආයතන 36ක් සහ තොරතුරු තාක්ෂණ පුහුණු කරන ආයතන 75ක් ආශ්‍රිතවයි සිදු කෙළ්. මේ සමීක්ෂණයෙන් ව්‍යාපාර බාහිරකරණ අංශයේ රැකියා සඳහා කාන්තා පාර්ශ්වයේ නියෝජනය ඉහළ යමින් තිබෙන බැව් අනාවරණය වුණා. එහි වර්ධන ප්‍රතිශතය සියයට 43ක්. වසර 2010 දී මෙරටට තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් 4473ක් බිහි වී තිබෙනවා. මෙයින් උපාධිධාරීන් 3970ක් රැකියාවල නිරත ව සිටීම විශේෂත්වයක්.
වසර 2009 තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන් ගේ ගණන 42821ක්. එය 2010 දී 50159ක් වුණා. මේ සංඛ්‍යාව අනුව තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන් ගේ වර්ධන වේගය සියයට 17ක්. වෘත්තීයමය වශයෙන් විග්රහ කරන විට මෘදුකාංග ඉංජිනේරු සහ සැලසුම්කරණයට තරුණ පිරිස් විශාල සංඛ්‍යාවක් යොමු වී ඇති බවත් පේනවා. මේ වෘත්තියට යොමු වූ තරුණ පිරිස 11013ක්. තාක්ෂණ සහකාර වෘත්තියට 7487ක්, පද්ධති සහ ජාල පරිපාලන වෘත්තියට 4508ක් තරුණ පිරිසක් යොමු වී සිටිනවා" යනුවෙන් පැවසී ය.