දක්ෂ චිම්පන්සි 'අයුමු'

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    දක්ෂ චිම්පන්සි 'අයුමු'



    සතුන්ගේ හැකියාවන් හරිම පුදුමාකාරයි. මේ ඒ වගේ අපූරු සතෙක් ගැනයි. විස්මිත හපන්කම් පාන බුද්ධිමත් චිම්පන්සියෙක්. නම අයුමු. වයස අවුරුදු 11යි. මෙයා එන්නේ ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයෙන්.

    ගණන්වලට අති දක්ෂකම් පාන මේ අයුමුට තත්පරයෙන් ඉතා කුඩා අංශුවක කාලයක්, ඒ කියන්නේ අපි ඇහිපිල්ලමක් ගහන තරම් ඉතා සුළු කාලයක් තුළ ඉලක්කම් ගණනක් මතක තබා ගන්න පුළුවන්. ඒ වගේ පරිගණක මතකය මනින වැඩසටහනකදී මිනිසා පරදවන්න කරම් එයා දක්ෂයි.

    5.JPG

    බීබීසී ආයතනයෙන් විකාශය වූ ‘ස්මාට් ඇනිමල්ස්’ නම් විශේෂ වැඩසටහනක දී අයුමු දස්කම් පෑවා. ඒ වැඩසටහන ඉදිරිපත් කළ වාර්තාකාරිය වූ ලිස් බොනින් කීවේ, ලෝකයේ ඉන්නා ඉතා බුද්ධිමත් චිම්පන්සින් අතර අයුමුට ඉහළම තැන හිමි වෙන බවයි.

    4.JPG

    ජපානයේ තෝකියෝ විශ්ව විද්‍යාලයෙහි වසර 30ත් තිස්සේ චිම්පන්සීන්ගේ බුද්ධිය ගැන පර්යේෂණ පවත්වන විශේෂ ‘ඒඅයි’ ව්‍යාපෘතියකට අයුමු මේ දවස්වල සම්බන්ධ වෙලයි ඉන්නෙ. අයුමු මේ ව්‍යාපෘතියට එක්වෙලා කළ දස්කම් අතර මතක තබා ගැනීමේ වේගයෙන් විශ්ව විද්‍යාල සිසුන් පවා පරාද කරලා තියෙනවා.


    http://www.malkakulu.com/2014/09/blog-post_25.html
     
    Last edited by a moderator: