ථේර ගාථා: රාජදත්ත තෙරුන්ගේ ගාථා

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ථේර ගාථා: රාජදත්ත තෙරුන්ගේ ගාථා

    රාජදත්ත තෙරුන්ගේ ගාථා

    "මම භික්ෂුවක්. ඉතින් එදා මං අමු සොහොනට ගියා. සොහොනේ අත්හැර දමා තිබුණේ ස්ත්‍රියකගේ මළ සිරුරක්. ඒ මළ කුණ පුරා පණුවක් පිරී ඉතිරී තිබුණා. පණුවන් එය කා දමමින් තිබුණා.

    මේ වගේ පාපී වූ මළ කුණක් දකින කොට සාමාන්‍යයෙන් ඇති වන්නේ පිළිකුලක්. එහෙත් මට වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මට රාගය ඇතිවුණා. අසූචි වැගිරෙන ඒ මළ කුණ දිහා මං බලාගෙන සිටියේ අන්ධයෙක් වගේ.

    බතක් ඉදෙන කාලයටත් අඩු වෙලාවකට මං එතනින් ඉවත් වුණා. ඉතා හොඳින් සිහියත් නුවණත් පිහිටුවා
    ගෙන පැත්තකින් වාඩිවුණා.

    ඒ නිසා ම මා තුළ යෝනිසෝ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීමෙහි සිත පිහිටියා.

    එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා."

    මෙය වනාහී ආයුෂ්මත් රාජදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
    උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්‍රන්ථ රත්නයෙන්...

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    770
    113
    I, a monk, gone to the charnel ground, saw a woman cast away, discarded there in the cemetery.

    Though some were disgusted, seeing her — dead, evil — lust appeared, as if I were blind to the oozings.

    In less time than it takes for rice to cook, I got out of that place. Mindful, alert, I sat down to one side. Then apt attention arose in me, the drawbacks appeared, disenchantment stood at an even keel:

    With that, my heart was released. See the Dhamma's true rightness! The three knowledges have been attained; the Awakened One's bidding, done.