දකින​ හීනවල ඵලාපල​

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    දකින​ හීනවල ඵලාපල​

    මම හිතනවා හැමෝම හීන දැකලා ඇති. හීනවලින් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියන ඒවා පේනවා කියලා සමහරු කියනවා. හැබැයි ඒක 100%ක්ම පිළිගන්න අමාරුයි. අපි ජීවිතේට දැකපු නැති ස්ථාන​, පුද්ගලයෝ, සිදුවීම් අපිට සිහිනෙන් පේන අවස්ථා තියනවා. එතකොට ඒවගේ දේවල් යටි සිතේ තිබුන දේවල් කියලා කියන්න බැහැ. අනිත් වැදගත් කාරණය තමයි මෙලෙස දකින් සිහින බොහෝ විට අනාගතයේ දවස්ක සැබැ වෙනවා. සැබෑ වීමට ගතවන කාලය ගැන විවිධ මත තියනවා. සාමාන්‍යයෙන් මාස 3ක්වත් යාමට කලින් ගොඩක් සිහින හැබහින් අත්දකින්න බොහෝ අයට වාසනාව උදාවෙනවා. සිහින ගැන පුරානයෙත් විවිධ ඵලාපල කථනයන් සිදුකර තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ පිළිසිදගැනීම​, කොස්ල් රජ සිහින වැනි දේවල් මීට කදිම උදාහරනවේ. වර්ථමානයේත් සිහින ගැන විවිධ පරීක්‍ෂන සිදු කෙරෙමින් පවතිනවා. සමහර මිනිසුන්ට වර්ණ සිහින් නොපෙනීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඔබට යම් කිසි භයානක අනතුරක් සිදුවීමට ඇති විට එය සිහිනයක් මගින් පෙනීමේ ඉහළ සම් භාවිතාවක් ඇති බව මේ පිළිබද පරීක්‍ෂණ සිදුකළ කණ්ඩායම් පෙන්වා දෙනවා.
    නින්දෙන් මුත්‍රා කරනවා දුටුවොත් අනිවාර් යයෙන්ම ඔබට ඇදේම මුත්‍රා පිටවී තිබේ. එය බොහෝ දෙනෙක් අත්දැක ඇති පොදු සිහිනයකි. :D ඔබගේ සීයා , ආච්චී හෝ වෙනත් පුද්ගලයෙක්ගේ මිය යෑම ඔබට සිහිනෙන් පෙනිය හැක​. එම පුද්ගලයා මිය ගිය විට ඔබට වඩා විශාල ලෙස දිස්වූයේ නම් එම පුද්ගලයා නිසැකව හොද ආත්මයක් ලබා ඇත​. කුඩා ලෙස දිස්වී නම් නිසැකවම අයහපත් තැනක උපත ලබා ඇත​. එම පුද්ගලයා අසලට අපට ලංවීමට නොහැකි අතර​, එලෙස ලංවීමට සැරසෙන විට අප නින්දෙන් අවදිවේ. එම අවදිවන වේලාව , බොහෝ විට එම මැරුණ පුද්ගලයාගේ මිය ගිය වේලාවට සමානය​. මෙයත් බොහෝ දෙනෙක් දකින පොදු කාණ්ඩයේ සිහිනයකි.

    මීට අමතරව ගැරඩීන් වැනි සර්පයන් වෙලීසිටිනු දැකීම ආදර සබදතා ඇතිවන බවට ඉගියකි. දෙවියන් දැකීම වාසනාව ගෙන දෙන බන් පෙන්වයි. කලකට පෙර මිය ගිය ඥාතීන් පෙනීම, ඔවුන් පින් මදිවී අයහපත් තැනක උපත ලබා ඇති බව පෙන්නුම් කරයි. මේ වගේ දකින සිහිනය අනුව ඵලාපල පුරෝකතනය කළ හැකිය​.



    පොඩී ඇත්ත උදාහරනයක් කියන්නම්. මගේ යාළුවෙක්ගේ Affair එකක් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නැති වුනා. දෙන්නම කතාවෙලා තමයි වෙන්වෙන්න තීරණය කරලා තියෙන්නෙ. මෙකද මේ කෙල්ල ටිකක් මුරඬු වැඩියි කියලා කොල්ලා කිව්වා. මෙයාට ළගදි ඒ කෙල්ලව හීනෙන් පෙනිලා තිබුනා. ඒ කෙල්ල මෙයාගේ අම්මත් එක්ක කුස්සියට වෙලා උයාගෙන කෑම කනවා පෙනිලා. මේක දැකපු ගමන් මෙයාව ගැස්සිලා ඇහැරුණාලු. සාමාන්‍යයෙන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන කිසි අදහසකුත් නැතුව තියෙද්දි දකිනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කෙල්ල ආයෙත් හොයාගෙන එනවා . ඒක ගොඩක් අයට වෙන දෙයක්. හොදම දේ කියන්නේ මේ කෙල්ල මෙයාලගේ ගෙදර කලින් ඇවිල්ලත් නැහැලු. අම්මලා තාත්තලාව දැකලත් නැහැලු. බොහෝ විට අයේත් මේ දෙන්නා හොදකට හෝ නරකකට ආයෙත් එකතුවීමේ වැඩි ප්‍රවනතාවත් තිබෙනවා, :yes::yes:කලින් කෙල්ලව දැකපු අයත් ඕනි තරම් ඇති :D:D

    මේක 2014 දී ගෙවල් ළග මල්ලි කෙනෙක් දැකපු හීනයක්. මේක පැය 24ක් යන්න කලින් හැබැ වුන සිහිනයක්. එයා හීනෙන් දැකලා තිබුනා එයා යන ස්කූල් වෑන් එක ඇක්සිඩන්ට් වෙනවා. මෙයා මේ හීනේ එච්චර ගණන් අරගෙන නැහැ. මෙයා වෙනදා වගේම ලැස්තිවෙලා ඉස්කෝලේ යන්න​. මෙයා බයිසිකලෙන් ගිහින් ඒක මග තියන ගෙදරක දාලා තමා වෑන් එකට නගින්නේ. එදා උදේ මෙයා බයිසිකලෙන් ටවුමට යද්දි කලු බල්ලෙක් පාරට පැනලා . කෙලින්ම පැනලා තිබුනේ ඉස්සරහා රෝදෙටමයි. එහෙම බල්ලෙක් ඒ පැත්ත පලාතකවත් ඉදලත් නැහැ. කොන්ක්‍රීට් පාරක වැටුන නිසා මෙයාගේ අත පය හොදට හීරිලා තැලිලා තිබුනා. කොහොම හරි මෙයාට ස්කෝලේ යන ගමන එදා නැවතුනා. හොදමදේ තමයි එදා උදේ ස්කූල් වෑන් එක හැප්පිලා තිබුනා. :dull:

    සිහින ගැන තව මම හොයපු දේවල් ගොඩක් තියනවා. මම ඒවා වෙනන් ත්‍රෙඩ් එකකින් දාන්නම්. (අන් ධ , ගොලූ , බිහිරි අයට පේන්නෙ අපිට පේන හීනමද​? ඒ හීනවලත් සද්දය​, රූප තියනවද​? ඔයාලටත් මේ ගැන එකපාරටම හිතාගන්න අමාරුයි නේද​?

    දැන් ඉතින් දැකපු හීන කමෙන්ට් කරන්නකො. ඒවා සිදු වුනාද නැද්ද කියලත් කමෙන්ට් කරන්න​. සිදුවීමට ගිය කාලය (මාස​/ දින ගණනත්) කමෙන්ට් කරන්න​. මීයා කලීෆාව දැකපු ඇත්ත හීනයක් වුනත් කමක් නෑ බොරු ගොතන්නෙ නැතුව දාන්න​.:rofl:
    හැබැයි දැකපු නැති පට්ටපල් බොරු දාන්න එපා. යාළුවන්ට පෙනුනා කියලා දාන ඒවා ඇත්තටම යාළුවන්ට පෙනිලා කියපුවා නම්විතරක් දාන්න​. තමුන් දැකපු දෙයක් කියන්න ලැජ්ජ වෙන්න ඕනි නැහැනේ. ඒ නිසා ඇත්ත දෙයක් විතරක් කමෙන්ට් කරන්න​.



     
    Last edited:

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    gl57l8q8uar31.jpg
     
    • Haha
    Reactions: chamikan

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28



    පොඩී ඇත්ත උදාහරනයක් කියන්නම්. මගේ යාළුවෙක්ගේ Affair එකක් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නැති වුනා. දෙන්නම කතාවෙලා තමයි වෙන්වෙන්න තීරණය කරලා තියෙන්නෙ. මෙකද මේ කෙල්ල ටිකක් මුරඬු වැඩියි කියලා කොල්ලා කිව්වා. මෙයාට ළගදි ඒ කෙල්ලව හීනෙන් පෙනිලා තිබුනා. ඒ කෙල්ල මෙයාගේ අම්මත් එක්ක කුස්සියට වෙලා උයාගෙන කෑම කනවා පෙනිලා. මේක දැකපු ගමන් මෙයාව ගැස්සිලා ඇහැරුණාලු. සාමාන්‍යයෙන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන කිසි අදහසකුත් නැතුව තියෙද්දි දකිනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කෙල්ල ආයෙත් හොයාගෙන එනවා . ඒක ගොඩක් අයට වෙන දෙයක්. හොදම දේ කියන්නේ මේ කෙල්ල මෙයාලගේ ගෙදර කලින් ඇවිල්ලත් නැහැලු. අම්මලා තාත්තලාව දැකලත් නැහැලු. බොහෝ විට අයේත් මේ දෙන්නා හොදකට හෝ නරකකට ආයෙත් එකතුවීමේ වැඩි ප්‍රවනතාවත් තිබෙනවා, :yes::yes:කලින් කෙල්ලව දැකපු අයත් ඕනි තරම් ඇති :D:D



    ගෙවන්න කරුමයක් තියනව නම් ඒක කවදහරි ගෙවන්න වෙනවා. ඒක මොන සක්කරයටවත් නවත්තන්න බෑ.:D:D:D:D:D


    URL="https://i.redd.it/gl57l8q8uar31.jpg"]https://i.redd.it/gl57l8q8uar31.jpg[/URL]

    කියන්නත් ලැජ්ජයි. මේක ටික දවසකට කලිනුත් උනා.
     
    Last edited:
    • Like
    Reactions: CE2018

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මේක මම දවස් 2-3කට කලින් දැකපු හීනයක්

    වෙනදා වගේම වැඩට යන්න කොටුව ස්ටේෂන් එකෙන් මං බැස්සා. එහෙම මං වගේ බැහැපු සමහර මිනිස්සු ස්ට්‍රේෂන් එකෙන් එලියට නොයා නවත්තලා තිබ්බ වෙන ට්‍රේන් එකකට නැගිනවා මං දැක්කා. මමත් නිකමට වගේ ඒ ට්‍රේන් එකට ඔළුව දාලා බලද්දි දැක්කෙ ඒවා ඇතුලෙ සීට් අයින් කරලා මේස පුටු දාලා මිනිස්සුන්ට කන්න දෙනවා.


    තාම නම් මේ හීනෙ ඇත්තක් වත් බොරුවක්වත් වුනේ නෑ (කොරෝනාවලින් පස්සෙ තාම වැඩට ගියේ නෑ)
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mage yaluwek dekka Eya bodime uncle ta Wedi thiyawanawa mata dawasakata kalin call karala kiwa machan mara wade mama dakka ban mama uncleta wedi thiyenawa kokatath mama heta gedara ynawa wenada hangana thana Yathura thiyenawa Uba enawa nam ethanin ganin kiyala. meya bodimen gedara awa ita passe dawas dekakata passe uncleta Hart attack ekak Ewilla nethi una.

    Ape chuti nangi dakala thiyenawa kuluharakek Passen pannana Seen ekak Thama Mukuth wistarayak neee balamuu mokak weii da kiyala
     
    • Like
    Reactions: TWishwadeepa

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113


    :rofl:
    ඔය විදියට ඇඟ උඩ ඉන්නවා වගේ දකින්නේ නම් ගොඩක් වෙලාවට Sleep paralysis වලදී.
    හීන වල වැඩිදියුණු කළ සංස්කරණයක් වගේ :D
    ඔහොම පේන්නේ අපේ මතකයේ තියන අපි බය ම දේ වෙන්න ඕනේ.

    මට පේන්නේ මගේ ඉස්සරහින් සම්පූර්ණ කට්ට කළු මනුෂ්‍ය පෙනුමක් තියන කෙනෙක් ටික ටික මට ළංවෙනවා.
    ඒක සමහර දවස්වල පිරිමි පෙනුමක්. සමහර දවස්වල ගෑනු පෙනුමක්.
    ගෑනු පෙනුම තමයි ගති. කොණ්ඩේ උඩ පාවෙනවා... ටික ටික මට ළංවෙනවා...
    ඇඟට ඇතුල් වෙන තරමටම ළං වුනාම ඇඟ හිර වෙනවා වගේ අමුතු දේවල් ටිකක් වෙනවා... :baffled:

    ඒකට බය නැති කරගත්තම ඒකේ අමුතු ආතල් එකක් තියනවා. :yes:

    ඔය ඔක්කොම මතකයේ තියන දේවල් එළියට ඇවිත් වෙනස් වෙවී විකෘති වෙවී කරන විකාර... :D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉස්සර "හීන පාලනය" කරන්න පුළුවන් කාලයක් තිබුනා.
    ඒකෙදී හීනේ අතරමැද අකමැති දෙයක් වුනාම ආපස්සට ගිහින් වෙනස් කරන්න පවා පුළුවන් කම තිබුනා.
    සටන්, වික්‍රම වගේ දේවල් තමා ගොඩක් වෙලාවට...
    උමඟක රහස් මෙහෙයුමකදී පිස්තෝලයක් අරන් ගිහින් වෙඩිතියලා අනිත් අයට සද්දේ ඇහිලා වටකරලා පැරදුනාම
    ආපහු ඇවිත් පිහියක් හොයාගෙන ගිහින් සද්ද නැතිව වැඩේ දීලා දිනලත් තියනවා. :lol:

    ගොඩ දවසකින් ඒ විදියට පාලනය කරන්න පුළුවන් හීනයක් දැක්කේ නෑ. :(
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Ape chuti nangi dakala thiyenawa kuluharakek Passen pannana Seen ekak Thama Mukuth wistarayak neee balamuu mokak weii da kiyala

    ගැටවර වයසෙ කෙනෙක්ද? එ‌හෙම නම් ඇතිවෙන්න තිබෙන හෝ ඇතිවෙතැයි සිතන (තවම ඇතිවෙලා නැති) මිත්‍රත්වයක් (පෙම් සබඳතාවක් වෙන්නත් පුළුවන්) පිළිබඳව සිතේ තිබෙන අවිනිශ්චිතතාවය, භය පිළිබඳව තමයි ඔය සිහිනයෙන් කියවෙන්නෙ.

    ළඟදී සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගෙට ලියන්න ඉන්න කෙනෙක් නම් විභාගෙට පෙනී සිටින්න තියෙන බය නිසත් ඔවැනි හීන පෙනෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගැටවර වයසෙ කෙනෙක්ද? එ‌හෙම නම් ඇතිවෙන්න තිබෙන හෝ ඇතිවෙතැයි සිතන (තවම ඇතිවෙලා නැති) මිත්‍රත්වයක් (පෙම් සබඳතාවක් වෙන්නත් පුළුවන්) පිළිබඳව සිතේ තිබෙන අවිනිශ්චිතතාවය, භය පිළිබඳව තමයි ඔය සිහිනයෙන් කියවෙන්නෙ.

    ළඟදී සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගෙට ලියන්න ඉන්න කෙනෙක් නම් විභාගෙට පෙනී සිටින්න තියෙන බය නිසත් ඔවැනි හීන පෙනෙන්න පුළුවන්.
    :rolleyes: wow