දකුණු අධිවේගියෙ ටිකට් දෙන්නෙ මෙහෙමයි
ලබන 27 වනදාට විවෘත කිරීමට සැලසුම් කර තිබෙන දකුණු අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන වලට එදින සිට ස්ව්යංක්රීය ක්රමයකට ටිකට් පත් ලබාදීමට කටයුතු කර නැතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි පැවසුවේ මුල් කාලයේදී පිවිසුම් ගේට්ටු වලින් ඇතුළු කරන වාහන වලට අතින් ටිකට් පත් ලබාදීම කරන බවත් පසුකාලීනව එය ස්ව්යංක්රීය ක්රමයක් බවට පත්කරන බවයි.
“අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන වලට ටිකට් පත් දෙන්නෙ අතින්. වාහන මාර්ගයෙන් පිටවන ස්ථානයේදී මුදල් අයකිරීමට කටයුතු කරනවා.“ යනුවෙන් මෙහිදී පේමසිරි මහතා කීය.
අධිවේගී මාර්ග වලදී අතින් ටිකට් පත්දීමේ ක්රමයකදී මුදල් වංචා කිරීම් සිදුවිය හැකි බවටත් අදාළ ටිකට් පත් ලබාගැනීමට පිවිසුම් ගේට්ටුවල පෝලිම් ඇතිවිය හැකි බවටත් ආර්ථික විශ්ලේෂකයින් අනතුරු හඟවා තිබේ. මේ නිසා, මාර්ගයේ ගමන් කරන කාලය අඩුවුවත් එවැනි ප්රමාදයක් ඇතිවුවහොත් මගීන්ගේ වටිනා කාලය අපතේ යනු ඇතිබව ඔවුන්ගේ අදහසයි.
ස්ව්යංක්රීය ක්රමයක් භාවිතා නොකර අතින් ටිකට් පත් නිකුත් කරන ඉන්දියාවේ අධිවේගී මාර්ගවල ටිකට් පත් ලබාගැනීමට මෙවැනි තදබදයක් පවතින බව උදාහරණයක් ලෙස මොවුන් පෙන්වා දේ.