You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දක්‍ෂතාවයේ~රහස
දක්‍ෂතාවයේ රහස
වීරකෝන් ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.
’යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක් නෙ බං. ඒකට අපේ ගෑනි! මහා සෝමාරි මළ හෝන්තුවක්. මේ වගෙ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ. ඈ බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්‍ෂ විදියට කරන්නෙ?’
’ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එච්චරයි.’ වීරකෝන් සිනාසෙමින් කීවේය.


අවුට් කිරීම
අවුට් කිරීම
ක්‍රිකට් වසන්ත සමයේ එක් ඉරිදාවක චමිලලා සහ රොෂාන් ලා දෙපිලකට බෙදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. මුලින්ම පන්දුවට පහර දීමට පැමිණියේ චමිලය. රොෂාන්ට පන්දු එවීම භාර විය.
රොෂාන් එවූ පළමු වේගවත් පන්දුව හමුවේ චමිල වහා පහත් විය. නොඑසේ නම් එය ඔහුගේ හිසේ තදින් ගැටීමට ඉඩ තිබිණ. දෙවන පන්දුව චමිලගේ උරහිසේ නොගැටී පියඹා ගියේ යන්තමිනි. තුන්වන වේගවත් පන්දුවෙන් චමිල බේරුණේ ඉවතට පැනීමෙනි.
’ඒයි රොෂාන්, උඹ හදන්නෙ මාව මුළු ලෝකෙන් ම අවුට් කරන්නද?’ චමිල කෝපයෙන් ඇසීය.


මතක නැතිදේ
මතක නැතිදේ
’මට නිතරම ජාති තුනක් අමතක වෙනවා?’
ජයසිංහ දාබරේට කීවේ බාර් එකේ දී ය.
’මොනවද ඒ ජාති තුන?’ දාබරේ ඇසුවේ තම වීදුරුවට සෝඩා වත්කර ගනිමිනි.
’මට මුහුණු මතක නැති වෙනවා. එතකොට, නම් මතක නැති වෙනවා.’ ජයසිංහ කීවේය.
’මොකද්ද අනික් ජාතිය?’ දාබරේ ඇසීය.
’මට ඒක මතක නැහැ.’ ජයසිංහ කීවේය.


පිච්චුවේ මොනවද?
පිච්චුවේ මොනවද?
විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය. එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ.
’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය.
තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය.
’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’
’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය.
බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
නැත්නම් හරි නෑ නේ

එල
++ජයවෙවා