අනේමන්දා ඉතින් ...
අනේමන්දා ඉතින් ...
ඕක නිකම් අපි තමයි මුඩුක්කුවේ හොදම ජීවන තත්ත්වයක් තියෙන අය කියලා කියනවා වගේ වැඩක්.
ඉන්දියව,බන්ගලඩෙශ්,පාකිස්තනයට ඔය දර්ශකවලින් අපේ මට්ටමට එන්න බෑ එයාලගෙ ජනග්රහනයත් එක්ක(ඉන්දියාව දැනටමත් ලොකේ 5වෙනි ලොකුම අර්ර්තිකය තියෙන රට .එත් ලොකු ජනග්‍රහනය නිසා හමෝටම හොද ජීවන තත්ත්වයක් ලැබෙන්නේ නෑ. )
උඹ කියන එකේ අනික් පැත්ත මචන් වෙන්නේ. ජනගහනය වැඩි වෙනකොට මුළු ආර්ථිකය ඉබේම වැඩි වෙනවා. ජනගහනයට සාපේක්ෂව දර්ශක හොඳයි නම් තමයි දියුණු සුපිරි රටක් වෙන්නේ. ඇමරිකාවේ ජනගහනයත් වැඩියි දර්ශකත් හොඳයි. ලොකුම ආර්ථිකයක් තියෙන රට කියන එක ජිවන තත්වය මනින්න තේරුමක් නැති දේයක් බන්. ජනගහනයට සාපේක්ෂව තමයි බලන්න ඕන. ජනගහනය වැඩි රටවල ආර්ථිකය වැඩියි කොහොමත්. ඔවු ඉන්දියාව ලෝකේ ආර්ථිකය ලෝකේ 5 වෙනියට. ඉතින් ඕක sweden, singapore, australia, italy, canada, ......... වගේ රටවල් ගොඩකට වැඩිය වැඩියි. හැබැයි එකෙන් කියවෙනවද අර රටවලට වැඩිය ඉන්දියාව දියුණුයි, ඉන්දියාවේ උන්ට ඊට වැඩිය හොඳ ජිවන මට්ටමක් තියෙනවා කියල?
උදාහරණයක් දෙන්නන්. අප්‍රිකාවේ රටවල් ඔක්කොම අද රෑ එකතු වෙලා තනි රටක් හැදුවොත් උනුත් ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන රටවල් වලින් එකක් වෙනවා. හැබැයි උන්ගේ ජිවන තත්වය දශමෙන් හරි වෙනසක් වෙනවද?
ඔව්.
මම අදහස් කලේ අර වගේ ලොකු ජනග්‍රහනයක් තියෙන රටවල් එක්ක අපි සන්සන්දනය කරන එකෙ කිසිම තේරුමක් නෑ කියන එක.
අඩු ජන්ග්රහනය , නිදහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍ය නිසා අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය අනෙක් තුන්වෙනි ලොකේ රටවලට වඩා හොදයි.
එත් අපේ ටාර්ගට් එක හොදම තුන්වෙනි ලොකේ රට වෙන එකනම් ඒක තේරුමක් නෑ.
අපි දකුනු ආසියාවේ හොදම රට වුනාට බටහිර යුරෝපිය රටවල සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන මටමෙන් 10න් එකක්වත් අපෙ රටේ සාමාඅන්ය මිනිසෙක්ට නෑ.
ඉතින් අපි තමයි දකුනු ආසියාවේ හොදම රට කියන එක අපි අපිවම රවට්ට්වා ගැනීමක් විතරයි.
අපේ ජනග්‍රහනය පාලනය කරගෙන අපිට තියෙන සම්පත් හරියට මැනෙජ් කරන්වා නම් අපිට මීට වඩා සැහෙන ඉස්සරහට යන්න පුලුවන්.