ථෙරවාද_හා_මහායාන බුදුදහම
ස්වාමීන් වහන්ස, ථෙරවාදී හා මහායාන වශයෙන් නිකායන් දෙකක් බිහිවීමට මූලික වශයෙන් හේතු වූයේ කුමක්ද?
බුදුදහම බිහි වූ සමාජයේම පැවති බමුණු ආගමට විරුද්ධ ප්රවණතා බොහෝ තිබුණා. ඒ සියල්ල ශ්‍රමණ සම්ප්රදාය ලෙස සැලකෙනවා. එම සම්ප්රදායේ එක් ප්‍රවණතාවක් නම් දැඩි විනයවාදී උග්‍ර තාපසවාදී සමාජයෙන් වියෝ වූ පිරිස හා නාගරිකව විසූ ලෞකිකවාදී පිරිසයි. මෙම ප්රවණතා සම්බුද්ධ ශාසනය තුළත් මතුවුණා.
බුදුන් දවසම දෙව්දත් හිමියටතේ දැඩි තාපසවාදි පිරිසක් මතු වුණා. සදාකාලික වනවාසීවීම අමුසොහොනෙහි දැමූ අපිරිසුදු වස්ත්‍රම දැරීම වැනි යෝජනා මේ අතර පැවතියා. මේ තුළින් බිහිවන්නේ දැඩි ව‍්‍රතධාරී, දැඩි සිල්වත්, සමාජයෙන් වියෝ වූ ආතතික අධ්‍යාත්ම වාදයයි.
වැසිකිළි බඳුනෙහි වතුර ඉතිරි කිරීම මුල් කරගෙන පැවැති බුද්ධ කාලීන සංඝ සමාජයේ ඇති වූ ගැටුම (ධර්මධර, විනය ධර) පෙන්වන්නේ දැඩිබව හා ලිහිල් බව අතර ප්රවණතාවයි. බුදුන් පිරිනිවීමෙන් පසු, මුල්ම බෙදීම වූයේ ද ඛුද්දානු ඛුද්දක ශික්ෂා ප්රශ්නයයි. සුභද්‍රගේ අභද්‍ර වචනයෙන් ප්‍රකාශ වන දේට හේතු වීමට වඩා වෙනත් දාර්ශනික පසුබිමක් ද පැවතියා. හුදකලාව සිය අධ්‍යාත්මය නිවා ගැනීම හා පොදු සමාජ ගැටලු සමඟ සමාජයීය ආධ්‍යාත්මික යන ප්රවණතා දෙක පැවතියා. පැරැණි දේ එලෙසින් ම පවත්වා ගැනීම හා නව සමාජ ප්රවණතා සමඟ වෙනස් වීමට ප්රයත්න දැරීම අතර ඇති වූ සංවාදය ද ථෙරවාද මහායාන බෙදීමට හේතු වුණා.
ථෙරවාදය හා මහායානය අතර දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් මොනවාද?
ථෙරවාදය යනු වැඩිහිටි වාදයයි. එය වාච්‍යාර්ථයයි. එහෙත් මහායාන සම්ප්රදාය යන වචනය අර්ථ නිරූපණය කරන විට මහායානය යනු බුදුවීමට එකම පරමාර්ථ කරගත් සම්ප්රදායයි. ථෙරවාදය යනු රහත්වීම නිර්වාණයට පත්වීම අරමුණු කරගත්තක්. මහා යානිකයින් ථෙරවාදයට කියන්නේ හීනයානිකයින් ලෙසින්. ඒ නිසා ප්‍රධාන බෙදීම බුදුවීමට අරමුණු කරගත් මහායානික හා රහත්වීම වැඩි වශයෙන් අවධාරණය කළ කොටස ථෙරවාදය ලෙස දැකිය හැකි වුණා.
මූලික දාර්ශනික වෙනස ලෙස පෙනෙන්නේ පරමාර්ථ ධර්ම අවශ්‍ය බව හා, ;ලීකය අනිත්‍ය බව පිළිබඳව ය. මුල් ත්‍රිපිටකය දාර්ශනිකව ගතහොත් මහායානික දාර්ශනික කල්පනාවට අදාළ බීජයන්ද පසුව විසුද්ධි මාර්ගය හා අභිධර්මය මඟින් කියවෙන පරමාර්ථ ධර්ම විග්රහයට අදාළ බීජයන් ද ත්‍රිපිටක ධර්මයෙහි පවතිනවා. මුල් ත්‍රිපිටකයට වඩා විසුද්ධි මාර්ගය හා අභිධර්මය මඟින් ථෙරවාද මහායන දාර්ශනික වෙනස කැපී පෙනෙනවා යන්නයි.
මහායානිකයින් ථෙරවාදීන් හීනයානිකයින් ලෙස සුළුකොට දැක්වීමටත්, ඔවුහු බුදු බව මිස පසේ බුදු බව හෝ රහත් බව ප්‍රාර්ථනා නොකිරීමටත් හේතුව කුමක්ද?
මහායානිකයින් දාර්ශනික ලෙස ඉතා දැඩිව තම බුදුබවම පැතීමේ ආකල්පය ඉතා ශක්තිමත්ව පවසනවා. ථෙරවාදීන් මෙම සංකල්ප දෙකම ගන්නවා. එනම් බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීමද එක්කොට තියෙනවා. වරින්වර ථෙරවාදී සම්ප්‍රදායෙන් මහායාන බෝධිසත්ව සංකල්පය පෙරටවිත් තියෙනවා. ජාතක කතා පොත වඩාත් ප්රබලව මතුවීම මීට එක් නිදසුනක්.
මහායානිකයින්ට අවශ්‍ය කළේ පුද්ගල විමුක්තිය සහමුලින්ම පිටුදැක සකලවිධ සත්ත්වයන් ගේ විමුක්තිය ප්‍රාර්ථනා කිරීමයි. ඒ මඟින් අපේක්ෂා කළේ තමන්ගේ තෘෂ්ණාව නැමැති සසර පුරා ගමන් කරන ආවේගය සකලවිධ සත්ත්වයන්ගේ යහපත වෙනුවෙන් යොමු කිරීමයි. දුකට පත් ජනතාවගේ යහපත වෙනුවෙන් තමාගේ ශක්තිය යොමුකිරීමයි. මමත්වය නමැති ආවේගය සියලු දෙනාගේ යහපත උදෙසා පාරමිතාවක් බවට පත් කිරීමයි. හුදෙකලා පුද්ගල විමුක්තිය මේ අනුව ඔවුන් විසින් හැම අතින්ම හෙළා දැක්කා.
ඒ අනුව තමාගේ ශීලය ලෝකයට ආදර්ශයක් සඳහායි. තමා සුසිල්වත් වූවද ලෝකයා දුසිල්වත් නම් තමාගේ සීලය සම්පූර්ණ වන්නේ නෑ. ලෝකය කාම බහුල නම්, අවිද්‍යාවෙන් පිරී ඇත්නම් තමාගේ විමුක්තිය ආත්මාර්ථකාමී නම් තමාගේ විමුක්තිය සම්පූර්ණ වන්නේ නෑ. ලෝක සත්වයා, සසර දුක් විඳිද්දී තමා පමණක් එතෙර වීම මමත්වයෙන් යුක්තයි. ඒ නිසා මමත්වය නැසීම සඳහා තමාගේ ශක්තිය ලෝක සත්වයා ගේ යහපත සඳහා යොමු කිරීමයි කළ යුත්තේ. ඒ නිසා රහත් භාවය සහමුලින්ම ඔවුන් පිටු දැක්කා.
මේ ආකාරයට නිකායන් දෙකක් බිහිවීම නිසා සම්බුද්ධ ශාසනයට සිදු වූ යහපත් හා අයහපත් ප්‍රතිඵල මොනවාද?
බුදුදහම තුළ චින්තන නිදහසට හිමිවූයේ අසීමිත තැනක්. අපේ සම්ප්රදාය තුළම සුත්ත, ගෙය්ය, අත්තනෝමති යනුවෙන් ධර්ම දැකීමේ ක්‍රම තියෙනවා. එහිදී තම අදහසට නිදහස තියෙනවා. ඒ නිසා මූලික ධර්ම කරුණු විග්රහ කිරීමේ චින්තන නිදහසට තිබූ ඉඩකඩ නිසාම මෙවැනි දාර්ශනික ගුරුකුල බිහිවුණා. එය හැමඅතින්ම බුදුදහමේ යහපත සඳහා හේතුවුණා. කාලීනව ඇතිවන වෙනස්කම් සමඟ නවීකරණය වී ප්‍රායෝගික වීමට ඒ නිසා ඉඩකඩ සැලසුණා. එමෙන්ම අතිවිශාල මහා ගසක් ලෙස වැඩුණා. ඇතමෙක් මූලික සූත්‍ර පමණක් ප්‍රමාණ කරගත්තා. එම අයට සුත්රාතනික යන නම යෙදුනා. සියල්ල ආගමික ග්‍රන්ථයේ ඇත යන ආකල්පය ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එන ඉගැන්වීමකි. මෙය සත්‍ය දිව්‍ය අනාවරණයක්. එයට හැර වෙන යමක් සිතිය නොහැකියි. පිළිගත නොහැකියි. නමුත් බුදුදහම මෙසේ වන්නේ නෑ. ඒ තුළ පැවැති චින්තන නිදහස නිසා මූලික ධර්ම සංකල්ප ඉතා සියුම් පරිකල්පනයක් ඔස්සේ විකාශනය වුණා. මෙතරම් දාර්ශනික ප්රබෝධයක් වෙන කිසි ආගමක නෑ.
මෙය ගුරුකුල කිහිපයක් ලෙස ගැඹුරු සංවාදයක් ඔස්සේ ඉදිරියට ගියා. ගැටුම් සීමිත වුණා. සහජීවනය හා යහපැවැත්ම බොහෝ විට පැවතුණා. නමුත් අන්‍යආගම් තුළ වූයේම ආතතික නිම නොවන යුද ගැටුම්.
ක්‍රි.ව. 5 වන සියවස වන විට පාහියන් නම් චීන භික්ෂුව ලංකාවට වැඩම කළා. එවිට මහායාන දහමට වැඩි නැඹුරුවක් සහිත අභයගිරිය විශාලම සංඝාරාමය බවට පත්ව තිබුණා. ජය සිරිමහා බෝධීන් වහන්සේ ගේ අයිතිය මහාවිහාරය සතුවන විට දළදා වහන්සේ ගේ අයිතිය අභයගිරිය සතුවුණා. ඉතිහාසයේ මේ ආයතන දෙක ප්‍රධාන වශයෙන් එකිනෙකා පෝෂණය කළ බව පෙන්වා ථෙරවාදී සම්ප්රදාය තුළින් ලියවුන බුත්සරණ, අමාවතුර, සද්ධර්ම පුණඩරික සූත්‍රය භක්තිවාද නැඹුරුව මනාව උකහාගෙන තියෙනවා. ජාතක පාලිය ජාතක අටුවාව ලෙස සංවර්ධනය වුණා. ඒ අනුව ආගම අප රටේ ථෙරවාදී සම්ප්රදාය තුළ බොහෝ මහායාන ලක්ෂණ උකහාගෙන තිබෙන බැව් පේනවා.
බුද්ධිමය සංවාදයත් දාර්ශනික ප්‍රබෝධයත් පවතින තැනක නරක දේට පහර වැදී හොඳ දේ ඉදිරියට එනවා. ඒ නිසා ථෙරවාද, මහායාන බෙදීම සම්බුද්ධ ධර්මය ව්‍යාප්ත වීමට හානිකර වුණේ නෑ.
ථෙරවාද හා මහායාන බුදුදහම
(ශාස්ත්‍රවේදී අතුරලියේ රතන හිමි සමග කල සාකච්ඡාවකින් සකස් කෙරුණකි)