දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ලංකාවට පැමිණෙයි

දකුණු අප්‍රිකාණු උප ජනාධිපති සිරිල් රමෆෝසා මහතා අද(07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා මහතා විසින් ශ්‍රි ලංකාව සම්බන්ධ විශේෂ නියෝජිතයා ලෙස සිරිල් රමෆෝසා මහතා නම් කෙරුණි.

ඒ අනුව ඔහු දින දෙකක් මෙරට රැඳී සිටින අතර ශ්‍රි ලංකාව දැනට මුහුණදී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණ වෙයි.

ශ්‍රි ලංකා රජයේ නියෝජිත පිරිසක් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවුණි.

එහිදි දකුණු අප්‍රිකාවේ සත්‍යය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර තිබුණි.

මෙරට ගැටලු සඳහා දකුණු අප්‍රිකාවේ සහය ලබාගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින් අතර එළඹි එකඟතාවන්ට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.


අද‍දෙරන ‍
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සාමයට අත දෙන්න රමපෝෂා ඇවිත්

සාමයට අත දෙන්න රමපෝෂා ඇවිත්

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝෂා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ගොඩබැස තිබේ.

ඉරිදා දිනයේ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම මෙරට පුරවැසියන් හමුවී කතාබහ කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු ජනාධිපති ජකෝබ් ෂුමාගේ විශේෂ නියෝජිතයා ලෙස රමපෝෂා මහතා පත්කර තිබේ.

තමන් ශ්‍රී ලංකාවේ කුමක් කරන්නේද යන්න තීරණය කිරීමට ප්‍රථම ශ්‍රී ලාංකිකයින්ට ඇහුන්කන්දෙන බව ඔහු පවසා ඇත.


අද‍දෙරන
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රමපෝෂා‍ සංචාරකයෙක් නිසා ප්‍රශ්නයක් නෑ

රමපෝෂා‍ සංචාරකයෙක් නිසා ප්‍රශ්නයක් නෑ

සිරිල් රමපෝෂා දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන තම පක්ෂයට ගැටලුවක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇති ආකාරයට ඔහු දිවයිනට පැමිණ ඇත්තේ සංචාරකයෙකු ලෙස බැවින් තමන්ට ඔහුගේ පැමිණීම ප්‍රශ්නයක් නොවන බව හෙතෙම අද (07) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ද දකුණු අප්‍රිකානු උප ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු හමුවීම සඳහා සිදුවන්නක් බව ප්‍රකාශ කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

කෙසේ වුවද තම පක්ෂය විසින් රජයට ලබාදුන් යෝජනාවලියේ සිව්වැනි වගන්තියට අනූව මෙරට ගැටලු විසඳා ගැනීමට විදෙස් මැදිහත්වීමක් අනවශ්‍ය බවත් විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ සහය අනවශ්‍ය බව දක්වා ඇති බවත් හෙතෙම පැවසීය.

එම කාරණාවට විරුද්ධව යම් ආකාරයේ ක්‍රියාවලියක් මෙම සංචාරය තුළ සිදුවන්නේ නම් ඒ ගැන තම ස්ථාවරය දැනුම්දෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.


අද‍දෙරන

:lol::lol::lol:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මේ එක එක රටවල ඩයල් වලට හදිස්සියෙම අපේ ප්‍රශ්න වලට අතදාන්න එක කසානා එක නම් මාරයි නේද?
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අධිකරණය ගැන විශ්වාසයක් නෑ - විග්නේෂ්වරන්

අධිකරණය ගැන විශ්වාසයක් නෑ - විග්නේෂ්වරන් රමපෝෂාට කියලා

උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය විසින් ලබානොදෙන බව එම පළාත් සභාවේ මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා අද (08) යාපනයේදී දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා මහතාට පවසා තිබේ.

ඊයේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා රජයේ හා විපක්ෂයේ නියෝජිතයින් හමුවීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද හමුවීමෙන් අනතුරුව අද උතුරේ සංචාරයකට එක්විය.

එම සංචාර‍ෙය්දී උතුරේ මහඅමැතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී මහඇමතිවරයා පවසා ඇත්තේ උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය‍ නොදෙන බවයි.

රජය බලතල නොදෙන්නේ නම් හිටපු විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා නීති මගින් කටයුතු කළ හැකි බව රමපෝෂා මහතා එහිදී මහඇමතිවරයාට පවසා ඇත.

එහිදී විග්නේෂ්වරන් මහඇමතිවරයා කියා ඇත්තේ තමන් සේවය කරන කාලයේ තිබූ අධිකරණ ක්‍රියාවලියක් දැන් නැති බවය.

18 වැනි සංශෝධනය මගින් අගවිනිසුරුවරයා පත්කර ඇත්තේ ජනාධිපතිවරයා බවත් අධිකරණ ක්‍රියාවලිය ගැන පැහැදීමක් නැති බවත් මහඇමතිවරයා පවසා තිබේ.

එසේම උතුරු පළාතේ හමුදාව ව්‍යාප්ත කර තිබීම නිසා එය දෙමළ ජනතාවගේ දෛනික කටයුතුවලට ද බාධාවක් වී ඇති බව මහඇමතිවරයා වැඩිදුරටත් කියා ඇත.

එම සාකච්ඡාව සඳහා උතුරු පළාත් සභාවේ නියෝජිතයින් ද සහභාගි වී තිබේ.


උපුටා ගැනීම adaderana