දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවාසනාවන්ත දරුණු

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වැට කැඩී කාරය අඩි 50ක් ඇදී යයි

    ඩයලොග් සමාගමේ මාතර ප්‍රාදේශීය කලමණාකරු අරෝෂ කුරේ(26) අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

    ගාල්ල සිට කොළඹට යමින් සිටියදී 21.5 කිලෝමීටර් කණුව (දොඩම්ගොඩ) අසලදී අද අලුයම 1.30 පමණ ඔහු පදවාගෙන ආ රිය පාරෙන් ඉවතට පැණ කාණුවක් දිගේ අඩි 50ක් ඇදී ගොස් කලුගලට වැටී ඇතැයි පොලීසිය කියයි.

    අනතුරකින් අධිවේගී මාර්ගයේ සිදුවූ ප්‍රථම මරණය මෙයයි
    :(:(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට නම් ඕකට මුකුත් කියන්න දෙයක් නෑ, මිනිස්සුන්ගෙ මෝඩකම තමයි.පාරක වේගයක් නියම කරල තියෙන්නෙ ඒ පාරෙ තත්වයන් හැමදේම බලලයි.ගොන්නු වගේ ආතල් ගන්න ස්පීඩ් වැඩි කරල යද්දී ඔහොම වෙනවා තමයි. අනිත් එක සීට් බෙල්ට් දාලත් නෑ. හොඳ වෙලාවට වෙනත් වාහන ඒ හරියෙ තිබිල නැත්තෙ. නැත්නම් ඒ මිනිස්සුත් අමාරුවෙ වැටෙනව එක මිනිහෙක් කරන මෝඩ වැඩක් නිසා.හැබැයි හොඳ පාඩම් මේව..මට ඇහිල තියෙනවා අපි 120 ට ගියා 140 ට ගියා 180 ට ගියා කිය කියා ලොකු කම කියවන මිනිස්සු. අන්න එයාලට හොඳයි
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif